ලොව යන අත

‘බැට්මෑන් මායා රජු‘- ‘කැමසොට්ස්‘ගේ අබිරහස හෙළිවෙයි!

එයින් කියැවුණේ නූතන චිත්‍රපට ෆැන්ටසියක් සහ පොප් සංස්කෘතියේ සුපිරි වීරයෙක් වන ‘බැට්මෑන්‘ ගේ හැඩහුරුකමට අතිශයින්ම සමාන සැබෑ මායා රජු කෙනෙක් මේ ලෝකයේ ජීවත් ව ඇති බව හෙළි වී ඇත කියායි.

මේ කතාවේ සුළමුල අවුට්බවුන්ඩ් ටුඩේ පාඨකයන් වෙනුවෙන් අපි සොයා බැලුවා.

කරළියට ආ හැටි

‍ මේ සමග දැක්වෙන ප්‍රධාන ඡායාරූපය කැමසොටා මායා රජුගේ බව සඳහන් වන මුල්ම පුවත පළ වන්නේ 2019 මැයි මාසයේ  Yucatan Times සහ Curiousmos වැනි ප්‍රකාශනවලයි.

කැමසොට්ස් මායා රජුගේ සත්‍ය තොරතුරු ඒ ලිපිවල අන්තර්ගත වුණත්, මේ රූපය පළ කිරීම මගින් එම ප්‍රකාශන විසින් පාඨකයන් නොමග යවා තිබෙනවා. සැබවින්ම එය සිදුව තිබෙන්නේ එහි අඩංගු කැප්ෂනය නිසයි. එයට අනුව, මේ ප්‍රතිමාව, එසේත් නැතිනම් පිළිරුව අවුරුදු දහස් ගණනක් පැරණි එකක්!

වවුලෙකුගේ ස්වරූපයෙන් යුත් මායා දෙවියෙකු මායා පුරාවෘත්ත තුළ හමුවන බව සත්‍යයක්. එම දෙවියාගේ නම කැමසොට්ස් බවත් සත්‍යයක්. Camazotz නමුත් මේ ප්‍රතිමාව නම් මායාවරුන් ලොව විසූ ක්‍රි.ව. 500 යුගයේදී නිර්මාණය කළ එකක් නෙවෙයි. එය ඇත්තෙන්ම 2014 වසරේදී කිම්බෝල් –  Kimball නමැති කලාකරුවෙක් විසින් මෙක්සිකෝවේ ‘මියුසියම් ඔෆ් ඩිසයින්‘ කෞතුකාගාරය වෙනුවෙන් කළ නූතන කලා නිර්මාණයක්. එහිදී සිදුකර තිබෙන්නේ මෙක්සිකානු නිර්මාණශීලිත්වය තුළින් බැට්මෑන්ගේ චරිතය දෙස බැලීමක්.


බැට්මෑන්, කෞතුකාගාරයට ගිය හැටි

ලෝ ප්‍රකට Warner Bros Entertainment සමාගම, ඉහත කී මෙක්සිකානු කෞතුකාගාරය සමග එක් වී කලාකරුවන් 30 දෙනෙකුට 2014 වර්ෂයේදී “BATMAN THROUGH MEXICAN CREATIVITY” යන ව්‍යාපෘතිය සඳහා කලා නිර්මාණ ඉදිරිපත් කරන ලෙසට ඇරයුම් කරනවා. ඒ, බැට්මෑන් මායා දෙවියන්ව ෆයිබර්ග්ලාස් වලින් ප්‍රතිනිර්මාණය කරමින් කෞතුකාගාරයේ 75 වන සංවත්සරය සැමරීම නිමිති කර ගනිමින්.

සැබෑ ‘බැට් දෙවියා‘ The bat god of the Mayan culture – CAMAZOTZ

මායානු පුරාවෘත්තවල අපට හමුවන කැමසොට්ස් නමැති වවුලෙකුගේ ස්වරූපයක් දරන මායා දෙවියා රාත්‍රිය සහ අන්ධකාර පාතාල ලෝකය සමග ඈඳී ඇති චරිතයක්.මේ නමෙහි අර්ථය මායා ශිෂ්ටාචාරයේ මිනිසුන් භාවිතා කළ කීයෙක් භාෂාවට අනුව  “death bat” – හෙවත් ‘මරණයේ වවුලා‘ යන අර්ථය ලබා දෙනවා.

දෑත් විහිදාගෙන සිටින ස්වරූපය අනුව වවුලෙකු මෙන් නිරූපණය වන මෙම මායා දෙවියා, ග්වාතමාලාවේ ග්වාතමාලා සිටි අගනුවර Museo Popol Vuh නමැති කෞතුකාගාරයේදී දැක ගන්නට ලැබෙන්නේ මෙහෙමයි!

කැමසොට්ස් මායා දෙවියන් ගැන ‘බැට්මෑන්‘ චිත්‍රපටයේ සම්බන්ධය මේ අනුව ප්‍රශ්නකාරී වුණත්, කැමටොස් වැනි දෙවියෙක් මෙක්සිකෝවේ ජනප්‍රිය කොමික් කතා මාලාවක් වන
 Hellboy හි දැකගන්නට පුළුවන් වුනා. ඒ වගේම 2019 වසරේ තිරගත වූ මරියෝ ඩි ලා රෝසා රංගනයෙන් එක් වන Hellboy චිත්‍රපටයේත් සැබෑ බැට් දෙවියාට බොහෝ සබඳකම් ඇති චරිතයක් දැකගන්නට ලැබුණා.

ඉතින් පසුගිය කාලයේ අන්තර්ජාලය හා සාමාජ ජාල තුළ ‘වයිරල් ඉමේජයක්‘ බවට පත්වූ මේ ඡායාරූපය, සැබවින්ම මේ දෙවියන්ගේ ස්වරූපයට වඩා හාත්පසින්ම වෙනස් එකක් බව ඔබට පෙනෙනවා ඇති. මායා ශිෂ්ටාචාරයට අයත් මිනිසෙක් මේ නව නිර්මාණය දුටු විට තමන්ගේ ‘බැට් දෙවියන්‘ ව හඳුනා නොගන්නට පවා ඉඩ තිබෙන්නේ ඒ නිසයි!

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

14 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

15 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

19 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

22 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

23 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

24 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

1 day ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago