ඒ, ඇමරිකානු ජීව රසායන විද්‍යාඥවරියක් වන ජෙනිෆර් ඩූඩ්නා (Jennifer Doudna) සහ ප්‍රංශ ජාතික ක්ෂුද්‍ර ජීව විද්‍යාඥවරියක් වන එම්මානුවෙලා කාපෙන්ටියර් (Emmanuelle Charpentier) විසිනි.
DNA සංස්කරණය කළ හැකි, එනම් ක්‍රෝමසෝම එඩිට් කළ හැකි CRISPR නමැති බැක්ටීරියාමය ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඔවුන් විසින් සොයාගැනීම මෙම සම්මානයට හේතු වී තිබේ.
මේ සොයාගැනීම ඔවුන් විසින් සිදුකර තිබෙන්නේ 2012 වසරේදී වීම ද විශේෂත්වයකි.
එතැන් පටන් අද දක්වා මෙම තාක්ෂණය අතිශයින් දියුණු වී ඇති අතර, ලෝකයේ බොහෝ රටවල් එයින් ඵල නෙලා ගනිමින් ද සිටියි.
ජීවී සෛල වල න්‍යෂ්ටියේ පිහිටා තිබෙන DNA විසින් එම ජීවියාගේ සියලුම ලක්ෂණ තීරණය කරයි. මෙම DNA පිහිටා තිබෙන්නේ ක්‍රෝමසෝම හෙවත් වර්ණදේහ වශයෙනි. ක්‍රෝමසෝමවල තිබෙන්නේ DNA සහ ප්‍රෝටීන ය. DNA අණු, සර්පිලාකාර අතර, ඒවායේ භෂ්ම අනුපිළිවෙළක් තිබේ. එම අනුපිළිවෙල අතිශය සියුම් එකක් වන අතර, ඒවා විවිධ වෙනස්කම්වලට ලක් කිරීම අතිශයින්ම මතභේදාත්මක කාරණයක් වේ.
ජීවී සෛලවල සියලු ලක්ෂණ පාලනය වන්නේ DNA මගින් නම්, ප්‍රවේණික රෝග යනාදී සියල්ලම මේවායේ ජාන අනුපිළිවෙළ ඇතුළු ව්‍යූහාත්මක වෙනස්කම් එඩිට් කිරීම මගින් සිදුකළ හැකිය. ඕනෑම රෝගයකට ප්‍රතිකාරයක් හෝ කිසිදු රෝගයක් නොවැළඳීමේ තත්වයක් දක්වා මේ තාක්ෂණය වැඩි දියුණු කිරීමට ද පුළුවන.
මේ නිසා ජාන සංස්කරණ තාක්ෂණය සොයාගැනීම, 50 දශකයේදී ජේම්ස් වොට්සන් සහ ෆ්‍රෑන්ක් කික් විසින් DNA අණුව සොයාගත් සමයේ පටන්ම විද්‍යා ලෝකයේ දැඩි අවධානයට පාත්‍ර වූවකි.
මෙම විද්‍යාඥවරියන් දෙපළ විසින් සොයාගෙන තිබෙන්නේ CRISPR නමැති, එදා මෙදාතුර සොයාගත් ජාන සංස්කරණය සඳහා යොදාගත හැකි, කාර්යක්ෂමතාවයෙන් වැඩිම සහ පහසුතම තාක්ෂණයයි.
වසර 8 ක් මුළුල්ලේ මේ තාක්ෂණය වැඩි දියුණු වන ආකාරය සහ මානව ශිෂ්ටාචාරයේ වැදගත් සොයාගැනීම් සිදුකිරීමට මෙම තාක්ෂණය යොදාගැනෙනා ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසුව නොබෙල් කමිටුව විසින් මෙම ත්‍යාගය ඔවුන්ට පිරිනැමීමට තීරණය කර තිබේ.
විද්‍යා ක්ෂේත්‍රය තුළ කාන්තාවන් දෙදෙනෙකු විසින් දිනාගත් පළමු නොබෙල් ත්‍යාගය මෙය වේ.
කාපෙන්ටියර් අතිශය වැදගත් පණිවුඩයක් මේ සමග අප හමුවේ තබයි.
‘‘මා සිතන්නේ කාන්තාවන්ට පැහැදිලි මගක් තිබීම අතිශය වැදගත්. මා සහ ජෙනිෆර් ඩූඩ්නා ට මේ ත්‍යාගය අද දිනයේ පිරිනැමීම, තරුණ ස්ත්‍රීන්න්ට ඉතාම වැදගත් පණිවුඩයක් ලබා දෙනවා..‘‘
ඇය මෙසේ ද කීවාය.
‘‘මගේ ස්ත්‍රීපුරුෂ සමාජභාවය (gender) ගැන මම ආඩම්බරයි. මා සිතන්නේ කාන්තාවන්ගේ කාර්යභාරය, පුරුෂයන්ගේ කාර්යභාරය තරමටම පිළිගැනීමට ලක් කළ හැකි බව පෙන්වීමට මේ අවස්ථාව ඉතාම වැදගත්..‘‘
පෙර ලිපි
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…