‘ද ඉකොනොමිස්ට්’ පුවත්පත 2016 දෙසැම්බර් 5 වැනිදා මරු තුරුළට ගිය ජයලලිතා ජයරාම් පිළිබඳ ‘කුණාටුවෙන් පසු’ යනුවෙන් ලිපියක් පළකරයි. එම ලිපිය ඇගේ මරණයෙන් පසු තමිල්නාඩු දේශපාලනයේ ඇතිවූ රික්තය පිළිබඳව ය. ලිපිය ආරම්භ වන්නේ මෙසේ ය. “සිය කන්‍යාරාම ඉංග්‍රීසි අධ්‍යාපනයේදී ඈ තම ජීවිතය විස්තර කළේ ‘ටෙම්පෙස්ටුවස්’ හෙවත් ‘මහත් කුණාටු සහිත’ යනුවෙනි. මෙම වචනය, ජයරාම් ජයලලිතා වේදිකාව මතදී උගත් ඉංග්‍රීසි උච්ඡාරණය තරමටම නිවැරදි ය…”
වයස අවුරුදු හැටඅටේදී ජයලලිතා මෙනෙවිය මරණයට පත්වූයේ මිලියන 78 ක් වූ ජනයාට ‘අම්මා’ අහිමි කරමිනි. තමිල්නාඩුව සහ එයට පිහිනා යන දුරින් පිහිටා තිබෙන ලංකාව අතර පවතින එක් ලොකු වෙනසක් වන්නේ තමිල්නාඩුව ඇයට ‘අම්මා’ කියන විට ලංකාවේ සමහරුන්ට ‘ඇගේ අම්මා’ මතක් වීමයි.! තමිල්නාඩු දේශපාලනයට ලංකාවේ දමිල ප්රශ්නය හෝද හෝදා මඬේ දමන රෙද්දක් බවට පත්ව තිබුණත් ඇය ලංකාවේ බෙදුම්වාදී ප්‍රශ්නයට කිසිදා සක්‍රිය ලෙස දායක වූ බවට වාර්තා තිබේද? පුරා මාස දෙකක් ඈ රෝහල්ගතව සිටියේ දිනකට ඉන්දීය රුපියල් විසිපන්දහස බැගින් ගෙවන සුපිරි රෝහල් වාට්ටුවක ය. ඒ වන විට ඈ ගෙවමින් සිටියේ තමිල්නාඩුවේ මහඇමතිනිය වශයෙන් පහළොස් වැනි අවුරුද්දයි. ඇය රුපියල් කෝටි හැටහයහමාරක වත්කම් ඉතිරි කර ගියාය. එයින් රුපියල් කෝටියක්ම වැය වනු ඇත්තේ ඇගේ ඉස්පිරිතාල බිල ගෙවීම සඳහා ය. ඇය පෙලුණේ හුස්ම ගැනීමේ අපහසුවකිනි. සැබවින්ම ඇය මුලු ජීවිත කාලයටම නිදහසේ හුස්ම ගෙන තිබේද..?
දමිල සිනමාවේ මුලින්ම අත් නැති හැට්ට ඇන්දේත් දිය ඇල්ලක් යට තෙමෙමින් නටන ආන්දෝලනාත්මක ගීත ජවනිකාවට පෙනී සිටියේත් ඇය ය. ඇගේ ප්‍රථම ආදරය වූයේ එවකට ජනප්‍රිය දමිල නළුවෙකු වූ ශෝභන් බාබු ය. ඇය ඔහුට කොතරම් පිස්සු වැටුණාද කියන්නේ නම්, සිය නිවසේ සිට දුරදක්නයක් මානමින් ඔහු දෙසම බලමින් සිටින්නට ඇය කල් ගත්තාය. නමුත් ඒ වන විටත් ඔහු විවාහකයෙකි. ඉතින් ඈ කිසිදා කුලගෙට ගියේ නැත.
කෝමලවල්ලී යන උපන් නමින් යුතු වූ ඇය, භාරත් නාට්‍යම් කලාව ඉගෙන ගත්තේ වයස අවුරුදු තුනේදී ය. චිත්‍රපට නිළියක වූ සිය මව (සන්ධ්‍යා නොහොත් වේදාවතී) ගේ බලපෑම මත ජයලලිතා 1965 වසරේ මුලින්ම රඟපෑවේ ‘වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපටයක ය. ඒ වන විට ඇගේ වයස අවුරුදු පහළොවකි. එනම් චිත්‍රපටය වැඩිහිටියන්ට අදාළ වුවත් එහි රඟ පෑ ඇය ඒ වන විට වැඩිහිටියෙක් වී සිටියේ නැත. ඒ නිසාම ඇයට ඒ කන්නාඩ චිත්‍රපටය කිසිදා සිනමා ශාලාවකට ගොස් නරඹන්නට හැකි වුණේ ද නැත. අනතුරුව දමිල චිත්‍රපට 88 ක්, තෙළිඟු 28 ක්, කන්නාඩ චිත්‍රපට 5 ක් සහ එක් මලයාලම් චිත්‍රපටයකට ද දායක වූවාය. ධර්මේන්ද්‍ර සමග එක් හින්දි චිත්‍රපටයක ද රඟපෑවාය. දමිල සිනමාවේ මුලින්ම අත් නැති හැට්ට ඇන්දේත් දිය ඇල්ලක් යට තෙමෙමින් නටන ආන්දෝලනාත්මක ගීත ජවනිකාවට පෙනී සිටියේත් ඇය ය. ඇගේ ප්‍රථම ආදරය වූයේ එවකට ජනප්‍රිය දමිල නළුවෙකු වූ ශෝභන් බාබු ය. ඇය ඔහුට කොතරම් පිස්සු වැටුණාද කියන්නේ නම්, සිය නිවසේ සිට දුරදක්නයක් මානමින් ඔහු දෙසම බලමින් සිටින්නට ඇය කල් ගත්තාය. නමුත් ඒ වන විටත් ඔහු විවාහකයෙකි. ඉතින් ඈ කිසිදා කුලගෙට ගියේ නැත. කෝමලවල්ලියගේ මේ සියලු රංගනයන් අතරින් හොඳම රංගනය වූයේ ‘එම්.ජී.ආර්.’නමැති චිත්‍රපටය යි! ඈ එම්.ජී.ආර්. ව වසඟයට ගත් බව කීම නිවැරදි ය. ඒ නිසාම තමිල්නාඩු දේශපාලනයේ නැතිවම බැරි චරිතයක් බවට පත්වූ බව කීම ද නිවැරදි ය. එම්.ජී.ආර්. ගේ මළ ගෙදරදී ඔහුගේ දෙණ අසල නොසෙල්වී පුරා දෙදිනක් සිටි බව ද එක් කඳුළක්වත් නොහෙලූ බව ද, දෙනෝ දාහක් ඉදිරිපිට එම්.ජී.ආර්. ගේ ඥාතීන්ගෙන් ගුටි කා අවමන් විඳි බව කීම ද නිවැරදි ය.
නමුත් මේ සියල්ලටම වඩා නිවැරදි වන්නේ සිය වල්ලභ ප්‍රේමවන්තයාගේ මරණින් පසු ඇය යකඩ ගැහැනියක් බවට පත්වූ බව ය. පක්ෂය දිගටම පවත්වාගෙන යමින් 1989 වසරේදී පක්ෂයට ආසන 27 ක් දිනා දුන් බව යය. තවද තමිල්නාඩු ජාතික සභාවේ විපක්ෂ නායක ධුරයට පත්වූ පළමු කාන්තාව වශයෙන් ඉතිහාසගත වූ බව ය. අවසානයේ තමිල්නාඩුවේ හයේ හතරේ පිරිමි කපා හෙලූ කෙසෙල් කඳන් මෙන් ‘අම්මා-අම්මා’ කියමින් ඇගේ දෙපා පාමුල ඇද වැටෙන යුගයක් උදා වූ බව ය! ‘තමිල්නාඩු දේශපාලනයේ දේවතාවිය’ යනුවෙන් ඇය ව හැඳින්වෙන්නට පටන් ගත් බව ය. ගැහැනු කළල මරා දමන තමිල්නාඩුවේ ඇය ඒ වෙනුවට දියණියන්ගේ උපත් දිරිගන්වන වැඩසටහන්වලට පණපෙව්වාය. කාන්තා පොලිස් භටයන් ප්‍රමාණය තමිල්නාඩුව තුළ සැලකිය යුතු පමණින් ඉහළ දැමුවාය. ගතවූ වසර දහය තුළ තමිල්නාඩුවේ ආර්ථික වර්ධන වේගය සියයට 10කින් ඉහළ ගොස් තිබේ.
මේ තත්වය මෙසේ වන්නේ ඉන්දියාවේ සමස්ත ආර්ථික වර්ධන වේගය සියයට අටේ ඉලක්කමේ නතර වී තිබියදී ය. වෙනත් වචනවලින් පවසන්නේ නම් තමිල්නාඩුවේ ආර්ථිකය, රටේ දේශීය ආර්ථිකය වර්ධනය වන වේගයට වඩා වැඩි වේගයකින් වර්ධනය වී තිබේ! තවද තමිල්නාඩු වැසියෙකුගේ දළ දේශීය නිෂ්පාදනය ජාතික අගයට වඩා සියයට 68 කින් වැඩිය!! ඒ අතරම ඇය වාර්තාගත ගොන් වැඩ ද කළාය. හදාගත් පුතා වූ සුධාකරන්ගේ මගුල වෙනුවෙන් 1995 දී පැවැත්වූ උත්සවය, ලොව ලොකුම මංගල උත්සවය වශයෙන් අද ද ගිනස් වාර්තාව හොබවයි! චෙන්නායි හි අක්කර 50 ක බිමක් මේ ‘වැඩකට නැති මගුල’ වෙනුවෙන් වෙන් කර තිබූ අතර එයට ඇරයුම් කර තිබූ අමුත්තන් ගණන පහළොස් දහසක් විය.!කිලෝ තිහක රත්තරන් ඇගේ සන්තකයේ ඕනෑම අවස්ථාවක තිබූ අතර ඇයට සාරි දොළොස්දහසක් තිබූ බව ද ඉන්දීය මාධ්‍ය, තලු මරමින් වාර්තා කරයි. ජයලලිතාගේ මරණයෙන් දින කිහිපයක් ඇතුළත වාර්තා වූයේ අන්ධ භක්තිකයන් හැත්තෑ හත් දෙනෙක් ඇගේ මරණය ගැන අසා මැරී වැටී ඇති බව ය. සංක්ෂිප්තය මෙසේ ගොනු කරමු. කෝමලවල්ලිය දැන් එම්.ජී.ආර්. තුරුලේ ය. මනුලොවෙන් බොහෝ ඈත තැනෙක ය. ඒ ලොවේදීත් ඔවුන්ට ලංකාවේ කච්චතිව් දූපතේ අයිතිය ගැන හෝ දෙමළ ඩයස්පෝරාව ගැන වදවෙන්නට ඉඩ නොතබන්න. ලංකාවේ සිට ජාතිවාදයේ රස්නයෙන් ඉදුණු කිරිබත් කමින් ඔවුන්ගේ ආත්මවල සැනසිල්ල නැති නොකරන්න!. ඔවුන්ට නිදහසේ පෙම්සුව විඳින්න ඉඩ දෙන්න. නැවත කියමි. දැන් ඔවුන් සිටින්නේ මනු ලොවෙන් බොහෝ ඈත තැනක ය!!
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…