එනිසා, මේ කෙටි ලිපිය, මෙම ඡායාරූපය සහ එයට පසුබිම් වූ කරුණු පිළිබඳව ය.
මෙම ඡායාරූපය ගනු ලැබුවේ කැනේඩියානු ජාතික ආධුනික ඡායාරූප ශිල්පියෙකු වන ස්ටීව් බිරෝ (Steve Biro ) විසිනි. කැනඩාවේ රැප්ටර් රක්ෂිතයේදී ගනු ලැබූ මෙය, ඔහු විසින් මුලින්ම පළ කරනු ලැබුවේ ද ෆේස්බුක් ගෘප් කිහිපයක් තුළ ය.
මහේශාක්‍ය පෙනුමැති තට්ට රාජාලියා, මේ ඡායාරූපය ගන්නා අවස්ථාවේදී ඡායාරූප ශිල්පියා දෙස අතිශය දැඩි බැල්මක් හෙළන්නේ හරියට කැමරාව වෙත කුරුමාණම් අල්ලන ගොදුරු පක්ෂියෙකු සිහිපත් කරමිනි.
එම පක්ෂියාගේ දෑස් සහ, විල් තලය මත වැටී ඇති උගේ ඡායාව විසින් සාදන පියාපත් වලය විසින් මෙම ඡායාරූපයට අද්විතීය වටිනාකමක් ලබා දී තිබිණි.
‘‘මේ ඡායාරූපය ගැනීමට මම ක්ලික්ස් සිය ගණනක් කළා..‘ යැයි ස්ටීව් පවසයි.
‘‘මම මේ ඡායාරූපයේ අනෙක් ඒවාට වඩා විශේෂත්වයක් දුටුවා. මෙහි උගේ පියාපත් ජලයේ යන්තමින් ස්පර්ශ වීම මගේ සිත් ගත්තා. නමුත් මිනිසුන් මේ ගැන කතා කරාවි කියා මම හිතුවේ නැහැ.‘‘
ස්ටීව් විසින් එය Reddit වෙබ් අඩවියේ මුල්පිටුවේ පළ කිරීමට කටයුතු කිරීමෙන් පසු එය ලොව පුරා ප්‍රවෘත්තියක් බවට පත්විය.
කැනඩාවේ ඔන්ටාරියෝ හි පිහිටා තිබෙන රැප්ටර් රක්ෂිතය වෙත පැමිණෙන ඡායාරූප ශිල්පීන් බොහෝ ය. එහි ජීවත් වන විශේෂ 200කට පමණ අයත් පක්ෂීන්ගෙන් සාමාන්‍යයෙන් ඔවුන්ට බාධාවක් හෝ තර්ජනයක් සිදු වන්නේ නැත.
නමුත් ‘බෘෘස්‘ නමැති මේ තට්ට රාජාලියා (Bruce the Bald Eagle) හැසිරුණේ ඊට වඩා තරමක් වෙනස් අන්දමිනි. තමන්ව කාච ඇසට සිය වතාවක් පමණ හසුකරගත් ඡායාරූප ශිල්පියා දෙස පක්ෂියා බලන්නේ තර්ජනාත්මක ලෙස ය. තමන්ගේ වසමට පැමිණි වදකාරයා දෙසම තියුණු බැල්මක් හෙළමින් ඌ ස්ටීව් බිරෝ දෙස කෙළින්ම පියඹා එයි.
එහි ප්‍රතිඵලයක් ලෙසට ලෝකයම අදටත් කතා කරන ඡායාරූපයක් ලොවට දායාද වී තිබේ.
Photo by STEVE BIRO
රුසියාව යුක්රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…