අගෝස්තු මස 3 වන දිනය වන විට වඳුරු උණ රෝගීන් 6,600 ඉක්මවන ලද සංඛ්‍යාවක් තහවුරු වීමත් සමඟ, එක්සත් ජනපදය වඳුරු වසංගතය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
සෞඛ්‍ය හා මානව සේවා ලේකම් Xavier Becerra විසින් මහජනතාවගෙන් ඉල්ලා තිබුණේ මෙය බැරෑරුම් තත්වයක් ලෙස සලකන ලෙසයි.
මෙම රෝගය බොහෝවිට පුද්ගල සබඳතා ඇඳුම් පැළඳුම් ස්ලර්ශයන් ආදියෙන් සම්ප්‍රේෂණය වන්නකි. උණ, හිසරදය, කැක්කුම, සෙම්ප්‍රතිශ්‍යාව සහ කුෂ්ඨ වැනි රෝග ලක්ෂණ ඇති විය හැකි අතර එය කැසීම සහ වේදනාකාරී විය හැකි නමුත් කලාතුරකින් මාරාන්තික වේ. රෝගය සාමාන්යයෙන් සති 2-4 ක් පවතී. එක්සත් ජනපදයේ මරණ කිසිවක් මේ වනතෙක් වාර්තා වී නොමැත.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ජුලි 23 වන දින ගෝලීය සෞඛ්‍ය සංවිධානයේ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමක් වන වඳුරු රෝගය පැතිරීම ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එක්සත් ජනපදය පුරා, ප්‍රාන්ත සහ මහ නගර සභා ගණනාවක් දැනටමත් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කර ඇත. තහවුරු වූ රෝගීන් 826 ක් සිටින කැලිෆෝනියාවේ අගෝස්තු 1 වන දින හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලද අතර තහවුරු වූ රෝගීන් 1,666 ක් ඇති නිව්යෝර්ක් ප්‍රාන්තය ජූලි 29 වන දින ද එවැනිම නිවේදනයක් නිකුත් කළේය.
මේ වන විට වඳුරු උණ වෛරසයට එරෙහිව එන්නත්කරණය කරගෙන යමින් පැවතිය ද, නිව්යෝක් හා සැන් ෆ්‍රැන්සිස්කෝ වැනි නගරවල ජනතාවට එන්නත් නිසි ලෙස ලබා දීමට අසීරුවීම සම්බන්ධයෙන් මේ වන විට බයිඩන්ගේ පාලනය වෙත දෝෂාරෝපන එල්ලවෙමින් තිබේ. වඳුරු උණ රෝගය සාමාන්‍යයෙන් රටවල් 70කට අධික සංඛ්‍යාවක වාර්තා වී ඇති අතර, ලොව පුරා රෝගීන් 26,000කට වඩා මේ වන විට වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.
සශිකලා මධුෂාණී_
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.