එක්සත් රාජධානියෙහි උද්ධමනය මේ වන විට 10%කින් ඉහළගොස් ඇති අතර සෞඛ්‍ය සේවාව පසුගිය දා මානුෂික අර්බුදයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදි. එමෙන්ම මේ වන විට රට ඉතිහාසයේ දරුණුතම නියඟයෙන් පීඩාවට පත්ව දුක්ඛිත ගිම්හානයක් දරා ගනිමින් සිටියි. මහජනයා චෝදනා කරන්නේ මෙම කිසිදු තැනක මහජන නියෝජිතයන්ගේ මැදිහත්වීම දක්නට නොමැති බවයි.
බොරිස් ජොන්සන්ගෙන් හිස් වූ අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් තරඟ කරන ලිස් ටස් හා රිශී සුනක් සැප්තැම්බර් 5 දක්වා ක්‍රියාත්මක නොවනු ඇත. කෙසේ නමුත් ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ පීඩාවට පත් වූවන් සඳහා මූල්‍ය ආධාර සැපයීමට පියවර ගැනීම මීළඟ අගමැතිවරා සතු කරුණකි. තත්වයේ බරපතලකම නිසා පක්ෂය ඉක්මනින් තරඟය අවසන් කර නව අගමැති පත්කිරීම හෝ ජොන්සන්ට ක්‍රියාමාර්ග ගැනීමට බලය දිය යුතුය යනුවෙන් යෝජනා ඉදිරිපත් වෙමින් පවතියි. මීළඟ අගමැතිවරයා තෝරාගනු ලබන්නේ බ්‍රිතාන්‍ය මහජනතාව විසින් නොව, මිලියන 67 ක් පමණ වන ජාතියක 200,000 කට අඩු ජනතාවකින් සමන්විත යැයි සැලකෙන පාලක කොන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකයින් විසිනි.
විපක්ෂයේ කම්කරු පක්ෂය මේ සතියේ පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස ඉල්ලා ඇත අතර බලශක්ති බිල්පත් කැටි කිරීමට නීති සම්පාදකයින්ට ඉක්මන් පියවර ගැනීම එමඟින් අපේක්ෂා කෙරේ.
මේ සතිය මුලදී උද්ධමනය 10% ඉක්මවා ගිය අතර, දැනටමත් එදිනෙදා අවශ්‍යතා සපුරාලීමට අරගල කරන කුටුම්භ මත විශාල පීඩනයක් ඇති කර ඇත. වසර අවසානයේ සහ ඉන් ඔබ්බට දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව හැකිලෙනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් පුරෝකතනය කර තිබේ.
ජාතික සෞඛ්‍ය සේවා සම්මේලනයේ ප්‍රධාන විධායක මැතිව් ටේලර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ බොහෝ දෙනෙකුට සිය ආහාර වේල් ලබා ගැනීමට නොහැකිව ඉතා දුක්ඛිත තත්වයකට මුහුණ දී ඇති බවයි.
මේ වන විට කාර්මික ක්ෂේත්‍රයේ මෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේද කටයුතු අඩාලව ඇති අතර කාර්මිකයන් හා පෞද්ගික නීතීඥවරුන්ද සිය වෘත්තීන්ගෙන් බැහැරව විරෝධතා ව්‍යාපාරයක නිරතව ඇති බව ද අනාවරණය වේ.
සශිකලා මධුෂාණී_
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…