උතුරු ඇල්ජීරියාහි ලැව් ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව උතුරු ඇල්ජීරියාහි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ.
ටියුනීසියාවේ දේශසීමා ආසන්නයේ එල් ටාර්ෆ් හි 24 දෙනෙකු සහ සෙටිෆ් හි මවක් සහ දියණියක් මෙලෙස මිය ගොස් ඇත.
උතුරු ඇල්ජීරියාවෙහි සිවිල් ආරක්ෂක ඒජන්සියට අනුව ලැව් ගින්න හේතුවෙන් එල් ටාර්ෆ් ප්‍රදේශය දරුණුතම බලපෑමට ලක් ව ඇති අතර ප්‍රදේශය පුරා ලැව්ගිනි 16 ක් පමණ ක්‍රියාත්මක වෙමින් පවතින බව අනාවරණය වේ. මේ හේතුවෙන් පදිංචිකරුවන් 350ක් පමණ ඉවත් කර ඇති අතර ගිනි නිවන භටයින්, හෙලිකොප්ටර් ආධාරයෙන් ලැව්ගිනි කිහිපයක් පාලනය කිරීමට උත්සහ දරන බව වාර්තා වේ.
උතුරු ඇල්ජීරියාව ලැව් ගිනි හේතුවෙන් නිරන්තර පීඩාවට පත් වන අතර 2021 වසරේ මෙවැනිම වූ ලැව් ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 90 පමණ මිය ගොස් වනාන්තර හෙක්ටයාර 100,000 වඩා දැවී විනාශව ගිය බව රාජ්‍ය ආරංචි මාර්ග පවසයි. පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් මධ්‍යධරණී කලාපයේ රටවල් ගනනාවක් ලැව් ගිනි හේතුවෙන් විනාශ ව ගිය අතර යුරෝපයේ, ප්‍රංශය, ග්‍රීසිය, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ ඉතාලිය යන සියල්ලටම බලපෑම් එල්ල විය.
සශිකලා මධුෂාණී_
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.