කාච ඇස

ගතවූ සතිය කාච ඇසින් (ජනවාරි 8-14)

තක්කඩියාගේ පිළිතුරු දීම

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, පළමු ලොක්ඩවුන් සමයේදී බ්‍රිතාන්‍ය  අගමැති කාර්යාලයේ මත්පැන් සාදයක් පැවැත්වූ බව තහවුරු විය. මේ, ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් දැඩි හරස් ප්‍රශ්න ඇසීමට ලක් කළ ආකාරයයි. තමන් ඒ ගැන ‘හදවතින්ම කණගාටු වන බව’ පැවසීම විනා එයට වඩා දෙයක් මේ ප්‍රශ්නයේදී ඔහු කරන්නේ නැත. එය තක්කඩියන්ගේ ලක්ෂණයකි. ‘තමන්ගේ බෝතලය තමන්ම ගෙන එන්න’ යැයි කලින් කියා තිබු මෙම සාදය, ‘වැඩකරන ගමන් මධුවිත පානය කරන අවස්ථාවක්’ යැයි විශ්වාස කළ බව ද ඔහු කීවේය. (JESSICA TAYLOR / UK PARLIAMENT)

වැඩිවියට සාදරයෙන්!

DAMON COULTER / GETTY IMAGES

ජපන් ජාතිකයන්ට අවුරුදු 20 විශේෂ ය. එදින Seijin no Hi නමින් හඳුන්වන අතර, එය ජාතික නිවාඩු දිනයක් ද වේ. මේ, ජපානයේ තෝකියෝ නුවර සෙන්සො-ජි පන්සලේ පැවති එම සැමරුම් උත්සවයට සම්ප්‍රදායික කිමෝනාවන් හැඳගෙන සහභාගි වී සිටි යුවතියන් දෙදෙනෙකි. ඔවුන් වැඩිහිටි ලෝකයට සාදරයෙන් පිළිගැනීම මෙමගින් සංකේතවත් වේ.

නොවැක්ගේ පුහුණු වීම

JAMES ROSS / EPA

අද (ඉරිදා) දිනයේදී නඩු විභාගයට මුහුණ දෙන ටෙනිස් ‌ලෝක ශූර නොවැක්, පසුගිය බදාදා දිනයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් පාක් හිදී පුහුණුවීම් කරමින් සිටියේ මෙසේ ය. මෙම සර්බියානු ක්‍රීඩා ශූරයා ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලියට සහභාගි වීමට පැමිණ සිටියේ එන්නත් විද ගැනීමකින් තොරව, වීසා අයදුම්පතේ ද සාවද්‍ය තොරතුරු සඳහන් කරමිනි.

කෝවිඩ් ස්මරණ පවුර අබියස

VICTORIA JONES / PA MEDIA

මේ, ලන්ඩනයේ පිහිටුවා තිබෙන කෝවිඩ් ජාතික ස්මරණ පවුර ඉදිරියේ, වසංගතය විසින් සොරකම් කළ සිය ප්‍රියයා වෙනුවෙන් සටහනක් තබන අයෙකි. ගතවූ දින 28 තුළ මරණ 150,000 කට වඩා වාර්තා කරමින් එක්සත් රාජධානිය මේ වන විට වසංගතයේ දරුණුම අවධිය පසු කරමින් සිටියි. ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව, මෙක්සිකෝව සහ පෙරු රාජ්‍යයට පසු මරණ 150,000 පසු කළ රට ලෙස මේ වන විට එක්සත් රාජධානිය 7 වන ස්ථානයට පත් ව තිබේ.

චීන මහා ප්‍රාකාරයේ හීන් හිම පලස

GREG BAKER / AFP

මේ, චීන මහා ප්‍රාකාරයේ ජියැන්කු ආශ්‍රිත කොටස, හිම තුහිනයෙන් වැසී ගොස් තිබුණු ආකාරයයි.

BBC ස්මාරකයට මිටි පහර!

IAN WEST / PA MEDIA

එරික් ගිල් විසින් 1933 වසරේදී අඹන ලද මෙම Prospero and Ariel ප්‍රතිමාවට මේ සතියේ නාඳුනන මිනිසෙකුගේ මිටි පහර එල්ල විය. මෙය පිහිටා තිබෙන්නේ සෙන්ට්‍රල් ලන්ඩනයේ BBC පුවත් සේවයට අයත් බ්‍රෝඩ්කාස්ටිං හවුස් හි ය. හානිය කළ තැනැත්තා මෙතැනින් ඉවත් කිරීමට පොලිසියට පැය කිහිපයක් ගත විය.

සික් බැතිමතුන්ගේ රන් පල්ලිය

NARINDER NANU / AFP

මේ, ඉන්දියාවේ අම්රිත්සාර් හි පිහිටා තිබෙන ‘රන් පල්ලිය’ ඉදිරිපිට මේ සතියේදී සික් බැතිමතුන් සිය පුද පූජා පැවැත්වූ ආකාරයයි.

මඩ කාගෙන ජීවිත රකින්නෝ

DOUGLAS MAGNO / AFP

බ්‍රසීලයේ මිනනාස් ගෙරායිස් පළාතට මේ සතියේ ධාරාණිපාත වැසි ඇද හැළුණේ අවම වශයෙන් 15 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත් කරමින් සහ 28,000 දෙනෙකුට අධික පිරිසක් සිය නිවෙස්වලින් අවතැන් කරමිනි. මේ, ගළවා ගැනීමේ මෙහෙයුම්වලට එක් වී සිටි ගිනි නිවන හමුදාවේ භටයෙකි. ගින්න වුවත් – වර්ෂාව වුවත් ඔවුන්ගේ කැපවීම සම කළ නොහැක.

අයිස් කඳු නගින්නෝ

KEREM YUCEL / AFP

ඇමරිකා එක්සත් ජනපදයේ සෑන්ඩ්ස්ටෝන් හි රොබින්සන් උද්‍යානයේදී Sandstone Ice Climbing Festival පැවැත්විණි. මේ, තට්ටු පිට තට්ටු අයිස් බැඳුණු මහා ගල් පර්වත තරණයේ යෙදී සිටින කඳු නගින්නෙකි.

ජීවිත මීදුම දෑස වසනවා

KEREM YUCEL / AFP

පාකිස්ථානයේ ලාහෝර් නුවර දැඩි මීදුම් මධ්‍යයේ රේල් පාර පැනීමට බලා සිටින බැලුම් වෙළෙන්දෙක්.

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

9 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

13 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

16 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

18 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

18 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago