කාලීන

‘‘බුලත්විට කෑ විට කොවිඩ් වැළකෙනවා!‘‘ – මියැන්මාරයෙන් ලෝකය පුරා පැතිරෙන අලුත්ම කොරෝනා දුර්මතය

මෙම ව්‍යාජ පෝස්ටු මුලින්ම සංසරණය වීම ආරම්භ වූයේ ෆේස්බුක් හරහායි.

මේවා මුහුණු පොත ඔස්සේ දස දහස් ගණන් වාරයක් ෂෙයා වී තිබුණා. 2020 මාර්තු 30 වැනිදා මුලින්ම දැකගත හැකි වුණු මේ පුවත මේ වන විට 34,000 ක් ෂෙයා වී තිබෙන බව, ව්‍යාජ පුවත් වලට එරෙහිව හඬ අවදි කරන Boomlive.in වෙබ් අඩවිය පවසනවා.

පහත දැක්වෙන්නේ 2020 සැප්තැම්බර් 22 වැනිදා වන විටත් එම පුවතට පැතිරෙන ලෙස සංසරණය වුණු සමාන ව්‍යාජ පෝස්ටුවක්. එය 33,000 වාරයක් ෂෙයා වී තිබෙනවා.

ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවිවල තිබෙන ‘ඔටෝ ට්‍රාන්සලේෂන් ටූල් එක‘ නිසා ඒවා ස්වයංක්‍රීයව ඉංග්‍රීසි බසට පරිවර්තනය වීම, මෙවැනි ව්‍යාජ පුවත් පැතිරීමට රුකුලක් වී ඇති බව විශ්ලේෂකයන් පවසනවා.

මේ ඇතැම් පෝස්ට් වල බුලත් විටේ ඇති රසායනික සංයුතිය ඉස්මතු කර තිබෙන්නේ එය බැලූ බැල්මට ව්‍යාජ පුවතක් බවට සැක නොසිතෙන ලෙසයි. පහත දැක්වෙන්නේ එවැන්නක්.

‘‘බුලත් විටේ ඇති හුණුවල තිබෙන ඇල්කලයිල් සංයෝග (Ca(OH)2)කොරෝනා වෛරසයේ තිබෙන මේද ස්ථරය නසා දමනවා. වෛරසය ආවරණය වී තිබෙන්නේ මෙම මේද ස්ථරයෙන්. වෛරසය බුලත්විට හපන අයෙකුගේ මුඛයට ඇතුළත් වුණොත් මේ නිසා එය විනාශ වෙනවා.‘‘

මේ ප්‍රකාශය කළේ කවුද හෝ මේක කාගේ සොයාගැනීමක්ද කියා මේ පෝස්ටු කිසිවක සඳහන් වන්නේ නැහැ.

වුහාන් නගරයේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වුණේ නගරයට හුණු දියර ඉසීමෙන් බවත් තවත් සටහනක දැක්වෙනවා.

බුලත් කොළ, පුවත්ථ හුණු සහ දුම්කොළ මිශ්‍රණයක් වන බුලත් විට මියැන්මාර ජාතිකයන් බොහෝ විට භාවිතා කරන දෙයක්. එය ජනප්‍රිය උත්තේජකයක් බවයි සඳහන් වන්නේ.

මේ පෝස්ටු කොතරම් ලොව පුරා පැතිරුණාද කියනවා නම්, යුරෝපියානු ආහාර ආරක්ෂණ අධිකාරියටත් (European Food Safety Authority) මේ ගැන තමන්ගේ මතය ප්‍රකාශ කරන්නට සිද්ධ වුණා.

‘‘මේක සම්පූර්ණයෙන්ම ව්‍යාජ පුවතක්. බුලත් විට හුණුවලින් කොරෝනා වෛරසය මැරෙන්නේ නැහැ.‘‘

ඒ වගේම ඔවුන් ඉතා වැදගත් පණිවුඩයකුත් ඒ සමග ලබාදෙනවා. ඒ තමයි, බුලත් විට කෑම නිසා කොවිඩ් අවදානම වැඩි වෙන්නට පුළුවන් බව.

‘‘බුලත් විට පරිභෝජනය කරන්නන්, තැනින් තැන රතු පාටට කෙළ ගැසීම මගින් කොරෝනා අවදානම ඉහළ යා හැකියි..‘‘

කොරෝනා කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ වෛද්‍ය උපදෙස් දෙන විශේෂඥයන් හදිසියේ පහළ වෙනවා. මේ අය මියැන්මාරයේ වගේම ලංකාවේත් නොමදව දැක ගන්නට පුළුවන්. ඉදිරි දිනවලදී ලංකාවේ මුහුණු පොත් පරිශීලකයනුත් මේ වගේ නවසොයාගැනීම් කරන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා කල්පනාවෙන්, පිළිගත් සෞඛ්‍ය සහ වෛද්‍ය උපදෙස් විතරක් පිළිපදින්න.

 

Share

Recent Posts

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

10 hours ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

19 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

1 day ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

2 days ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

2 days ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

2 days ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

2 days ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

2 days ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

3 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

3 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

3 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

3 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

4 days ago