ඉන්දුනීසියාවේ මාකසාර්හි කතෝලික පල්ලි අසලදි සිදු කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට පොලිසිය පවසයි.පාස්කු පළමු ඉරිදා මෙසේ පල්ලියට ඇතුළු වීමට ප්‍රහාරකයින් දෙදෙනෙකු උත්සාහ කිරීමත් සමඟ පිපිරීමක් සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.පිපුරුමෙන් විනාශ වූ යතුරුපැදියක් සහ ශරීර කොටස් එම ස්ථානයේ තිබී සොයා ගත් අතර පොලීසිය පැවසුවේ ප්‍රහාරකයින් දෙදෙනා මියගොස් ඇති බවයි.සටන්කාමී ඉස්ලාම්වාදීන් මිට පෙරත් කතොලික පල්ලිවලට පහර දී ඇති නමුත් මෙම බෝම්බ ප්‍රහාරය පිටුපස එවැනි කණ්ඩායමක් සිටින බවට මෙතෙක් තහවුරු වි නොමැත.ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මෙම ප්‍රහාරය “ත්‍රස්ත ක්‍රියාවක්” ලෙස හෙළා දුටු අතර වගකිවයුත්තන් පිළිබඳව විමර්ශනය කරන ලෙස පොලිස් ප්‍රධානියාට නියෝග කර තිබේ.පූජනීය ස්ථානවල ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස ආගමික කටයුතු අමාත්‍ය යාකුත් චොලිල් කෞමාස් පොලිසියෙන් ඉල්ලා සිටි.ප්‍රහාරකයා යතුරුපැදියෙන් පැමිණ පල්ලියට ඇතුළු වීමට උත්සාහ ගෙන තිබේ.පොලීසිය පැවසුවේ, දෙව්මැදුරට ඇතුළු වීම වැළැක්වූ පල්ලියේ කාර්යය මණ්ඩල හා සේවය කල නිලධාරින් ඇතුළු 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. (බි බි සි වෙතින්)
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…