කාලීන

කොරෝනා වෛරසයට වායුගෝලයේ පාවෙමින් පැවතිය හැකිද? – ඔබ කියවිය යුතුම ලිපියක්

කොරෝනා වෛසරය ආසාදිතයෙකුගෙන් නිරෝගී පුද්ගලයන්ට සම්ප්‍රේෂණය වන ක්‍රම මොනවාද යන්න ගැන පවතින්නේ විවාදයකි. මේ වන විටත් විශාල වශයෙන් සමාජගත ව ඇති සැකයක් වන්නේ, කොරෝනා වෛරසයට වායුගෝලයේ පාවෙමින් පැවතිය හැකි බව ය. එවිට ඔබ කොතරම් මීටරයක දුරක් අනෙකා සමග පවත්වාගත්තද එයින් පලක් නොවේ.

මේ නිසා කොරෝනා වෛරසය යම් මතුපිටක් තුළ කොතරම් කාලයක් ජීවී තත්වයෙන් පවතියිද, වායු ගෝලයේ එය පාවෙමින් කොතරම් කාලයක් පවතියිද සහ එසේ එයට පැවතිය හැකි යන්න ගැන මේ වන විට ලොව පුරාම විද්‍යාඥයන්ගේ අවධානය දිනාගෙන ඇත.

පහත රූප සටහන දෙස බලන්න. එය ත්‍රිමාන ආකෘතියකි. සුපිරි වෙළඳසැලක රාක්ක අතර සිටින අයෙකුට කොවිඩ් ආසාදනය වී තිබුණේ යැයි සිතමු. ඔහුට කැස්සක් එයි. මෙහි ලා කොල පාටින් දැක්වෙන්නේ ඒ තැනැත්තාගේ කැස්ස බිඳිති සමග වෛරස් අංශු වළාකුළක් හාත්පස විසිරී යන ආකාරයයි.

මෙවැනි වෛරස් අංශු වළාකුළක් ‘කුඩා බෝම්බ පිපිරීමක්‘ සේ අන්වීක්ෂීය දසුනේදී දිස්වනු ඇත. එය හාත්පස පැතිරී විසිරී යන්නට ගත වන්නේ මිනිත්තු කිහිපයක් පමණි.

කැස්ස, කිවිසුම පමණක් නොව කතා කරන විටත් සිදුවන්නේ මෙයම ය.

සුපිරි වෙළඳසැලක සිටින අයෙකුට කැස්ස ඇති වේ යැයි ආදර්ශනය කෙරේ. ඔහු කොවිඩ් ආසාදිතයෙකු නම්, කුමක් සිදුවනු ඇතිද?
තත්පර කිහිපයකට පසු වෛරස් අංශුවල ව්‍යාප්තිය
මිනිත්තුවකට අඩු කාලයකදී වෛරස් අංශු හාත්පස පැතිර යාම ආරම්භ වනු ඇත.

මේ පර්යේෂණය සිදුකරන්නේ ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය හිමි රට වන ෆින්ලන්තයේ විද්‍යා පර්යේෂකයන් පිරිසක් විසිනි. පර්යේෂණයට දායක වූවන්ගේ දීර්ඝ ලැයිස්තුව මෙහි දැක්වෙන වීඩියෝවේ අවසාන රූපරාමුවේ දක්වා තිබේ.

‘‘කොරෝනා වෛරසයෙන් ආසාදිත අයෙකු මේ අන්දමින් කැස්ස ඇතිවී ඉන්පසු එම ස්ථානයෙන් ඉවත් වී යනවා වන්නට පුළුවන්. නමුත් ඔහු එසේ යන්නේ කොරෝනා වෛරසය අඩංගු අතිශයින්ම කුඩා වායුගතික අංශු ඉතිරිව තබමින්..‘‘ යැයි ෆින්ලන්තයේ ආල්ටෝ සරසවියේ සහාය මහාචාර්ය වයිල් වුරියන් පවසයි.

මේ වෛරස් අංශු අවසානයේ නතර වනු ඇත්තේ අවට සිටින අයගේ ශ්වසන පද්ධතිය තුළ ය. ‘බිඳිති ආසාදනය‘ හෙවත් droplet infection මේ අන්දමින් ආරම්භ වන්නේ වෛරස් අංශු ශ්වසන නාලවලට ඇතුල් වීම මගිනි.

මෙහිදී මීටරයක දුර යන්න කිසිදු පදනමක් නැති කාරණයක් බවට පත් වේ.

පර්යේෂණය සිදුකිරීම සඳහා මයික්‍රොමීටර 20ට අඩු අංශුවල (කොරෝනා වෛරස් අංශුව මේ ගණයට අයත් වේ) වායුගතික හැසිරීම ආදර්ශනය කරන ලදී. කොරෝනා ආසාදිතයෙකු බවට පත්ව වියළි කැස්සකින් පෙළෙන අයෙකුගේ කැස්ස සමග නිකුත් වන අංශුවල විශාලත්වය මයික්‍රොමීටර 15 ට අඩු ය.

විනාඩි දෙකකට පසු වෛරස් අංශුවල ව්‍යාප්තිය


The particles continue to linger after several minutes. Pic: Aalto University


මේ අනුව විද්‍යාඥයන් අවධාරණය කරන්නේ කොරෝනා වෛරසය කලින් සිතුවාටත් වඩා වැඩි කාලයක් වායුගෝලයේ පැවතිය හැකි බවයි. එක්කෝ එය පාවෙමින් තිබෙනු ඇත. නැතිනම් නොපෙනෙන තරම් කුඩා සුළං ධාරා ඔස්සේ ගමන් ගනු ඇත… මීළඟ අවාසනාවන්තයා හමුවන තෙක්… !

[embedyt] https://www.youtube.com/watch?v=WZSKoNGTR6Q[/embedyt]

මූලාශ්‍රය – Sky News: Coronavirus lingers in air longer than previously thought, scientists warn

 

Share

Recent Posts

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

55 mins ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

2 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

2 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

6 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

19 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

22 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

1 day ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

1 day ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

1 day ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

1 day ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

1 day ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago