කාලීන

විල් ස්මිත් පව්! – වසර 10කට ඔස්කාර් තහනම්

සිය ක්‍රියාවේ බැරෑරුම් කම තේරුම් ගැනීමෙන් පසුව විල් ස්මිත් ඔස්කාර් ඇකඩමියේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය. නමුත් ප්‍රශ්නය දුර දිග ඇදී ගියේය. අනතුරුව ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් ද පැවැත්විණි. විනය පරීක්ෂණයට පෙර ඔහු කියා සිටියේ තමන් එහි ඔ්නෑම ප්‍රතිඵලයක් භාරගැනීමට සූදානම් බවයි. ඒ වන විටත් විල් ස්මිත් කම්මුල් පහර වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබිණි. තමන්ගේ ක්‍රියාවන් ”කම්පනය ඇති කරවනසුලු’ සහ ”සමාව දිය නොහැකි ඒවා” බව ද කියා තිබිණි. නමුත් ශිෂ්ට සම්පන්න රටකට එය නොසෑහේ. ලංකාව වැනි ගෝත්‍රික රටකට නම් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමක් පමණක් ප්‍රමාණවත් විය හැක්කේ, ඒ අවමයවත් වැරදි කරන බොහෝ අය නොකරන නිසා ය. නමුත් ඇමරිකාව, ලංකාව වගෙ නොවේ.

විල් ස්මිත් තමන්ට ‘නුසුදුසු විහිළුවක්’ කළ බව කියමින් කම්මුල් පහර එල්ල කළේ හාස්‍ය ශිල්පියෙකු ද වන ක්‍රිස් රොක් හට ය. ප්‍රසිද්ධ ඔස්කාර් සම්මාන වේදිකාවේදී ය. පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ කම්මුල් පහරේ සිද්ධියෙන් පසුව විල් ස්මිත්, හොදම නළුවාට හිමි ඔස්කාර් සම්මානය පිළිගත් ආකාරයයි. Pic: AP Photo/Chris Pizzello

ඔස්කාර් හෙවත් Academy of Motion Picture Arts and Sciences හි සභාපති ලෙස කටයුතු කරන ඩේවිඩ් රබින් සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ඩෝන් හඩ්සන් පසුව මෙසේ කීහ. ”94 වැනි ඔස්කාර් සම්මාන උළෙල අපේ ප්‍රජාවේ බොහෝ දෙනෙකුට උත්සවයක් වන්නට තිබුණා.. කොහොම නමුත් ස්මිත් මහතා වේදිකාව මත පළ කළ පිළිගත නොහැකි සහ හානිකර හැසිරීම් නිසා ඒ මොහොත අපට අහිමි වුණා..”

ඒ අනුව අප්‍රේල් 8 වැනිදා පටන් වසර 10කට විල් ස්මිත් ට කිසිදු ඔස්කාර් උළෙලකට සහභාගි වීම තහනම් ය. මෙයට ඔස්කාර් උළෙල පමණක් නොව ඒ ආශ්‍රිතව පැවැත්වෙන වැඩසටහන් ද අයත් ය. වර්චුවල් මාර්ගයෙන් පවා ඔහුට ඒවාට සහභාගි වීමට නොහැකි වේ. ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උළෙල ද මෙයට අයත් වනු ඇති.

”උඹේ ඔය *** කටෙන් මගෙ ගෑණිගෙ නම කියන්න එපා!”

ප්‍රහසන ශිල්පියෙකු වන, නිවේදන කටයුතු භාරව සිටි ක්‍රිස් රොක් විල් ස්මිත් කුපිත වන්නට තරම් කළ විහිළුව කුමක්ද? විල් ස්මිත්ගේ බිරිඳ වන හොලිවුඩ් නිළියක් ද වන ජෙඩා පින්කට් ස්මිත් (Jada Pinkett Smith) ගේ අධික විය පැහැදම් ගැන ය. ඒ ගැන ඇසූ ගමන් විල් ස්මිත් ට යක්ෂයා ආවේශ විය. අතුල් පහරෙන් පසුව සිය අසුන වෙත යන විල් ස්මිත් අනතුරුව දෙවරක් මෙසේ ද කෑ ගසයි.

”Keep my wife’s name out of your f****** mouth.”

”උඹේ ඔය *** කටෙන් මගෙ ගෑණිගෙ නම කියන්න එපා!”

භාර්යාවන් ගැන සැමියන් සමග විහිළු කිරීම පිරිමි කමට මදිකමක් වූයේ පසුගිය ශතවර්ෂයේ ය. කොතරම් දක්ෂ ප්‍රතිභාපූර්ණ නළුවෙකු වුවත් විල් ස්මිත් මෙතැනදී පසුගිය ශතවර්ෂයේ ජීවත් වන ටිපිකල් පිරිමියෙක් බවට පත් වෙයි. ”ගෑනි මගෙ ය. මම පිරිමියා ය. මගෙ ගෑනි ගැන අහන්න නුඹ කවුද..?!!” ස්ත්‍රිය තමන්ගේ දේපළක් ය යන දුර්මතය මේ ලෝක‌යේ නොතිබිණි නම් විල් ස්මිත් මීට වඩා දියුණු පිරිමියෙකු බවට පත් විය හැකිව තිබිණි.

අනෙක් අතට, විල් ස්මිත් ලංකාවේ දේශපාලකයෙක් වූවා නම් ඔහු වේදිකාව මත මිනී මරන තරම් සැහැසි ලෙස හැසිරෙනු ඇත. ” කවුද යකෝ මගෙ ගෑනිගෙ නමට ඇමරිකාවෙ තියෙන දේපොළ ගැන අහන්නෙ..? ගෑනිත් මගෙ දේපළත් මගෙ” යැයි කියමින් ඔහු සිංහනාද කරනු ඇත. ඒ අතින් ලංකාවේ දේශපාලනය කරන පිරිමි පාර්ශවයට මේ මොහොතේ තිබෙන තක්කඩි ඉවසීමවත් විල් ස්මිත් ට නැත.

විල් ස්මිත් අපේ කාලයේ බිහිවූ අති දක්ෂ රංගන ශිල්පියෙකි. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැත. හොලිවුඩයේ ‘කිං රිචඩ්’ ඔහු ය. නමුත් දැන්, ඔහු මදක් නතර වී, නැවත පටන් ගත යුතුව තිබේ. හොලිවුඩයේ රිචඩ් රජ්ජුරුවන්ගේ හැසිරීම තුළින් පිළිබිඹු වන්නේ ටිපිකල් පිරිමි හැසිරීමකි. කෝපය, ආවේගය පාලනය කර ගත යුතු අවස්ථා තිබේ. ඒවා එනයින්ම ප්‍රදර්ශනය කළ හැකි ස්ථාන මෙන්ම කළ නොහැකි ස්ථාන ද තිබේ. නමුත් කෝපය සහ ආවේගය ප්‍රදර්ශනය කිරීම ම මේ ලෝකයේ තවමත් පිරිමි කමේ ලක්ෂණයකි. එය ලෝක ඉතිහාසයේ වසර දහස් ගණනක් තිස්සේ සිදු කෙරෙමින් පවතින, පිරිමි කම වැරදියට කියවීමකි.

ඒ අනුව මෙය විල් ස්මිත්ගේ පමණක් වරදක් ද නොවේ. එනිසා විල් ස්මිත් පව්!

ඡායාරූපය – AP Photo/Chris Pizzello

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

6 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

7 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

7 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

8 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

23 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago