කලා

ද ග්‍රේ මෑන් සමඟ සටන් වැදුනු ඉන්දියානු තනි වෘකයා – ධනුෂ්!

මෙහි රංගනයෙන් රයන් ගෝස්ලින් (Ryan Gosling), ක්‍රිස් එවෑන්ස් (Chris Evans) , ඇනා ද ආර්මස් (Ana De Armas), ධනුෂ් (Dhanush) යන සුපිරි රංගන ශිල්පීන් / ශිල්පිනියන් දායක වේ. 2009 වසරේදී මාර්ක් ග්‍රීනි විසින් ලියන ලද The Gray Man නවකතාව පදනම් කර ගෙන ඇන්තනී රූසෝ සහ ජෝ රූසෝ ගේ අධ්‍යක්ෂණයෙන් මෙය නිර්මාණය වූ අතර තිරගත වූයේ 2022 ජූලි 22 වන දින ය.

කතාව සහ කතාවෙහි සිටිය චරිත ගැන කෙටියෙන් කිවහොත් මෙහි සික්ස් හෙවත් ප්‍රධාන චරිතයට පණ පොවන රයන් ගෝස්ලින් CIA සංවිධානය මඟින් අති දක්ශ ලෙස පුහුණු කෙරූ රහස් කණ්ඩායමක සාමාජිකයෙකි. ඔහුට සිදුව ඇති රාජකාරිය වන්නේ ‍රාජ්‍ය නිලධාරීන්ට කෙලින්ම සම්බන්ධ විය නොහැකි අවස්ථා ආවරණය කිරීමයි.

එමෙන්ම ඔබ කවුරුත් දන්නා Captain America (Chris Evans) මෙහිදී ලොයිඩ් ගේ චරිතයට පණ පොවන අතර හොලිවුඩයට අලුත් මුහුණුවරක් එක් කරමින් කොලිවුඩයේ සුපිරි නළු ධනුෂ් (Dhanush) මෙහි Avik san (ලෝන් වුල්ෆ්) යන චරිතයට තම සාධාරණත්වය ලබා දෙයි.

මෙය දකුණු ආසියාතික රංගධරයන් හොලිවුඩයට රැගෙන ගිය සුවිශේෂී අවස්ථාවකි. කළු සුදු භේදයට ලස්සන පිළිතුරක් ගෙන හැර පාමින් දකුණු ආසියාතික දක්ශයන් මෙලෙස හොලිවුඩයෙහි පිළිගැනීමට ලක්වීමද අගය කල යුතු කරුණක් වේ.

“ධනුෂ් (Dhanush)” 1983 ජූලි මස 28 තමිල්නාඩු ප්‍රාන්තයේ උපත ලද අතර, මොහු රංගන ශිල්පියෙකු විටෙක නිෂ්පාදකවරයෙකු සහ තවත් විටෙක අධ්‍යක්ෂකවරයෙකි. මොහු දායක වූ පළමු නිර්මාණය “Thulluvadho Ilamai” වන අතර ධනුෂ් ගේ සාර්ථකත්වයට ‘Maryan’, ‘Anegan’, ‘Kodi’, ‘Wadachennai’ ආදී චිත්‍රපට පසුබිම් විය. එමෙන්ම සුපිරි ක්‍රියාදාම චිත්‍රපට අතර Mari සහ Velaiilla pattadhari ඔහුගේ නම ගෙන ගිය චිත්‍රපට එකතුවකි.

ධනුෂ් ගේ විශේෂත්වයක් වන්නේ කොලිවුඩය පමණක් නොව වර්තමානය වන විට බොලිවුඩය සහ හොලිවුඩයද අතික්‍රමණය කිරීමට ඔහුට හැකිවීමයි. එනම් “Shamitabh (2015)” චිත්‍රපටයේ ගරු රංගන ශිල්පී අමිතාබ් බච්චන් සමඟ කරට කර තම රංගනයෙහි යෙදීමත් මෑතක දී එළිදැක්වූ The Gray Man හි දැක්වූ රංගනයත් නිසාවෙනි.

The Gray Man චිත්‍රපටයෙහි ධනුෂ් ගේ චරිතය කෙටි රාමුවක තිබියද ඔහු එයට උපරිම සාදාරණත්වයක් ලබා දෙමින් විටෙක දුෂ්ටයකු සහ විටෙක සාධාරණ පැත්තට නැඹුරු වෙමින් තම භූමිකාව රඟ දක්වයි.

මෙම ක්‍රියාදාම චිත්‍රපටය නැරඹූ ධනුෂ් ගේ රසිකයන් පවා එය පිළිබඳ විවිධ මත සටහන් තබා ඇත. ඔවුන්ගේ අදහස් වලින් පෙනී යන්නේ ඔවුන් ධනුෂ් ගේ රංගනය ඉතාමත් උද්‍යෝගයෙන් නරඹා ඇති බවයි.

මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කට අධික ආදායමක් උපයා ඇති මෙම චිත්‍රපටය අති සාර්ථක නිර්මාණයක් වීම පුදුමයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත.

නිපුනි ලියනගේ

Share

Recent Posts

දිල්ලි මහා ඇමති කෙජ්රිවාල් ඇප මත මුදා හැරේ

බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…

8 hours ago

සීක් බෙදුම්වාදී නායකගේ මරණය සම්බන්ධයෙන් කැනඩාව ඉන්දීය රජයට එරෙහිව කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැත – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය

රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…

1 day ago

ඇමරිකාව චීන සමාගම් රැසකට වෙළඳ සිමා පනවයි

මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

1 day ago

Bieber පවුලට එන්නට සැරසෙන අලුත් සාමාජිකයා ගැන හෙළිදරවුවක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…

1 day ago

Met Gala 2024හි තරු පිරිවරගේ විලාසිතා!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…

1 day ago

බයිඩන්ගේ උදවු නොමැතිවුවත් රෆා මෙහෙයුම ස්ථිරයි- නෙතන්යාහු

ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…

2 days ago

දකුණු කොරියාවේ උපත් අනුපාතය සිඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් නව අමාත්‍යංශයක් ස්ථාපිත කෙරේ

රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…

2 days ago

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

2 days ago

රෆා වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊශ්‍රයලය වෙත කරන ආයුධ සැපයුම නතර කරන බවට බයිඩන් අනතුරු අඟවයි

එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

3 days ago

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

3 days ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

3 days ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

4 days ago