කලාපයේ සහ ලෝකයේ සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය වෙනුවෙන් එකට වැඩ කිරීමට බීජිං සූදානම් බව චීන ජනාධිපති ෂී ජින්පින් විසින් උතුරු කොරියා ජනාධිපති කිම් ජොන් උන්ට පවසා ඇති බව නිල කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) පවසයි.
උතුරු කොරියාව මෑත සතිවල වාර්තාගත මිසයිල දියත් කිරීම් සිදු කළ අතර න්‍යෂ්ටික මිලයිල අත්හදා බැලීමකට ඔවුන් යනු ඇතැයි බොහෝ දෙනා සැක මතුකර තිබේ.
මේ වන විට උතුරු කොරියාවේ ක්‍රියා කලාපය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විවෘත රැස්වීමක් කැඳවා ඇති අතර, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ඉන්දියාව රටවල් 14ක් අතර ප්‍යොංයැන්ග්ගේ ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දැක ඇත.
පසුලියදා බාලි හි G20 සමුලුවක් අතරතුරදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හමුවූ අතර, ඔහු ෂි ජින්පින් වෙත ප්‍රකාශ කර තිබුණේ උතුරු කොරියා මිසයිල අත්හහදා බැලීම් කලාපීය ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන හෙයින් උතුරු කොරියාවේ වැදගත්ම මිත්‍රයා සහ ආර්ථික ප්‍රතිලාභියා වන චීනය උතුරු කොරියාව පාලනය කිරීමට තම බලපෑම භාවිතා කිරීමට අවශ්‍ය බවයි.
ප්‍යොංයැන්ග් දැනටමත් එහි න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්බාධක කිහිපයක් යටතේ පවතින අතර, දරිද්‍රතාවයෙන් පෙළෙන රටේ ද්විපාර්ශ්වික වෙළඳාමෙන් සියයට 90කට වඩා වැඩි ප්‍රමාණයක් චීනය සතුය. එබැවින් උතුරු කොරියාව චීනයට අවනත වීමට ඇති ඉඩ වැඩිය.
සශිකලා මධුෂාණී_
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…