දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට එරට ක්‍රීඩා බළධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ සියලු වගකීම් ඔලිම්පික් කමිටුව විසින් සියතට ගෙන තිබෙනවා.
මෙම පියවර ගෙන තිබෙන්නේ දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය සහ ඔලිම්පික් කමිටුව (SASCOC) මගින් පත්කළ විමර්ශන මණ්ඩලයක් මාසයක කාලයක් තිස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.
ඒ අනුව SASCOC දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙන්නේ සියලු බළධාරීන් තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බවයි.
වත්මන් පරිපාලනය යටතේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වත්මන් හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ට, අනුග්‍රාහකයන්ට, සමස්තයක් ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කිසිදු විශ්වාසයක් නොමැති බවත්, දකුණු අප්‍රිකානු ක්‍රිකට් සම්පූර්ණයෙන්ම අපකීර්තියට පත්ව ඇති බවත් අදාල ලිපියේ සඳහන් වේ.
ක්‍රීඩා බළධාරීන්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් මෙතෙක් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය හෝ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෝ නිළ වශයෙන් ප්‍රතිචාර දක්වා නොමැත. කෙසේ වෙතත් ක්‍රික්බස් වෙබ් අඩවිය පවසන්නේ දකුණු අප්‍රිකානු රජයේ මෙම තීරණය හේතුවෙන් නැවතත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම මත තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කිරීමට ඉඩ ඇති බවයි.
ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දිගින් දිගටම විරෝධය පළකරන අතර මීට පෙර අවස්ථා ගණනාවකදී ක්‍රිකට් දේශපාලනීකරණය වීම හේතුවෙන් සිම්බාබ්වේ ඇතුළු රටවල් ගණනාවකට එවැනි තහනම් නියෝග පැනවීමට ICCය කටයුතු කළේය.
වර්ණභේදවාදය හේතුවෙන් දකුණු අප්‍රිකාව දශක ගණනාවක් ජාත්‍යන්තර පිටියෙන් ඈත්ව සිටි අතර නැවතත් එවැනි ඉරණමක් අත්වනු ඇති බවට ක්‍රික්බස් වෙබ් අඩවිය අනතුරු අඟවයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…