ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය අමතා සිදු කරන වාර්ෂික දේශනයට සහභාගිවෙමිනි.
සමස්ත ලෝකයේම විරෝධය එල්ලවෙමින් තිබියදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කළ බවත්, එම ආක්‍රමණය හමුවේ බටහිර රටවල් විසින් සම්බාධක පනවමින් රුසියාවට දැක්වූ ප්‍රතිචාරය රුසියානු ජනාධිපතිවරයා විසින් අවතක්සේරු කර ඇති බවත් බයිඩ්න් වැඩිදුරටත් පවසනවා.
බටහිර රටවල් අවතක්සේරු කිරීමේ ප්‍රතිඵල ඉදිරියේදී පුටින් ජනාධිපතිවරයාට අත්විඳීමට සිදුවනු ඇති බවයි බයිඩ්න් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
සම්බාධක හමුවේ මේ වනවිට රුසියානු ආර්ථිකය දැවැන්ත ලෙස කඩා වැටෙමින් පවතින බව පෙන්වා දෙන ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ එය ඉදිරියේදී තවදුරටත් කඩාවැටෙනු ඇති බවයි.
රුසියානු නායකයාගේ ඒකාධිපති තීරණ හේතුවෙන් සමස්ත රුසියානු ජනතාවටම දුෂ්කරතා විඳීමට සිදුව ඇති බවද ඔහු පවසනවා.
රුසියානු ගුවන් යානා සඳහා ඇමරිකානු ගුවන් කලාපය තහනම් කිරීම ජෝ බයිඩ්න් මෙහිදී නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
මේ වනවිටත් ලොවපුරා රටවල් රැසක් සිය ගුවන් කලාප රුසියානු ගුවන් යානා සඳහා අත්හිටුවා ඇති අතර මේ නිසා රුසියාවට අයත් ගුවන් සමාගම් රැසක් අර්බුදයට ගොස් තිබෙනවා.
මේ අතර ඇමරිකානු බෝයිං සමාගම අද නිවේදනය කළේ රුසියාව සමග සියලු සබඳතා අත්හිටුවන බවයි. ඒ අනුව නඩත්තු කටයුතු සහ තාක්ෂණික සහාය සැපයීමෙන් වැළකී සිටීමට ඔවුන් තීරණය කර තිබේ.
රුසියාව මේ වනවිට දැඩි ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින අතර මේ නිසා රුසියානුවෙකුට රටින් පිටතට ගෙන යා හැකි මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 10,000 ක් දක්වා සීමා කර තිබෙනවා.
අර්බුදය යම් පමණකින් හෝ සමනය කර ගැනීමේ අරමුණින් මෙම සීමා පැනවීම අද සිට ක්‍රියාත්මක වේ.
UN for LNW
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…