දේශපාලකයො, මාධ්‍යවේදියො, නීතීඥයො, ඉන්දියාවේ මිනිස්සු ට්විටර් ගිණුම්වලින් ඇවිත්, මෙහෙ ඉස්පිරිතාලවට ඔක්සිජන් සිලින්ඩර ඉල්ලමින් පිණ්සෙන්ඩු වෙනවා. ඒ අතරෙ, ඔක්සිජන් සිලින්ඩරවලට වෙන්වුණු සැගවුණු වෙළදපොළ දැවැන්තව ප්‍රසාරණය වෙමින්. ඔක්සිජන් යන්ත්‍රයි, බෙහෙත් ද්‍රව්‍යයි දෙකම එළියට එන්න හරි පරක්කුයි, වෙලාව යනවා.
මේ තත්වය ටිකෙන් ටික සමතයකට පත්වේවි. ඔව්, ඒක එහෙම වෙයි. ඒත් ඒ දවස උදාවෙනකොට අපි අතරින් කීයෙන් කීදෙනෙක්ට ජීවත්වෙන්න ලැබෙයිද කියන්න අපි දන්නෙ නැහැ. ධනපතියො සුවපහසුවෙන් හුස්ම ගනීවි. ඒත්, දුප්පත් මිනිහාට එහෙම කරන්න බැරිවේවි.
ඉස්පිරිතාල ඔක්සිජන් ඉල්ලලා බැගෑපත් වෙද්දි, ඔක්සිජන් නැතිවීමේ ගැටලුව, ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල නොපෙනෙන යුද්ධයක් ඇතිකරමින් තියෙනවා. මේ වගේ තත්වයක් තියෙද්දි, පාලකයො උත්සාහ කරනවා, තමන්ට එල්ලවෙන චෝදනාවලින් ගැළවිලා අත පිහිදගන්න.
මෝදියි එයාගෙ හෙංචයියොයි අපිට කියනවා, දොස් කියන්නැතිව ඉන්නලු. 2017 මැතිවරණ ප්රචාරණයකට උත්තර් ප්‍රදේශ් ගිය මෝදි නම් විජ්ජාකාරයා, ජාතිවාදී ප්‍රකාශ කියමින් හින්දු සොහොන් වලට වඩා මුස්ලිම් සොහොන් වුවමනාය වැනි දෙයක් ගැන මතබේදකාරි අදහසක් පළකරමින් මිනිස්සු උසිගැන්නුවා. දැං මෝදිට පුලුවන් සතුටුවෙන්න ඔහු කී දේ ඉටුවීම ගැන, රටම වෙළාගත්ත සමූහ සොහොන්වලින් ඉහළට නැගෙන ගිනි ජාලාවලට ජාත්‍යන්තර පුවත්පත්වල පවා මුල්පිටු වෙන්වීම ගැන. දැං ඒ කිව්ව හැම ජාතියකම සොහොන් ඉදිවෙමින්.
උත්තර් ප්රදේශ්වල ඉන්න මන්ත්‍රීවරයෙක් කියනවා, ඉස්පිරිතාලවල ඔක්සිජන් සිලින්ඩර හිගයක් නැතිය, ඒවගේ බොරු ප්‍රචාර ගෙනියන අයව අල්ලල හිරේ දානවය කියලා. ඒකෙන් අපිට දෙන පණිවිඩේ මෙහෙම එකක් නේද? – “ඔහෙලා උත්තර් ප්රදේශ්වල ජීවත්වෙන අය ද? එහෙනම් පොඩි උදව්වක් කරනවද? අපිට දොස්කියන්නැතිව කරුණාකරල මැරිලා යනවද?”
කොරෝනා හැදුණු දලිත් කියන සමාජ කොට්ඨාසයට අයිති ගැහැණු ළමයෙක්ව දූෂණය කරල මරා දාල තිබුණා ම ඒ ගැන වාර්තා කරන්න උත්තර් ප්‍රදේශ් ගිය මාධ්යෙවේදියෙකුව මේ මන්ත්‍රීවරයාගෙ නියෝගය අනුව අල්ලලා, මාස ගණනක් හිරේ දාලා තිබුණා. අන්තිමේ ඔහුගේ බිරිදට සිද්ධ වුණා, උසාවියටයට දන්වන්න ‘ඔහු සතෙක් වගේ දම්වැල් වලින් බැදලා දාලා ඉස්පිරිතාලෙ ඇදක් උඩ’ බව…”
: අරුන්දතී රෝයි :
පරිවර්තනය : ඩිල්ශානි චතුරිකා දාබරේ
සම්පූර්ණ ඉංග්‍රීසි ලිපිය : ගාඩියන් ඇසුරින්
පින්තූර : රොයිටර් ඇසුරින්
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!