ට්‍රම්ප් 2020 යැයි සඳහන් කොඩි රැගත් මෝටර් රථ වාහන කණ්ඩායමක් විසින් ට්‍රම්ප්ගේ කැම්පේන් බස් රියක් පසුපස යාම සහ එයට බාධා කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ෆෙඩරල් රහස් ඔත්තු සේවය විමර්ශනයක් ආරම්භ කළේය.
අර්ලි වෝටිං හෙවත් ඡන්දය කලින් ප්‍රකාශ කිරීම සඳහා ටෙක්සාස් ජනපදයට ලබාදී තිබූ කාල සීමාවේ අවසාන දිනයේදී බයිඩන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යමින් සිටියදී මෙම සිද්ධිය හටගෙන තිබේ.
එහිදී ට්‍රම්ප්ගේ ආධාරකරුවන් උත්සාහ ගෙන තිබෙන්නේ බස් රියේ වේගය අඩාල කර එය පාරෙන් ඉවත් කර දැමීමට බව බයිඩන්ගේ ආධාරකරුවෝ කියති.
මෙම සිදුවීම වීඩියෝ ගත කර තිබේ.
[embedyt] https://www.youtube.com/watch?v=lWjK_Eu8uME[/embedyt]
‘ට්‍රම්ප් ට්‍රේන්‘ නමින් තමන්ව හඳුන්වා ගන්නා මෙම මෝටර් රථ කණ්ඩායම විසින් බයිඩන්ගේ මැතිවරණ රැළි කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා බවට ද චෝදනා එල්ල වේ.
ඔවුන් 100 දෙනෙක් පමණ කැම්පේන් බස් රිය වටකරගත් බවට ද සාක්ෂි තිබේ.
බස් රියේ මේ අවස්ථාවේදී බයිඩන් හෝ කමලා හැරිස් සිටියේ නැත. නමුත් ටෙක්සාස් හි ප්‍රචාරණ කටයුතුවල නියැළී සිටින රිපබ්ලිකන් ජනතා නියෝජිත වැන්ඩි ඩේවිස් බස් රිය තුළ සිටි බවත්, දෙපිරිස අතර කිසිදු ගැටුමක් ඇති නොවූ බවත් වාර්තා වේ.
බයිඩන්ගේ කණ්ඩායම 911 අමතා ට්‍රම්ප් කල්ලිය ඉවත් කර ගැනීමට කටයුතු කළේය.
මේ අතර ට්‍රම්ප් මේ සිදුවීම ට්වීට් කර තිබුණේ “I LOVE TEXAS!” යනුවෙනි. ‘‘දැක්ක නේද අපේ මිනිස්සු.. ඔබ දන්නව ද ඒ අය ඊයෙ ඔහුගෙ බස් එකට ආරක්ෂාව දුන්නා.. මොකද ඔවුන් නයිස්..‘‘
“But it is something, did you see the way our people they … you know they were protecting his bus yesterday, because they’re nice,”
‘‘අපිට කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ. අඩුම වශයෙන් අපට ඒ සිද්ධ වෙච්ච දේ හොඳයි කියල හිතන ජනාධිපති කෙනෙක් මේ තාක් කාලයකට ඉඳල නෑ..‘‘ යැයි මේ සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් බයිඩන් පැවසුවේය.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…