දැනට ලෝකයේ රටවල් 85 කින් ඩෙල්ටා වේරියන්ට් හඳුනාගෙන ඇත.
මෙහි ප්‍රතිඵලයක් ලෙසට රටවල් ගණනාවක් හදිසි පියවර ගනිමින් නව කෝවිඩ් ප්‍ර භේදය මර්දනය කිරීමේ යෙදී සිටියි.
ඉරානය පස්වැනි කෝවිඩ් රැල්ලට මුහුණ දීමට නියමිත බව වාර්තා වේ. මැදපෙරදිග අසීරුම තත්වය ඉරානයෙන් වාර්තා වේ.
‘‘රට පුරාම 5 වැනි කෝවිඩ් රැල්ල පැතිරෙන බවට බියක් ඇති වී තිබෙනවා.‘‘ යැයි ඉරාන ජනපති හසන් රුහානි ඉරානයේ කෝවිඩ් කාර්ය සාධක බලකාය හමුවේ පැවසීය.
මේ වන විටත් රටේ දකුණු දිග පෙදෙස්වල ඩෙල්ටා වේරියන්ට් පැතිරී තිබේ.
පිට පිට 6 වැනි සතියටත් අප්‍රිකාවෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා කිරීමට ඩෙල්ටා වේරියන්ට් වගබලාගෙන තිබේ. අප්‍රිකානු රටවල් 38 ක මරණ ප්‍රතිශතය 15%කින් ඉහළ ගොස් තිබෙන්නේ මරණ 3000 ක් වාර්තා කරමිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අප්‍රිකාව ඉදිරියේදී මුහුණ දෙන තත්වය වඩා අසීරු වීමට ඉඩ තිබේ.
‘‘අපි නියත වශයෙන්ම මේ 3 වැනි රැල්ල තුළ කුණාටුවේ කේන්ද්‍රය වෙත යමින් සිටිනවා..‘ යැයි බලධාරීහු පවසති.
2021 අප්‍රේල් මාසයේදී ඩෙල්ටා කෝවිඩ් ප්‍රභේදය හඳුනාගන්නා තෙක් ෆීජි දූපත්වලින් ‘ප්‍රජා මට්ටමෙන් පැතිරී යන කෝවිඩ් වසංගතයක්‘ වාර්තා වූයේ නැත.
නමුත් ඊයේ දිනයේ එරටින් වැඩිම දෛනික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මරණ 2 ක් ද ඒ අතර වේ.
ඉන්දුනීසියාව, මරණ 539 ක් සහ ආසදිතයන් 25,000 ක් එක් දිනක් තුළ වාර්තා වීමෙන් අනතුරුව රටෙන් කොටසක් නැවත ලොක්ඩවුන් තත්වයට පත් කළේය.
මාසයක් ඇතුළත ඉන්දුනීසියාවේ කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 4 ගුණයක් දක්වා වැඩි වී තිබේ. නව ආසාදනවලින් 80%ක් හටගෙන තිබෙන්නේ ඩෙල්ටා කෝවිඩ් ප්‍රභේදය නිසා ය.
‘‘මුලින් අපට කෝවිඩ් ආවේ ආගන්තුකයන්ගෙන්. ඒත් දැන් අපි දන්න හඳුනන බොහෝ දෙනෙක් ආසාදිතයො වෙලා..‘‘ යැයි ජකර්තා වැසියෙක් AFP පුවත් සේවය සමග පැවසීය.
මීට පෙර ලිපියක දැක්වූ ආකාරයට රුසියාවේ සෙනසුරාදා දිනයේ මරණ 697 ක් වාර්තා වූයේ වසංගතයේ අසීරුම තත්වයක් උද්ගත ව ඇති බව පෙන්වා දෙමිනි. මෙය නව මරණ වාර්තාවක් ද වේ.
කියවන්න – රුසියාව කෝවිඩ් මරණවලින් වාර්තාවක් තබයි – ස්පුට්නික් එන්නතත් නතර වේවිද?
නවතම වාර්තාවලට අනුව ඩෙල්ටා කෝවිඩ් ප්‍රභේදය කිසිදු එන්නතක් ලබානොගත් අයට සහ එක් මාත්‍රාවක් පමණක් ලබානොගත් අයට අධි අවදානම් තත්වයක් ඇති කරයි.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.