මෙම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සිදුකර තිබෙන්නේ, ඔහු විසින් පසුගියදා යුදෙව්විරෝධවාදය (antisemitism) පිළිබඳ විමර්ශනයකට ප්‍රතිචාර දැක්වීමේදී තමන්ගේ ධුර කාලයේදී තමන් යුදෙව් ගැටළුව ‘‘අතිශයෝක්තියෙන් පැමිණිලි කළ බව‘‘ ප්‍රකාශ කිරීමත් සමග ය. මෙසේ කළේ දේශපාලන හේතු නිසා බව ද ඔහු පැවසීය.
බොහෝ අය බලාපොරොත්තුවෙන් සිටි ලේබර් පක්ෂයේ යුදෙව්විරෝධීවාදය පිළිබඳ වාර්තාව, විශාල විමර්ශනයකින් පසුව නිකුත් කළේ මහා බ්‍රිතාන්‍යයේ සාමානාත්මතාවය සහ මානව හිමිකම් පිළිබඳ කොමිසම ( Equality and Human Rights Commission (EHRC)) විසිනි.
ඒ අනුව එවකට කම්කරු පක්ෂයේ නායකත්වයේ ‘‘බරපතළ අසමත්වීම්‘‘ තිබූ බව ඔවුන් නිගමනය කර ඇත.
පක්ෂයේ යුදෙව්විරොධීවාදය පිළිබඳ විමර්ශනය කරමින් කොමිසම කීවේ ලේබර් පක්ෂය ‘හිංසාවේ නීතිවිරෝධී ක්‍රියාවන් සහ වෙනස්කොට සැලකීම්‘‘වලට වගකිව යුතු බව ය. එහිදී ක්ෂේත්‍ර තුනක නීති කඩවීම් නිරීක්ෂණය කෙරිණි.
එනම්,
ලිපිගොනු 70 ක් පිරික්සා බැලීමේදී එවැනි දේශපාලන මැදිහත් වීම් 23 ක් ගැන සොයාගැනීමට කොමිසම සමත් විය.
2010 සමානාත්මතා පනත ලේබර් පක්ෂය විසින් උල්ලංඝනය කර ඇති බව ද ඒ අනුව හෙළි විය.
මේ සමගම වත්මන් ලේබර් පක්ෂ නායක ශ්‍රීමත් කෙයර් ස්ටාමර් කසය අතට ගත්තේය.
දේශපාලන හේතු නිසා ඒවා අතිශයෝක්තියට නැගූ බව ජෙරමි කෝබින් විසින් පවසා පැය 24 ක් ඉක්ම යාමට මත්තෙන් කෝබින්ව පක්ෂයෙන් නෙරපා හරින්නේ ඒ අනුව ය.
පසුගිය දෙසැම්බරයේ පක්ෂ නායකත්වයෙන් ජෙරමි කෝබින් ඉවත් වන්නේ මහමැතිවරණයේ පරාජයත් සමග ය. ‘‘මම ප්‍රශ්නයේ කොටසක් නෙවෙයි‘‘ යැයි ද ඔහු පැවසීය.
උග්‍ර යුදෙව් විරෝධියෙකු ලෙස සැලකෙන ජෙරමි කෝබින්, පලස්තීන ගැටළුව පිළිබඳ අති සංවේදී බව ද නොරහසකි. ඔහු ඊශ්‍රායලය සැලකුවේ පරම සතුරෙකු ලෙස ය. ඊශ්‍රායලය යනු යුදෙව් රාජ්‍යයකි. එ් අනුව අවසානයේ මේ කොමිෂන් සභා වාර්තාවෙන් තහවුරු වන්නේ ඔහු කොතරම් උග්‍ර යුදෙව් විරෝධයක් පක්ෂය තුළ පවත්වාගෙන ගොස් තිබේ ද යන්නයි.
මේ නෝර්ත් ආලිංටන් සාමාජිකයා ලේබර් පක්ෂයට බැඳෙන්නේ වයස අවුරුදු 16 දී ය. ඔහු ලේබර් පක්ෂ සම්මේනය වෙනුවෙන් පැවැත්වූ අවසන් කතාව කොතරම් ප්‍රගතිශීලී ද යන්න ගැන අප ද ලියා ඇත. නමුත් පක්ෂය විසින් රටේ නීතිය කඩ කරමින් හැසිරී තිබෙන බව නිරීක්ෂණය වූ වහාම, එය පක්ෂ දේශපාලනය නිසා කළ බවට ඔහු විසින්ම සාධාරණීකරණය කළ වහාම මුළු ජීවිතයම පක්ෂය වෙනුවෙන් කැප කළ සාමාජිකයෙකු වුවත් පක්ෂයෙන් නෙරපා හරින්නට පක්ෂ නායකත්වය දෙවරක් සිතුවේ නැත. ‘දේශපාලනය‘ කියන්නේ එවැනි දෙයකට යැයි කෙනෙකුට කියන්නට පුළුවන. නමුත් එය නීතිය මත පාලනය (නීතියේ ආධිපත්‍යය) යැයි ද කෙනෙකුට කියන්නට පුළුවන.
එසේම දැඩි පක්ෂ ප්‍රතිපත්ති හෝ අන්තගාමී අදහස් නිසා පක්ෂය අමාරුවේ දැමූ වාමාංශික දේශපාලනයේ වත්මන් උදාහරණය ජෙරමි කෝබින් යැයි ද කෙනෙකුට කියන්නට පුළුවන.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…