බර්ලිනයේ Radisson Blu හෝටලයෙහි ආලින්දයේ ජලය ලීටර් මිලියනයක් අඩංගු නිවර්තන මසුන් 1,500 කට නිවහනව තිබූ AquaDom යෝධ මින්මැදුර පුපුරා ගොස් හෝටලය සහ ඒ අවට වීදි ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
AquaDom 2003 දෙසැම්බර් මාසයේදී විවෘත කරන ලද අතර එය මීටර් 14 (අඩි 46) උසින් යුතු වේ. එය ලොව විශාලතම නිදහස් සිලින්ඩරාකාර මින්මැදුර ලෙස ගිනස් ලෝක වාර්තාව ද ලබා ගෙන ඇත. මෙහි මාළුන්1500 කට වඩා සිට ඇති අතර මෙම මින් මැදුර ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 11.2ක් පමණ වැය කර තිබේ. අද දිනයේ එහි වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ මින් මැදුර නැරඹීම තාවකාලිකව වසා දමා ඇති බවයි.
මින් මැඳුර පුපුරා යාමට හේතුව මෙතෙක් අනාවරණය නොවන අතර මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලීසිය වාර්තා කර තිබුණේ වීදුරු කැබලිවලින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි. මින් මැදුර පුපුරා යාමත් සමඟ මාර්ගවල අධික වශයෙන් ජලය ගලා යාම හේතුවෙන් ට්‍රෑම් රථ සේවාවද මේ වන විට නවතා දමා ඇති බව බර්ලිනයේ පොදු ප්‍රවාහන අධිකාරිය නිවේදනය කර ඇත.
සශිකලා මධුෂාණී_
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…