යුක්රේනයේ උග්‍ර අර්බුදය සමථයකට පත් කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං විසින් ඉදිරිපත් කරන ලද කරුණු 12ක් අඩංගු නව සැළැස්ම පිළිබඳව සලකා බලන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් චීන ජනාධිපතිගේ මොස්කව් සංචාරයේදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඊයේ (20) දිනයේදී මොස්කව් වෙත ගෙඩබසින ලද චීන ජනාධිපතිවරයා ඉතා උණුසුම්ව පිළිගනු ලැබූ අතර සිය ආදරණීය මිතුරාගේ සැළැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමට තමා සූදානම් බව මෙහිදී පුටින් ප්‍රකාශ කර තිබේ. මීට ප්‍රතිචාර වශයෙන් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ පුටින්ගේ ශක්තිමත් නායකත්වය යටතේ රුසියාව එහි සමෘද්ධිමත් සංවර්ධනයේ විශාල ප්‍රගතියක් ලබා ඇති බවයි.
මේ වන විට දෙරට අතර පවත්න තාක්ෂණික හා වෙළඳ ගනුදෙනු මිලීටරි සහයෝගයක් දක්වා වෙනස් වනු ඇති බවට යුක්රේනය බිය පලකර තිබේ. මේ සම්බන්ධයෙන් යුක්රේනයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ඔලෙක්සි ඩැනිලොව් ප්‍රකාශ කර තිබුණේ රුසියාවට විවෘතව ආයුධ සැපයීමට චීනය පියවර ගන්නේ නම්, එය ආක්‍රමණිකයාගේ පැත්තේ සිට ගැටුමට සහභාගී වීමක් ලෙස යුක්රේනය සලකන බවයි.
මේ වන විට ඉරානය සහ සෞදි අරාබිය අතර ජයග්‍රාහී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වෙනුවෙන් මැදිහත් වී සාර්ථක වී ඇති චීනය මේ වන විට රුසියාව හා යුක්රේන ගැටුමට මැදිහත්වීමේ අවස්ථාව ගවේෂණය කරමින් සිටින බව විශ්ලේෂකයෝ පවසති. කෙසේ නමුත්, යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියාව හුදකලා කිරීමට බටහිර නායකයින් පසුගිය පෙබරවාරි මාසයේ සිට උත්සාහ කරමින් සිටි අතර චීනය, ඉන්දියාව සහ අප්‍රිකානු රටවල් කිහිපයක් පුටින් හෙළා දැකීමට අකමැති වීම හේතුවෙන් ගෝලීය සම්මුතියක් ඇති කර ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබේ.
සශිකලා මධුෂාණී_
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.