කාලීන

පැරිස් විලාසිතා සතිය මැද – කොවිඩ් මරුවා බිලිගත් විලාසිතා ලෝකයේ ජපන් දැවැන්තයා – Kenzo

අන්තර්ජාතික Kenzo විලාසිතා සන්නාමයේ හිමිකරු මෙන්ම එම විලාසිතා සමාගමේ නිර්මාතෘවරයා වන්නේද ඔහුයි. අති සුඛෝපභෝගී K-3 සන්නාමය ද ඔහුගේ නිර්මාණයක්.

ප්‍රංශයේ දිනෙන් දින ඉහළ යමින් තිබෙන කොවිඩ් අවදානම නොතකා ඩිජිටල් තාක්ෂණය ද දායක කර ගනිමින් ඔහු සිය විලාසිතා දැක්ම පවත්වමින් සිටි බවයි වාර්තා වන්නේ.

මෙම ලෝ ප්‍රකට නිර්මාණකරුවා මිය යන විට 81 හැවිරිදි වියේ පසුවුණා.

පහත දැක්වෙන්නේ 1998 මාර්තු 10 වැනිදා පැරිසියේ පැවති ගිම්හාන-ශීත සෘතු විලාසිතා දැක්මේදී කෙන්සෝ සිය නිර්මාණ ඉදිරිපත් කළ අවස්ථාවක්.

Daniel Simon-Gamma-Rapho-Getty Images

කෙන්සෝ තකාඩා ලොව පුරා සංචාරය කරන්නට ප්‍රිය කළ අයෙක්. ඔහුගේ නිර්මාණවලට හැම විටම එම සංචාරයන්හීදි ඔහු සිතේ එකතු කර ගත් දීප්තිමත් වර්ණයන් සහ ජපන් ආරේ පින්තාරු එකතු කර ගැනුණා.

Kenzo Takada

ලෝකයේ විවිධ සංස්කෘතීන් දීප්තිමත් පැහැයන්ගෙන් යුතු බව ඔහුගේ නිර්මාණ කලාව අපට කියා දුන්නා.

ඒ සංස්කෘතීන් එකට කලතන්නට හොඳම තැන විදිහට ඔහුට පෙනී ගිය පැරිසියේ ඔහු සදහටම නතර වුණා.

1976 වසරේදී ඔහු ප්‍රංශයේ Place des Victoire වල පළමු flagship store විලාසිතාගාරය ආරම්භ කළා. මීලග දශක 3 ම ඔහු ගත කළේ එය දියුණු කරගන්නටයි. ඔහු සඟරා පළ කළා. ඒ වගේම සුවඳ විලවුන් සන්නාමක්ද හඳුන්වා දුන්නා. 1993 අවුරුද්දේදී LVMH නමින් තමන්ගේ ව්‍යාපාර ඒකාබද්ධ කළා.

‘‘ඔව්, ඇත්තෙන්ම නිව්යෝක්, මිලාන්, පැරිසිය, ලන්ඩන්, තෝකියෝ, මේ හැම තැනකම විලාසිතා තිබෙනවා. ඒත් ප්‍රංශයේ නතර වීම අතිශය වැදගත්..‘‘ යැයි ඔහු වරක් කිව්වා.

මේ ඔහුගේ 1986 පැරිස් විලාසිතා දැක්මේ අවස්ථාවක්.

Pierre Vauthey-Sygma-Getty Images

මේ, 1983 වසරේදී කෙන්සො තකාඩා.

Pierre Vauthey-Sygma-Getty Images

කෙන්සෝ තකාඩා පැරිසියට ආවේ 1970 වසරේදියි. ඒ ආගමනය කුණාටුවකට සම වුණා. Jungle Jap නම් වූ ඔහුගේ පළමු විලාසිතා නිර්මාණ එකතුව සම්පූර්ණයෙන්ම ගැනුම්කරුවන් විසින් මිලදී ගත්තා.

K-3 සන්නාමය 2020 ජනවාරි මාසයේ පැරිසියේදී දොරට වඩිද්දී එහි ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරන ජොනතන් මැන්හෙයිම් මෙහෙම කිව්වා.

‘‘කෙන්සො තකාඩා ඇස් අදහාගත නොහැකි තරම් නිර්මාණශීලී කෙනෙක්. පෙරදිග සහ අපරදිග යා කරමින් එනම් ඔහු උපන් ජපානයත් – ජීවත් වන පැරිසියත් යා කරමින් කලාත්මක ඒ වගේම වර්ණවත් කතාන්දරයක් ලියන්නට ඔහු වෑයම් කළා..‘‘

‘‘ඔහු ජීවත් වීමේ කලාවේ සාරයයි‘‘

නමුත් අවසානයේ ප්‍රංශය වෙළාගෙන ඇති කොවිඩ්-19 වසංගතය, ජපානයෙන් පැමිණ විලාසිතා ලෝකය දිග්විජය කළ ප්‍රථමයා සහ මේ පෙර – අපර දෙදිග යා කළ මිනිසා සදහටම අපෙන් උදුරා ගත්තා.

 

[embedyt] https://www.youtube.com/watch?v=5DVbw7Csf9A[/embedyt]

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

6 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

10 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

18 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

19 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago