එසැණ පුවත්

න්‍යෂ්ටික විද්‍යාඥයාගේ ඝාතනයට පළිගන්නා බවට ඉරානය දිවුරයි

ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් සේවාවක් වන ‘ෆාස් නිව්ස්‘ පවසන ආකාරයට මෙම දුරස්ථ පාලකය ක්‍රියාත්මක කර තිබෙන්නේ තවත් මෝටර් රථයක් තුළ සිට ය.

පළිගන්නා බවට දිවුරයි

ඉහළ පෙළේ ඉරාන නිලධාරීන් මේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට (මොසාඩ් ඔත්තු සේවයට) දොස් පවරමින් සිටින අතරවාරයේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා සයෙද් අලි කමේනි සහ සෙසු අය, මෙම න්‍යෂ්ටික විද්‍යාඥයාගේ මරණය සම්බන්ධයෙන් පළිය ගන්නා බවට දිවුරා තිබේ.

මිය ගිය මොෂේන් ෆක්රිසාදේ රටේ සිටි අංක එකේ න්‍යෂ්ටික විද්‍යාඥයා ය.

වාහනයෙන් බිමට බස්සවා මැරුවාද?

This photo released by the semi-official Fars News Agency shows the scene where Mohsen Fakhrizadeh was killed in Absard, a small city just east of the capital, Tehran, Iran, Friday, Nov. 27, 2020. Fakhrizadeh, an Iranian scientist that Israel alleged led the Islamic Republic’s military nuclear program until its disbanding in the early 2000s was “assassinated” Friday, state television said. (Fars News Agency via AP)

මේ අතර ඔහු ඝාතනය කළ ආකාරය සම්බන්ධයෙන් ද මත ගණනාවක් පළ වෙමින් තිබේ.

පසුගිය ඉරිදා දිනයේ ෆාස් ඒජන්සි පුවත් සේවය පැවසුවේ මොෂේන් සිය බිරිඳ සමග වෙඩි නොවදින මෝටර් රථයකින් ගමන් ගනිමින් සිටි බව ය. ඔහු සමග ඔහුගේ ආරක්ෂාවට වාහන තුනක් පැමිණ ඇති අතර, එක් වාහනයකට වෙඩි වදින හඬ අසා ඔහු වාහනයෙන් බැස තිබෙන්නේ සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට ය. අනතුරුව ඔහු මැෂින් තුවක්කුවකින් ඝාතනයට ලක් වේ.

මීටර 150 ක පමණ දුර තිබූ මෝටර් රථයකින්, අවම වශයෙන් වෙඩි පහරවල් 3 ක් පමණ ඔහුට වැදී ඇති බවත් එහි සඳහන් ය. ඔහුගේ ශරීරාරක්ෂක භටයා ට ද වෙඩි වැදී තිබේ. වෙඩි තැබීම විනාඩි 3 ක කාලයක් තිස්සේ සිදුව ඇත.

මීට පෙර වාර්තා වූයේ මෙම විද්‍යාඥයා නිසාන් වර්ගයේ මෝටර් රථයකින් ගමන් ගනිමින් සිටි බව ය. නමුත් ඉරාන ඒජන්සි පුවත් සේවය පවසන ආකාරයට දුරස්ථ පාලකය ක්‍රියාත්මක වී තිබෙන්නේ නිසාන් වර්ගයේ මෝටර් රථයක් තුළ ය.

මේ අතර ඉරානයේ රාජ්‍ය රූපවාහිනී සේවාවක් වන IRIB පැවසුවේ මුලින් පිපිරීමක් සහ දෙවැනුව වෙඩි තැබීමක් සිදුව ඇති බවයි.

ක්වාසම් සොලෙයිමනීගේ ඝාතනයට සමානයි

මේ අතර, ඉරානයේ විදේශ කටයුතු පිළිබඳ උපායමාර්ගික කවුන්සිලයේ ප්‍රධානී සයිද් කමාල් ඛාරාසි පවසන්නේ මෙම ඝාතනය සහ, පසුගිය වසරේදී ඉරාකයේ සිටියදී ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව මිය ගිය ක්වාසසම් සොලෙයිමනීගේ ඝාතනය අතර සමානකම් තිබෙන බවයි.

ක්වාසම් සොලෙයිමනී ඉරානයේ දෙවැනි බලවත්ම මිනිසා ලෙස සැලකුණු අතර, ඔහුව ‘රොක් ස්ටාර් ජනරාල්‘ යන අන්වර්ථයෙන් ද හැඳින්විණි. ඔහු ඉරානය තුළ කොතරම් ජනප්‍රිය චරිතයක් ද යත් ඔහුගේ අවමංගල්‍යයට දහස් ගණන් දෙනා පැමිණි අතර, 35 දෙනෙක් තදබදය නිසා මරු දැක තිබිණි.

පෙර ලිපි

ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික විද්‍යාඥයා මරා දැමේ – සැකය ඊශ්‍රායලය සහ ට්‍රම්ප් වෙතට

මීළඟ ගල්ෆ් යුද්ධයට අත වනමින් මරා දැමුණු ‘රොක්ස්ටාර් ජනරාල්‘ – ක්වාසම් සොලෙයිමනී

සොලෙයිමනීගේ අවමංගල්‍යයට පැමිණි 35 දෙනෙක් තදබදය නිසා මරුට

සොලෙයිමනීගේ අවමංගල්‍යයට මිලියන ගණනක් සෙනග – දියණියගෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

නැව් සහ ගුවන් යානා සූදානම් කර ගන්න -ඉරාන ජනරාල් මරා දැමීමෙන් පසු පිලිපීනයේ ඩුටර්ටි රත් වෙයි!

Share

Recent Posts

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

8 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

11 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

13 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

14 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

14 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

18 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

18 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

19 hours ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

1 day ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

1 day ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

2 days ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

2 days ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

2 days ago