කාලීන

කොවිඩ් රැල්ල බැස යද්දී චීනයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු ලක්ෂ 3ක් ?

මේ බව දන්නා එක්සත් ජනපදය මේ වනවිට එම වසංගතය ක්‍රමයෙන් මහජන චීන සමූහාණ්ඩුව ලොව අංක 1 කේ සුපිරි බලවතා බවට පත්වීම වළකන ආර්ථික යුද්ධයක වේදිකාව බවට පත් කරගනිමින් සිටිති….

වසංගතයේ අවසන් කාළය එළඹීමත් සමඟම,

  1. 1. වසංගතයේ මූලාරම්භයේදීම එය අහෝසි කිරීමේ හැකියාව තිබියදී, උවමනාවෙන්ම තොරතුරු වසන් කිරීම නිසා මුළු ලෝකයටම විශාල වන්දියක් ගෙවන්නට සිදුවීම
  2. 2. වසංගතයේ තොරතුරු වසන් කිරීම නිසා බොහෝ රටවලට සිදුවූ ආර්ථික සහ සාමාජිය හානි

යනාදි කරුණු රැසක් මුල් කරගෙන, මහජන චීනයට එරෙහිව ජාත්‍යන්තර උසාවි වල රාජ්‍ය මට්ටමෙන් සහ පෞද්ගලික මට්ටමෙන් නඩු තුන් ලක්ෂයකට වඩා පැවරීමට බොහෝ පාර්ශව සූදානම් වෙති ( රොයිටර්ස් )

චීනයේ තාක්ෂණික අංශයේ ප්‍රධානම විදෙස් ආයෝජකයන් 20 දෙනාගෙන් 14 දෙනෙක්ම දැනටමත් එරටින් සිය ආයෝජන ඉවත් කරගැනීම සඳහා විකල්ප සෙවීම ආරම්භ කර තිබේ…..චීන තොරතුරු තාක්ෂණ නිෂ්පාදන වලට ඇමරිකාවේ සහ යුරෝපයේ ලියාපදිංචිය අහිමි කිරීම, තාක්ෂණ හුවමාරු ගිවිසුම් අවලංගු කිරීම, දැනට එළඹී ඇති ද්වී පාර්ශ්වික ගිවිසුම් වල පාඩු මුදල් ලබා දී, ඒවායින් ඉවත් වීම, චීන සිසුන්ට සිය රටවල සරසවි තහනම් කිරීම, වැනි ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් බටහිර රාජ්‍ය සහ ලෝකයේ අනෙක් කළාප වල තිබෙන ඒ රාජ්‍ය වල හිතවත් රාජ්‍යයන් මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින ක්‍රියාමාර්ගය……

චීනයට සිය භූමිය හෝ අහස භාවිතා කරන්නට දී තිබෙන අවසර සීමා කිරීමට එරටට යාබද රටවල් පොළඹවා ගැනීමේ සැලැස්මකටද මේ වනවිට පිඹුරුපත් සකස් වෙමින් ඇත…..චීනයෙන් විවිධ සේවාවන් ලබාගන්නා කුඩා රාජ්‍ය වලට ඒ සඳහා විකල්ප සොයාදීමද තවත් සැලසුමකි….

වසංගතයේ තොරතුරු සැඟවීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙස සළකා ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීමටද රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන රාශියක් පෙළගැසෙමින් සිටිති…..

මෙම වසංගතය ප්‍රස්තුතය කරගෙන චීනයට එරෙහිව පවරමින් සිටින නඩු ප්‍රධාන වශයෙන් වර්ග 4 කි –

1. රාජ්‍ය මට්ටමෙන් – රාජ්‍ය මට්ටමට එරෙහිව පවරනු ලබන නඩු

2. රාජ්‍ය මට්ටමෙන් සුවිශේෂී පාර්ශවයන් ඉලක්ක කරගෙන පවරනු ලබන නඩු

3. පෞද්ගලික සංවිධානය වීම් ඔස්සේ රාජ්‍ය මට්ටමට එරෙහිව පවරනු ලබන නඩු

4. පෞද්ගලිකව සංවිධානය වී පෞද්ගලික සුවිශේෂී පාර්ශවයන්ට එරෙහිව පවරනු ලබන නඩු

වසංගතය මුල් කරගෙන චීනයට එරෙහිව ගන්නා නීති ක්‍රියාමාර්ග සියල්ල අතුරින්, පළමු වැන්න වන්නේ, එක්සත් ජනපදයේ දකුණු ෆ්ලොරීඩා දිස්ත්‍රික්කයෙහි පිරිසක් එක්ව චීනයට එරෙහිව පවරන ලද : ඔල්ටර්ස් එදිරිව මහජන චීන සමූහාණ්ඩුව ( පැවරුම් දිනය : 2020 මාර්තු 12 ) නඩුවයි.

බොහෝ නඩු වලින් ගැළවීම සඳහා චීන රාජ්‍යයට වසංගත සමයේදී ජාත්‍යන්තර නීති මඟින් එකී වසංගතය ආරම්භ වූ දේශය එහි වගකීමෙන් මුක්ත කරමින් ලබාදී ඇති නෛතික ප්‍රතිපාදන වල ආරක්ෂාව හිමිවනු ඇත….එසේ හෙයින් මේ නඩු වලින් බොහොමයක් අර්ථ විරහිත බව ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ අදහසයි….

කෙසේ වෙතත්, එකී නඩු ඔස්සේ චීනයෙන් වන්දි ඉල්ලා, ඒ වන්දි චීනය විසින් නොගෙවන්නේ නම්, සිය රට තුළ තිබෙන චීන දේපළ රාජසන්තක කිරීමට බටහිර රාජ්‍යයන් පෙළඹේද යන්න පිළිබඳව තවම නිශ්චිත යමක් කිව නොහැක…..ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයාගේ එබඳු සැලසුමක් තිබුණු අතර, එයට එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් අගමැතිගේද සහාය හිමිව තිබිණි… නමුත්, ජෝ බයිඩ්න් ජනපතිවරයා චීනය සමඟ ඊට වඩා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගන්නට අපේක්ෂා කරන නිසා, ඒ සැලසුම් ක්‍රියාත්මක නොවනු ඇති බව විචාරකයෝ පවසති….

නමුත්, එක්සත් ජනපදයෙ ජනපති ධුරය වෙනස් වුවත්, නියත වශයෙන්ම මෙම වසංගතයේ වගකීම චීනයට පවරා, එරටට එරෙහිව භූ දේශපාලන උපායමාර්ගික සහ ආර්ථික යුද්දයක් දියත් කිරීමේ පැහැදිලි උවමනාවක් බොහෝ බටහිර රටවලට තිබෙන බවට, ජර්මනියේ චාන්ස්ලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය වැනි අයගේ ප්‍රකාශ මඟින් විවිධ ආකාරයෙන් ඉඟි ඵල වෙමින් ඇත…..

එමෙන්ම, වසංගතයේ ආරම්භය සිදුවූ චීනය, සෙසු ලෝකයට සාපේක්ෂව මෙතරම් යහතින් සිටින්නේ කෙසේද යන කරුණ ඔස්සේ, එරට සහ වසංගත අතර ඇති සබඳතාව පිළිබඳව සැකයක්ද ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබේ….නව කොරෝනා 2019 වෛරසය චීන මිලිටරියට අයත් විද්‍යාගාරයක නිෂ්පාදනයක්ද, එම වසංගත ව්‍යාප්තියෙන් චීන ජනයා බේරාගන්නට අවශ්‍ය ඔසු සියල්ල චීනය විසින් කල් තබාම නිපදවාගෙන සිටියාද, වසංගතයේ මුල් අවදියේදී අනෙක් සියලු රාජ්‍ය නායකයන් වෛරස් ආසාදිතයන් හමුවන්නට විද්‍යාගාර ඇඳුම් පළඳිද්දී, “වූහාන්” මස් වෙළඳපොළට පැමිණි ෂී ජින් පිං ජනාධිපතිවරයා මුහුණු ආවරණයක් පමණක් පැළඳ සිටින්නට තරම් නිර්භය උනේ කෙසේද, යනාදි කරුණු රැසක් මේ වනවිට ගෝලීය වශයෙන් විවාදයට ගෙන තිබේ….

නමුත් නව කොරෝනා 2019 වෛරසය ස්වභාවිකව ජීවී විශේෂ දෙකක් අතර සිදුවූ වෛරස පිම්මක ප්‍රතිඵලයක් විනා, එය කාගේවත් නිපැයුමක් නොවන බවට කියන විශේෂඥ මතය තවමත් බහුතර මතය වේ…..එය විරුද්ධ මතයට එතරම් ශාස්ත්‍රීය පිළිගැනීමක් ලැබී නොමැත….

ලබන වසරේ බොහෝවිට එළඹිය හැකි පශ්චාත් කොරෝනා යුගය බරපතළ දේශපාලනික සහ ආර්ථික ගැටුම් වලින් හෙබි විය හැකි අතර, චීනය අනවශ්‍ය ලෙස ආර්ථික වශයෙන් දුර්වල කරන්නට ගොස්, එරට බටහිරට එරෙහි ත්‍රස්තවාදී කණ්ඩායම් වලට අනුග්‍රහය දක්වන තත්වයට පැමිණියහොත් බරපතළ තත්වයක් උද්ගත විය හැකි බවද, එමෙන්ම චීනය බඳු කාර්මික නිෂ්පාදන ශක්‍යතාවයක් ඇති වෙනත් කිසිදු රාජ්‍යයක් මිහිපිට නැති හෙයින්, එරට සමඟ අනවශ්‍ය ගැටුමක් ලෝක මට්ටමේ නිෂ්පාදන භාණ්ඩ හිඟයක, සුවිශාල ආර්ථික අර්බුදයක සහ උද්ධමනයක මුළ විය හැකි බවද විශේෂඥයෝ අනතුරු අඟවති…..

– දමිත් කේතක | LNW

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

6 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

9 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

18 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

18 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago