ඉන්දියාව හා චීනය අතර මතභේදයට තුඩු දී ඇති දේශ සීමා කලාපයේ එක්සත් ජනපදය ඉන්දියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සහභාගී වීමට සූදානම් බව වාර්තා වේ. Auli යනු ඉන්දියාව සහ චීනය අතර මතභේදයට තුඩු දී ඇති දේශසීමාව වන අතර එය සැබෑ පාලන රේඛාවේ (LAC) සිට කිලෝමීටර් 95 ක් පමණ දුරින් පිහිටා ඇත. චීනය සහ ඉන්දියාව අතර තවමත් එක් රටක් අවසන් වන අතර අනෙක් රට ආරම්භ වන්නේ කොතැනින්ද යන්න පිළිබඳව මතභේද පවතී. මෙම අභ්‍යාස පැවැත්වෙන්නේ “යුද් අබ්‍යාස්” හෝ “යුද පුහුණුව” ලෙසින් හඳුන්වනු ලබන වාර්ෂික ඒකාබද්ධ අභ්‍යාසයේ 18 වන සංස්කරණය නිමිත් කරගෙනය.
1962 චීන-ඉන්දියානු දේශසීමා යුද්ධයෙන් මෙම ගැටුම මතු වූ අතර එය දිගුකාලීන භෞමික මතභේද හරහා අදටද නොවිසඳී ඇත.
2020 ජුනි මාසයේදී චීනය විසින් පාලනය කරන ලද නමුත් අක්සායි චින් ප්‍රදේශයට ආසන්න ගල්වාන් නිම්නයේ දී අවම වශයෙන් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනෙකු හා චීන සොල්දාදුවන් හතර දෙනෙකු මිය ගිය දා සිට ඉන්දු චීන සබඳතා පළුදු විය. මෑතකදී පැන්ගොං ත්සෝ විල හරහා චීනය පාලමක් තැනීම මගින් මෑතකදී ආතතීන් තව දුරටත් ඉහළ ගොස් ඇත. මෙ ඉන්දියාව හැඳින්වූයේ “නීති විරෝධී වාඩිලෑමක්” වශයෙනි.
පසුගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වූ එක්සත් ජනපද හමුදාවේ පැසිෆික් අණදෙන නිලධාරී ජෙනරාල් චාල්ස් ෆ්ලින්, මතභේදයට තුඩු දී ඇති දේශසීමා ආසන්නයේ චීනයේ හමුදා ගොඩ නඟා තිබීම භයානක තත්වයක් බව විස්තර කර තිබිණි.
මෙම ඒකාබද්ධ අභ්‍යාස පිළිබඳ විමසූ විට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු CNN වෙත ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව සමඟ හවුල්කාරිත්වය නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයේ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සහ කලාපීය ආරක්ෂක අභියෝග රාශියකට මුහුණ දීම සඳහා අපගේ අදාළ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා මෙම ද්විපාර්ශ්වික අභ්‍යාසය සිදු කරන බවයි.
මෙම නොපැහැදිලි දේශසීමාව තුළ ඉන්දියාව සහ චීනය යන දෙපාර්ශවයම හදිසි බට පිරිස් රඳවා ඇති අතර දෙපාර්ශවයටම න්‍යෂ්ටික අවි ඇති හෙයින් ඕනෑම මිලිටරි ප්‍රකෝප කිරීමක් හරහා බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකිය.
සශිකලා මධුෂාණී_
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…