ගත වු වසර සියයක කාල සිමාවක් තුල සිදු වූ දැඩි බලපෑම් කාරි කාලගුණික විපර්යාසය නිසා කැනඩාවේ වැන්කුවර් සහ ඒ අවට මාර්ග සහ දුම්රිය සම්බන්ධතා මේ වන විසන්ධි කර ඇත.දැඩි කුණාටු සහගත තත්වය ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
දැඩි ගංවතුර තත්වයෙන් හානියට පත් බටහිර වෙරළ නගරය සම්බන්ධ කරන අධිවේගී මාර්ග දෙකක් මේ වන විට වසා දමා ඇත.පසුගිය සඳුදා ඇති වූ දැවැන්ත කුණාටුව හේතුවෙන් දහස් ගණනකට සිය නිවෙස් හැර යාමට සිදු විය.අධිවේගී මාර්ගයක නායයාමකින් කාන්තාවක් මිය ගොස් ඇති අතර, තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.එරට පළාත් ප්‍රවාහන අමාත්‍ය රොබ් ෆ්ලෙමින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ එය “සියවසකට පසු ඇති වූ දරුණුතම කුණාටුව” බවයි. මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය මයික් ෆාර්න්වර්ත් පැවසුවේ මෙම කුණාටුව දේශගුණික විපර්යාසවලට ප්‍රතිඵලයක් බවයි.කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයට බල පෑ ජල ගැලීම් හේතුවෙන් නිවාස රැසක් ජලයෙන් යට වී ඇත.
වැන්කුවර් සිට සැතපුම් 120ක් පමණ ඊසාන දෙසින් පිහිටි මෙරිට් හි පදිංචිකරුවන් 7,000කට සඳුදා තම නිවෙස්වලින් පිටව යන ලෙස නියෝග කර තිබේ.වැන්කුවර් ප්‍රදේශයේ අනෙක් ප්‍රදේශවලින් මේ වන විට වෙන්ව ඇත.
පසුගිය අඟහරුවාදා එහි හිම පතනය වූ අතර නගරයේ අයිස් සහිත ගංවතුර තත්වය තවත් නරක අතට පත් කරන්ට විය.වැන්කුවර් පළාත සම්බන්ධ කරන කොකිහල්ලා අධිවේගී මාර්ගයේ කොටසක් ගංවතුරට කඩා වැටී ඇත.කැනඩාවේ විශාලතම වැන්කුවර් වරායේ, ඉන්ධන සහ අනෙකුත් භාණ්ඩ නැව්ගත කිරීම නතර කර ඇත. දුම්රිය ප්‍රවේශයන් අත්හිටුවා තිබේ. ආරක්ෂිත පියවරක් ලෙස ප්‍රදේශයේ ඉන්ධන නළ මාර්ග ද අක්‍රිය කර ඇත.කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ පසුගිය ග්‍රීෂ්ම ඍතුවේ වාර්තාගත අධික තාපය හේතුවෙන් පුද්ගලයන් 500කට වැඩි පිරිසක් මිය ගිය අතර, මුළු නගරයම ලැව්ගිනිවලින් බරපලත හානියට ලක් විය.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!