ලොව යන අත

යාසිඩි සංහාරයේ ISIL සාමාජිකයන්ට දාව උපන් දරුවන් බාර නොගැනීමට යාසිඩිවරුන්ගෙන් තීරණයක්

ISIL හෙවත් ISIS විසින් 2014 වසරේ සිදු කළ යාසිඩි ජන සංහාරයේදී ත්‍රස්තවාදී සාමාජිකයන් විසින් දූෂණයට ලක් වූ කාන්තාවන්ට උපන් දරුවන් තම ප්‍රජාව විසින් භාර නොගන්නා බවට ඊයේ යාසිඩි අගමික නායකයන් විසින් ප්‍රකාශයක් සිදු කරන ලදී,

පසු ගිය සෙනසුරාදා යාසිඩි උත්තරීතර අධ්‍යාත්මික කමිටුව මගින් මෙම ප්‍රකාශය නිකුත් කරන ලදී. එමගින් කියා සිටින්නේ මින් පෙර සිදු කරන ලද ප්‍රකාශනයේදී මෙම ප්‍රහාරයේ ”සියළු ප්‍රවර්ථකයෝ” (“all survivors” ) යන වචන භාවිත කළද තමන් විසින් පිළිගන්නට සූදානම් දෙමවුපියන් දෙදෙනාම යාසිඩි ප්‍රජාවට අයත්වන්නේනම් පමණක් බවයි. එමෙන්ම ISIL ත්‍රස්තවාදීන් ගේ ගොදුරු බවට පත් වූ යාසිඩි කාන්තාවන්ට උපන් දරුවන් තමන්ගේ ප්‍රජාවට අයත් නොවන බවත් ඔවුන් ප්‍රකාශ කරයි.

උතුරු ඉරාකයට අයත් ජන කොටසක් වන යාසිදිසි ප්‍රජාව වෙත ISIS ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාර එල්ල කරමින් විශාල ජන ඝාතන රැසක් සිදු කරන ලදී. එය ලොව විශාලතම කාන්තා දූෂණය ලෙසද හදුන්වන්නට පසු කාලීනව මානව හිමිකම් සංවිධාන පෙළඹුනේ දරුවන් සහ කාන්තාවන් 5000කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ ස්වාමියන් මර දමා කාන්තාවන් ලිංගික වහල් සේවයට යොදා ගැනීම හේතුවෙනි.

මේ වන විටත් යාසිඩි ප්‍රජාව වෙත පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින 500000 පමණ වන පිරිස අතරේ දෙමවු පියන් දෙදෙනාම යාසිඩි ප්‍රජාවට අයත්නම් පමණක් ඔවුන්ට සිය ප්‍රජාව සමග ඉදිරියේදී ජීවත් වීමට අවසර ලැබෙනු ඇති බව යාසිඩි උත්තරීතර ආධ්‍යාත්මික කවුන්සිලය පවසයි. එමෙන්ම සිය නිකායෙන් බාහිරව විවාහයන් කර ගන්නා ලද යාසිඩි කාන්තාවන්ට හා දරුවන්ටද නැවතත් ප්‍රජාව තුළට පැමිණීමට නොහැකි වනු ඇත.

2015 වසරේ එනම් ISIS ත්‍රස්තවාදීන් ගේ යාසිඩි ජනසංහාරයෙන් පසු වසරේ යාසිඩි අධ්‍යාත්මික නායක බාබා ෂෙයික් විසින් අපයෝජනයට පත් සහ ලිංගික වහල් සේවයට යොදා ගත් සියලු කාන්තාවන්ට නැවත පැමිණි ය හැකි යැයි තීරණයක් ලබා දුන්නේය.

මේ සම්බන්ධව රාජ්‍ය නිළධාරින් ප්‍රකාශ කර සිටින්නේ කාන්තාවන් සියල්ලන්ට තම දරුවන්ද කැටුව නැවත පැමිණිය හැකි වුවත් ISIS ත්‍රස්තවාදීන්ට දාව උපන් දරුවන් පිළිගැනීමට ඥාතීන් අකමැතිනම් ඊට බල කර සිටිය නොහැකි බවයි.

මේ සම්බන්ධ කටාරයේ සහ ඉරාකයේ පර්යේෂක කණ්ඩායමේ මෙහෙයුම් නිළධාරිනී බෙල්කීස් විලේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දක්වා සිටියේ.

” යාසිඩි ප්‍රජාව පිළිබදව තමන් ලැජ්ජාවට පත් වන බවයි..”
ඔහු පවසන්නේ යාසිඩි කාන්තාවන් ISIS සටන්කාමීන් විසින් පැහැර ගත් පසු විශාල ලෙස පීඩාවට මෙන්ම වේදනාවට ලක් වූ බවත් තමන් නැවතත් පෙරළා තම ඥාතීන් වෙත එන්නට පෙර දරුවන්ව අනාථ නිවාස තුළ රදවා ඒමට සිදුවීම ඊටත් වඩා වේදනාවක් බවයි.
ISIS සටන්කාමීන් විසින් පැහැරගත් බහුතරයක් යාසිඩි කාන්තාවන් මේ වන විට බේරී පලා එමින් සිටින අතර විශාල පිරිසක් ISIS විසින් සිය රාජ්‍ය පෙස සළකන සිරියාව වෙත පළා ගොස් ඇත.

ගණන් බලා ඇති පරිදි යාසිඩි ජනතාව 3000ක් පමණ මේ වන විට අතුරුදහන්ව ඇත.

ඉරාකය තුළ අලුත ඉපදෙන දරුවන්ට හිමිවන්නේ සිය පියාගේ පරම්පරාව සහ ආගම වන අතර සුන්නි මුස්ලිම් පියකුට දාව උපන් දරුවා පැහැදිලි ලෙසම සුන්නි මුසල්මානුවෙක් වීම අනිවාර්ය වේ.

ISIS සටන්කාමීන්ට දාව උපන් දරුවන් අතරේ මේ වනවිට මිය ගොස් ඇති හෝ අතුරුදහන්ව ඇති සටන්කාමීන්ගේ දරුවන් ට මෙහිදී වැඩි අවධානමක් පවතී. ඒ සිය පියා පිළිබද ඉදිරිපත් කරන්නට සාක්ෂි ඔවුන්ට නොමැති වීම හේතුවෙනි.

මෙම මස මුලදී ඉරාකයේ ජනපති බර්හාම් සාලිහ් විසින් ISIS අපරාධයන්ට ලක්වූ යාසිඩි කාන්තාවන් ගේ සමාජතත්ත්වය සම්බන්ධව තීරණයක් ගැනීම සදහා අධිකරණයක් පිහිටුවීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට යොජනාවක් ඉදිරිපත් කරන ලදී.

Share

Recent Posts

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

18 mins ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

27 mins ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

3 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

5 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

23 hours ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

1 day ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

1 day ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

2 days ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

2 days ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

2 days ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

2 days ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

2 days ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

3 days ago