කාලීන

පාර්ටිගේට් බෝම්බයෙන් දෙදරායන දක්ෂිණාංශය සහ ලන්ඩනයේ දේශපාලන පෙරළිය

ඉකුත් සතියේ එක්සත් රාජධානියේ පැවති පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සමඟ ඉතිහාසයේ පළමු වරට ලන්ඩනයේ දේශපාලන පෙරළියක් සිදුවනවා. තරමක් ප්‍රමාද වුනත් මේ ගැන කතාකළ යුතු නිසා ලියන්න හිතුනේ.

අනාදිමත් කලක පටන් දක්ෂිණාංශික පාලනයක් තිබුණු ලන්ඩනයේ පළමු වරට බ්‍රිතාන්‍යයේ වාමාංශික මතධාරී කම්කරු පක්ෂය ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් සභාව ජයග්‍රහණය කරනු ලබනවා.

ඒ අනුව දක්ෂිණාංශික මතධාරී බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂ පාලනයේ තිබූ සභා 3 ක බලය හිමිකර ගැනීමට කම්කරු පක්ෂය සමත් වනවා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගේ නො. 10 ඩවුනිං වීදියේ කාර්යාලය තිබෙන්නේත් මේ වෙස්ට්මින්ස්ටර් සභාවේ ම තමයි. මේ පළාත 1964 ඉඳන් කන්සර්වේටිව් පාලනයට යටත්ව තිබුණු බවට කියවෙනවා.

මීට අමතරව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය, දශක ගණනාවක් මුළුල්ලේ කන්සර්වේටිව් පාලනයට යටත්ව තිබූ වොන්ඩ්ස්වර්ත් සහ බාර්නට් සභා ද ජයග්‍රහණය කරනවා. කෙසේවෙතත්, හැරෝ සභාව ජයග්‍රහණය කිරීමට අසමත් වනවා.

ඒ අනුව ලන්ඩනයෙන් පිටත බලයක් හිමි නොවුනත් අධි බලැති කන්සර්වේටිව් කුළුණු බිඳ දැමීමට ශ්‍රීමත් කියර් ස්ටාමර් ප්‍රමුඛ කම්කරු පක්ෂය සමත් වනවා.

මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් තේරුම් ගත හැක්කේ කුමක්ද? වෙස්ට්මින්ස්ටර් හි මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙන්නේ කන්සර්වේටිව් මන්ත්‍රීවරුන් 401 දෙනෙකු පමණි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ආන්දෝලනාත්මක බ්‍රෙක්සිට් ගනුදෙනුවට සහාය පළකළ බෙක්ස්ලි, බ්‍රොම්ලි සහ හිලිංඩන් වල බලය රැක ගැනීමට ටෝරි මන්ත්‍රීවරුන් සමත්ව තිබෙනවා.

මෙය ලන්ඩනයේ දක්ෂිණාංශික දේශපාලනයේ බිඳවැටීමක් ද?

ලන්ඩනය යනු බ්‍රිතාන්‍යයේ වාමාංශික කම්කරු පක්ෂයේ ආකර්ෂණය දිනූ එහෙත් හැමදාම වගේ දක්ෂිණාංශික කන්සර්වේටිව් පාලනය තිබූ කලාපයක්. අර ලංකාවේ රතුපාටට කැමති වුනත් හැමදාම කතිරෙ වැටුනේ නිල්-කොළ පාට දෙකට වගේ තමයි.

නමුත් ගතවූ කාලය තුළ කන්සර්වේටිව් ආකර්ෂණය ක්‍රමක්‍රමයෙන් ලන්ඩනයේ ගිලිහෙමින් තිබෙන බව දක්නට ලැබෙනවා. කොවිඩ් උවදුර ආවත් හරි, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එළිපිට මාට්ටු වෙන ගොං වැඩක් කරනවා. කොවිඩ් උවදුර මැද සෞඛ්‍ය විධිවිධාන උල්ලංඝනය කරමින් සාද පවත්වන්න ගිහිං අතේ මාට්ටු වනවා. මේ අතර, රටේ ඉහළ යන ජීවන වියදම ගැන අතේ පත්තු වෙන බොරු ගොතමින් මාධ්‍යයට කියනවා. 2022 පළමු මාස තුන තුළ පමණක් බ්‍රිතාන්‍ය ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් බිලියන ගණනක අසාමාන්‍ය ලාභයක් ලබද්දී ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයන්ට බදු ගැසීම බොරිස් ජොන්සන් ප්‍රතික්ෂේප කරනවා. පාර්ටිගේට් ජරමරය නිසා තමා ළඟම හිටපු බොහෝ කන්සර්වේටිව් දැවැන්තයන් බොරිස් ජොන්සන් අහිමි කරගන්නවා.

කොවිඩ් උවදුර පැවති කාලය තුළ ලෝකයේ අනෙකුත් රටවල් වගේම බ්‍රිතාන්‍යයේ පුරවැසියන් ද බරපතල අර්බුදයකට මුහුණ පෑවා. වැඩිහිටි ප්‍රජාව අතර මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගියා. කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද හටගනිමින් මනුෂ්‍ය ජීවිත වලට එල්ල කළ බලපෑම එක්ක බලද්දී, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව නොතිබෙන්නට එරට ජනතාවට මොනවා වෙන්න තිබුණා ද කියලා හිතාගන්න වත් බැහැ. හැබැයි පාලක පක්ෂ නායක අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් රට අගුලු දමා ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් නිවාස වලට කොටුවී දුක් විඳින විට කොවිඩ් විධිවිධාන අමුඅමුවේ උල්ලංඝනය කරමින් සාද පවත්වා ඉතාම නරක පූර්වාදර්ශයක් රටට සැපයූවා.

1978 පටන් දක්ෂිණාංශික නැඹුරුවක් තිබුණු වොන්ඩ්ස්වර්ත් සභාව බ්‍රිතාන්‍යයේ වැඩිම කලක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මාග්‍රට් තැචර් ගේ ප්‍රියතම සභාව බවට කියවෙනවා. සභා බදු කප්පාදු කිරීම, සහ විවිධ සේවා පෞද්ගලීකරණය කිරීම අතින් ඉහළ ප්‍රසිද්ධියක් ලබා තිබූ සභාවක් වොන්ඩ්ස්වර්ත්. එහෙම තිබුණු වොන්ඩ්ස්වර්ත් සභාවේ පළමු වරට දක්ෂිණාංශයේ සොහොන් ළකුණු දකින්නේ 2018 දී. ඒ එම වර්ෂයේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් ටෝරි පක්ෂය ජයග්‍රහණය කරන්නේ කම්කරු පක්ෂයට සාපේක්ෂව සියයට 4.1 ක තරම් සුළු ප්‍රමාණයකින් පමණක් වීම නිසායි. 2019 පටන් ලන්ඩනයේ පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශ තුනෙහිම කම්කරු පක්ෂ නියෝජනය පැවතියා.

දැන් කම්කරු පක්ෂයම පවසන්නේ, ඔවුනට කිසිවිටක මැතිවරණ කටයුතු වලදී බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාගේ වැරදි ගැන හෝ පාර්ටිගේට් සිදුවීම ගැන කරුණු ජනතාවට සිහිපත් කිරීමට අවශ්‍ය නොවූ බවයි. ඒ අනුව, දැන් ජනතාවම බ්‍රිතාන්‍ය රජය ගැන හොඳ තක්සේරුවක් ලබා දෙමින් සිටින බවයි කම්කරු පක්ෂ සාමාජික හා වොන්ඩ්ස්වර්ත් සභාවේ නායක වීමට නියමිත සයිමන් හොග් පවසන්නේ.

මේ අතර, 1964 සිට මැතිවරණ දෙකකදී හැර අනෙකුත් සියලුම මැතිවරණ වලදී ටෝරි බලය ආරක්ෂා කරගත් බාර්නට් සභාවේ ජය හිමිවන්නේත් කම්කරු පක්ෂයට. මේ ගැන හොඳ විග්‍රහයක් බාර්නට් සභාවේ කන්සර්වේටිව් නායක ඩැනියල් තෝමස් විසින්ම ලබා දෙනවා. කම්කරු පක්ෂයට බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුවේ බහුතර බලය දිනා ගැනීමට නම්, ඔවුන් බාර්නට් හි ජය තහවුරු කර ගත යුතු බවත්, මැතිවරණ ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂය බාර්නට් සභාව ජයග්‍රහණය කර ඇති බැවින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ත් ඔවුන්ම ටෝරි බලය හිමි මැතිවරණ කොට්ඨාශ ජයග්‍රහණය කළහොත් කන්සර්වේටිව් පක්ෂයට යළි රජයක් පිහිටුවීමට නොහැකි වනු ඇති බවත් ඔහු පවසනවා.

හැබැයි මෙය බ්‍රිතාන්‍යයේ දක්ෂිණාංශික පාලනයේ මළගම යැයි කියා පොත වසා තැබීමට මම කැමති නැහැ. මන්ද, වෙස්ට්මින්ස්ටර්, වොන්ඩ්ස්වර්ත් සහ බාර්නට් සභා වල ජය තහවුරු කර ගැනීමට කම්කරු පක්ෂය සමත් වුනත්, බ්‍රිතාන්‍යයේ වාමාංශික කුළුණක් ලෙස ප්‍රසිද්ධ හැරෝ සභාවේ බලය මෙවර කම්කරු පක්ෂයට අහිමි වනවා. අවසාන වරට මැතිවරණයක එවන් සිදුවීමක් හටගෙන තිබෙන්නේ 2006 වර්ෂයේ දී!

එපමණක් නොවෙයි, 2015 වර්ෂයේ දී මැතිවරණ වංචා වලට වරදකරුවකු වී වසර පහක ධුර තහනමක් පවා ලබන ලුට්ෆර් රහ්මන් නම් ආන්දෝලනාත්මක දේශපාලඥයා මෙවර ටවර් හැම්ලට්ස් සභාව වෙනුවෙන් මැතිවරණයට තරඟ වදිනවා. කම්කරු බලය තිබුණු ටවර් හැම්ලට්ස් සභාවේ බලය මෙවර යන්නේ ඔහුගේ අතට! ඒ අනුව ටවර් හැම්ලට්ස් සභාවේ හිටපු කම්කරු පක්ෂ නගරාධිපති ජෝන් බිග්ස් ලුට්ෆර් රහ්මන් හමුවේ පරාජය වනවා.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ දක්ෂිණාංශය දෙදරා යමින් තිබෙන බවක් පෙනෙන්නට තිබෙන මුත්, මේ හටගත් දේශපාලන පෙරළිය තුළ වාමාංශික රජයක් පිහිටුවීමට කම්කරු පක්ෂයට තව බොහෝ දේශපාලන පැතිකඩයන් කෙරේ අවධානය යොමුකරන්න සිදුව තිබෙන බවයි මට නම් හිතෙන්නේ.

ඡායාරූප: බීබීසී

Share

Recent Posts

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

11 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

11 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

1 day ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago