චරිත

මරා දැමීමට බලපත්‍ර හිමි වුණු මිනී පෙට්ටි ඔප දමන්නා – ෂෝන් කොනරි

Licened to Kill හෙවත් ‘මැරීමට බලපත්‍ර ලබා‘ ඔහු තිරය පුරා සැරිසැරුවේය. කුසගිනිකාර ව්‍යාඝ්‍රයෙකු සේ ගොදුරු සොයමින් දිව ගියේය. එහි තරගයක් නොවීය. ඔහුගේ මහා ප්‍රතිවාදියා වූ රොජර් මුවර්, ඊට ප්‍රතිවිරුද්ධව සරල ලෙස ඇසක් ගසා, මද සිනා පා විහිළුවක් කළේය.

නමුත් ඉයන් ෆ්ලේමිංගේ වීරයා එටන් බලා වෙත ගියද, ඔහුගේ සැබෑ ජීවන පසුබිම අධිවේගී මෝටර් රථ, සුන්දර කාන්තාවන් සහ වොඩ්කා මාටිනී සොළවා ලෙළවන එකක් වුයේ නැත.

දුප්පත් ඇරඹුම

 

තෝමස් ෂෝන් කොනරි 1930 අගෝස්තු 25 දා එඩින්බර්ග් හි ෆවුන්ටන්බ්‍රිජ් ප්‍රදේශයේ උපත ලැබුවේ කතෝලික කම්හල් සේවකයෙකුගේ සහ ප්‍රොතෙස්තන්ත ගෘහ සේවිකාවකගේ පුතා ලෙස ය.

ඔහුගේ පියාගේ පවුල 19 වන සියවසේ අයර්ලන්තයෙන් සංක්‍රමණය වූවන් ය. මවගේ සම්භවය ස්කායි කොදෙව්වේ ගේලික් බස කතාකළවුන් දක්වා දිව යයි.

වසර ගණනාවක් තිස්සේ එම පෙදෙස දුක්ඛිත තත්වයක පැවතියේය. ළාබාල ටොමී කොනරි හැදී වැඩුණේ එක් කාමරයක් තිබූ, සැවොම එක වැසිකිළියක් පාවිච්චි කරන සහ උණු වතුර නොතිබූ නිවසක ය.

වයස 13 දී ඔහු පාසලෙන් ඉවත් වන්නේ කිසිදු සුදුසුකමක් නැතිව ය. ඔහු කිරි බෙදුවේය. මිනීපෙට්ටි ඔප දැමුවේය. නාවික හමුදාවට බැඳෙන්නට පෙර ගඩොල් බැඳීම ද කළේය. තුන් වසරකට පසුව ඔහු නාවික හමුදාවේ සේවයට නුදුසුස්සෙකු වන්නේ ආමාශයේ වණ ඇති වීම නිසා ය. ඒ වන විට ඔහුගේ දෙබාහුවල ඔහුගේ ලලාසාවන් සහිත පච්චා තිබිණි. එයින් එකක වූයේ ‘සදහටම ස්කොට්ලන්තය‘ (“Scotland forever”) යන්නයි. අනෙක ‘මව සහ පියා‘ (“Mum & Dad”) යන්නයි.

එඩින්බර්ග් හිදී ඔහුව කොල්ලකන්නට පැමිණි හය දෙනෙකුගේ කල්ලිය පැරදූ පසු ඔහු ‘දැඩි මිනිසෙකු‘ ලෙස කීර්තියක් දිනා ගත්තේය. ඔහු ඔවුන් ව නතර කළ විට ඔවුන් ඔහු පසුපස ඒම අරඹා තිබිණි. කොනරි එවිට ඔවුන්ට විරුද්ධව තනි පුද්ගල ප්‍රහාරයක් දියත් කළේය. අනාගත බොන්ඩ් බිහිවෙමින් සිටියේය.

හැකි සෑම අයුරකින්ම ඔහු සිය ජීවිකාව සොයා ගත්තේය. ඔහු ට්‍රක් රථ එළවීය. ජීවිතාරක්ෂකයෙකු සේ කටයුතු කළේය. එඩින්බර්ග් කලා පාසලේ නිරූපණ ශිල්පියෙකු ලෙස ද කටයුතු කළේය. විවේක කාලය ඔහු කාය වර්ධනය වෙනුවෙන් වැය කළේය.

 

වචනයෙන් කිව නොහැකි ලස්සනක්

REX FEATURES
ෂොන් කොනරි පාසලෙන් ඉවත් කළ පසු කිරිකාරයෙකු, ගඩොල් බඳින්නෙකු සහ මිනීපෙට්ටි ඔප දමන්නෙකු ලෙස කටයුතු කළේය.

ශිෂ්‍යයෙකු වශයෙන් සිටියදී කොනරි ව සිතුවමට නැගූ කලාකරු රිකාඩ් ඩෙමාර්කෝ ඔහුව විස්තර කරන්නේ ‘‘වචනයෙන් කිව නොහැකි තරම් ලස්සන, සැබෑ අඩෝනිස් දේව රූපයක්‘ ලෙස ය.

උනන්දුජනක පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස කොනරි මැන්චෙස්ටර් යුනයිටඩ් පිලේ කළමනාකරු මැට් බස්බි ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. ඔහු කොනරි ට සතියකට පවුම් 25 ක පාපන්දු කොන්ත්‍රාත්තුවක් රැගෙන දුන්නේය.

නමුත් ප්‍රාදේශීය රඟහලක නොගැළෙපෙන කුඩා රැකියා කරමින් සිටියදී රංගන උණ වැළඳී සිටි කොනරි පාපන්දු රැකියාව කෙටි එකක් විය හැකි බව සිතා වේදිකාවේ සිය වාසනාව උරගා බලන්නට සිතුවේය. පසුව ඔහු මෙසේ කීවේය. ‘‘එය මා ගත් බුද්ධිමත් ම තීරණයක්‘‘

1953 වසරේදී ඔහු ලන්ඩනයට පැමිණ සිටියේ මිස්ට යුනිවර්ස් තරගාවලිය සඳහා ය. ‘සවුත් පැසිෆික්‘ නමැති සංගීතමය නාට්‍යයේ කෝරසවල කොටස් ගායනා කරන ආකාරය එහිදී ඔහුට අසන්නට ලැබුණේය. ඊළඟ වසරේදී ඔහු බ්‍රෝඩ්වේ රංගශාලාවේ ප්‍රකට නෘත්‍යයක් වූ ලැරී හැග්මන්ගේ ‘ලුතිනන් බස් ඇඩම්ස්‘ රඟපාමින් සිටියේය.

ඇමරිකානු නළු රොබට් හෙන්ඩර්සන්, තනිවම ඉගෙන ගන්නා ලෙසට කොනරි ව දිරිගැන්වීය. ඉබ්සන්, ශේක්ස්පියර් සහ බර්නාඩ් ෂෝගේ කෘති හෙන්ඩර්සන් ඔහු අතට පත් කළේය. මේවා පසුකලෙක ලැරී හැන්ග්මන් විසින් ජනප්‍රිය නෘත්‍යයන් බවට පත් කරන ලදී.

කොනරි කිසියම් චිත්‍රපටයක මුලින්ම පෙනී සිටියේ නම් ඒ, 1954 වසරේ තිරගත වූ Lilacs in the Spring චිත්‍රපටයේ ය. ටෙලිවිෂනයේ ද සුළු චරිත කිහිපයක් ඔහු කළෙය්. ඒ අතර BBC පොලිස් නාට්‍යයක් වූ Dixon of Dock Green හි මැර කල්ලි සාමාජිකයා ද වේ.

 

කාන්තාවන් ඔහුට කැමති වේවි…

 

1957 වසරේදී ඔහුට BBC නිෂ්පාදනයක් වූ ‘බ්ලඩ් මනි‘ හි ප්‍රධාන චරිතය ලැබුණේය. එය Requiem for a Heavyweight හි ප්‍රතිනිෂ්පාදනයක් විය. එහිදී ඔහු නිරූපණය කළේ සිය වෘත්තිමය ජීවිතයේ පරිහානිය කරා යන බොක්සිං ක්‍රීඩකයෙකුගේ චරිතයකි.

එය හොලිවුඩ් යුගපුරුෂයෙකු වූ ජැක් පලාන්ස් විසින් ඇමරිකාවේ ජනප්‍රිය කෙරිණි. පලාන්ස් ලන්ඩනයට පැමිණීම ප්‍රතික්ෂේප කළ විට අධ්‍යක්ෂවරයාගේ බිරිඳ ඒ වෙනුවට යෝජනා කළේ කොනරි ව ය.

‘‘කාන්තාවන් ඔහුට කැමති වේවි..‘‘ යැයි ඇය කීවාය.

එයින් වසරකට පසුව ඔහු Another Time, Another Place හොලිවුඩ් චිත්‍රපටයේ ටින්සෙල් ටවුන් නොහොත් ලැනා ටර්නර් අසල සිටිනු දක්නට ලැබිණි. ඇය සහ චිත්‍රපටයේ ඇගේ පෙම්වතා වූ රොනී ස්ටාම්පැනාටෝ අතර අනුරාගී ආදරයක් ගැන කසුකුසු පැතිරිණි.

රොනී වරක් පසුතලයට කඩා වැද තුවක්කුවක් අදියි. එවිට කොනරි එය රොනීගේ අතින් ඩැහැගෙන ඔහුව මැඩ පවත්වන්නේ සෙසු අය පැමිණ කොනරිට පයින් ගසා පසුතලයෙන් ඇදගෙන යාමට පෙර ය.

BBC නාට්‍යයක් වූ Blood Money හි ඔහුගේ රංගනය පැසසුමට ලක් විය.

බොන්ඩ්

ඉන්පසු බොන්ඩ් පැමිණියේය. ඉයන් ෆ්ලේමිංගේ නවකතා චිත්‍රපයට නැගීමේ අයිතිය නිෂ්පාදකරුන් වන කබී බ්‍රොෙකාලි සහ හැරී සෝල්ට්මන් විසින් හිමිකරගෙන තිබිණි. ඔවුහු 007 චරිතය නිරූපණය කිරීම සඳහා නළුවෙකු සොයමින් සිටියහ.

රිචඩ් බර්ටන්, කේරි ග්‍රාන්ට් සහ රෙක්ස් හැරිසන් වැනි සමකාලීන නළුවන් මේ සඳහා සලකා බැලිණි. BBC හි පීටර් ස්නෝ ව පවා මේ සඳහා තෝරාගැනීම සලකා බලා තිබිණි.

එම චරිතය සඳහා අවශ්‍ය කාන්දම් ගුණය සහ සරාගී රසායනය තිබෙන්නේ කොනරි තුළ බවට යෝජනා කළේ බොකෝලිගේ බිරිඳ වන ඩැනා විසිනි.

එම මතය බොන්ඩ් චරිතයේ සැබෑ නිර්මාණකරුවා වූ ඉයන් ෆ්ලේමිං ට පෑහුණේ නැත. ‘‘මම හොයන්නෙ කමාන්ඩර් බොන්ඩ් කෙනෙක්ව. වයසට වඩා වැඩුණු සටන් ශිල්පියෙක් නෙවෙයි..‘‘ ඔහු අවධාරණය කළේය.

නමුත් අවසානයේ බ්‍රොකෝලි නිවැරදි විය. ෆ්ලෙමිංට වැරදී තිබිණි. ගත්කතුවරයා, කොනරි ව තිරයේ දුටු විගසම සිය මතය වෙනස් කර ගත්තේය. පසුකාලීන බොන්ඩ් නවකතාවල ඔහු අර්ධ-ස්කොට්ලන්ත ඉතිහාසයක් පවා ලියුවේය.

අධ්‍යක්ෂවරයාගේ මිතුරෙකු වූ ටෙරන්ස් යං, කොනරිව සිය රැකවරණය යටතේ තබාගත්තේ ඔහුව මිල අධික භෝජනාගාර සහ කැසිනෝ වෙත කැඳවාගෙන යමිනි. තමන්ව නඩත්තු කරන්නේ කෙසේදැයි ඔහු කොනරි ට ඉගැන්වීය. සරාගී බවින් යුතු නවීන රහස් පරීක්ෂකයෙකු වන්නේ කෙසේදැයි ඔහු කොනරිට කියා දුන්නේය.

‍නිර්දය උපහාසයකින් හා හාස්‍ය රසයකින් යුතු බොන්ඩ් චරිතයක් කොනරි ගොඩනගා ගත්තේය. බොහෝ විචාරකයන් එයට කැමති නොවූ අතර, ඇතැම් විචාරයන් අවාසිසහගත ද විය. නමුත් මහජනතාව ඒ විචාර සමග එකඟ නොවීය.

සටන් ජවනිකා, ලිංගික දර්ශන සහ අති සුන්දර පසුතල ප්‍රේක්ෂකාගාරය ජයගන්නා සූත්‍රයක් විය. පළමු චිත්‍රපටය Dr No සල්ලි මිටි සමග බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේය. විදේශයන් හි පවා එය අති සාර්ථක විය. ජනපති කෙනඩි එහි පෞද්ගලික තිරගත කිරීමක් ධවල මන්දිරය සඳහා ඉල්ලා සිටියේය.

සීඝ්‍රගාමී ලෙස කොනරි ඉදිරියට ඇදුණේය. From Russia with Love (1963), Goldfinger (1964), Thunderball (1965) and You Only Live Twice (1967) ජයග්‍රාහී ලෙස තිරගත විය.

නමුත් මේ තිරගත කිරීම් විඩාපත් කරවනසුලු සහ විටින් විට භයානක ද විය. එක් අවස්ථාවක ඔහු ව මෝරුන් පිරුණු තටාකයකට විසි කෙරුණේ ෆ්ලෙක්සි ග්ලාස් ආරක්ෂක ආවරණයක් පමණක් සහිතව ය. නමුත් එක් මෝරෙකු තමන් සමීපයටම පැමිණෙන විට කොනරි බිය පරාජය කළේය.

ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ Marnie, The Hill නමැති යුධ සමයේ උතුරු අප්‍රිකාවේ පිහිටා තිබූ බ්‍රිතාන්‍ය හමුදා බන්ධනාගාරයක කතාවක් ද ඒ අතර විය.

RONALD GRANT
Goldfinger බොන්ඩ් චිත්‍රපටය තිරගත වන කාලය වන විට ඔහුගේ සාර්ථකත්වයට ප්‍රසිද්ධිය ලැබෙමින් තිබුණේය.

නමුත් You Only Live Twice චිත්‍රපයේ රූගත කිරීම් අවසාන වන කාලය වන විට ඔහු බොන්ඩ් චිත්‍රපටවලින් විඩාපත් ව සිටියේය.

ඒ අනුව On Her Majesty’s Secret Service බොන්ඩ් චිත්‍රපටය ඔහු ප්‍රතික්ෂේප කළේය. එම චරිතය ලබාදුන්නේ ඔස්ට්‍රේලියානු නළු ජෝර්ජ් ලැසෙන්බි හට ය.

සෝල්ට්ස්මන් සහ බ්‍රොෙකා්ලි නැවත වරක් කොනරි වෙත ළඟා වූයේ 1971 වසරේ තිරගත කළ Diamonds Are Forever බොන්ඩ් චිත්‍රපටය සඳහා ය. එවර නළුවාගේ ගෙවීම ඩොලර් මිලියන 1.25 ක් දක්වා ඉහළ දමන්නට ඔවුහු සූදානමින් සිටියහ. කොනරි එම මුදල්වලින් ස්කොට්ලන්ත අන්තර්ජාතික අධ්‍යාපන භාරය නිර්මාණය කළේ ස්කොට්ලන්ත කලාකරුවන්ගේ කලා ජීවිත ඔප මට්ටම් කිරීමට සහ අලුතෙන් ක්ෂේත්‍රයට පිවිසෙන ස්කොට් ජාතික නවකයන් සඳහා ය.

එම චිත්‍රපටය මිශ්‍ර විචාරයන් දිනා ගත්තේය. ඇතැම් විචාරකයන් කීවේ චිත්‍රපටය හාස්‍යය මත පමණට වඩා රැඳී තිබෙන බව ය. කෙසේ වෙතත් එම තේමාව, ඔහුගේ බොන්ඩ් අනුප්‍රාප්තිකයා වූ රොජර් මුවර් ගේ රංගනය තුළ තවදුරටත් වර්ධනය විය.

රඩ්යාඩ් කිප්ලිං ගේ The Man Who Would Be King චිත්‍රපටයේ කොනරි පෙනී සිටියේ ඔහුගේ මහා මිත්‍රයා වූ මයිකල් කේන් ද සමග ය. නමුත් ඊළඟ දශකයේ ඔහු වැඩි වශයෙන්ම රඟපෑවේ Time Bandits චිත්‍රපටයේ මෙන් සහායක චරිතයන් හෝ  A Bridge Too Far වැනි චිත්‍රපටවල මෙන් එක් විශේෂිත කොටසක් පමණි.

 

නැවත කවදාවත් කියන්න එපා – Never Say Never Again

 

ස්පාඤ්ඤ ඉඩම් ගනුදෙනුවකින් විශාල මුදල් සම්භාරයක් අහිමි කර ගත් කොනරි, බොන්ඩ් චරිතය නැවත රඟපෑම සඳහා ලැබු්ණු ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් ඉල්ලීම නැවත භාරගත්තේය. එම Never Say Never Again බොන්ඩ් චිත්‍රපටයේ ඔහු රඟපෑවේ මෙවර 007 නමැති වියපත් වෙමින් සිටින වීරයෙකුගේ චරිතයකි. පරිණත, නැණවත්, තමන්ව මදක් හෑල්ලු කරගන්නා, නමුත් අවසානයේ සියල්ල ජයගන්නා වීරයෙකුගේ චරිතයකි.

එම චිත්‍රපටයේ නම යෝජනා කර තිබුණේ කොනරිගේ බිරිඳ විසිනි. ඇයට අවශ්‍ය ව තිබුණේ ඇගේ සැමියා “never to play Bond again” – නැවත කිසිදා බොන්ඩ් චරිතය රඟපාන්නේ නැහැ‘‘ යනුවෙන් දී තිබූ ප්‍රතිඥාව සිහිගැන්වීමට ය.

මේ අතර, උම්බර්ටෝ එකෝගේ The Name of the Rose චිත්‍රපටයේ විලියම් බැස්කවිල් චරිතය වැනි චරිත හරහා ඔහු තවදුරටත් රංගනයේ නිරතව සිටියේය.

RONALD GRANT
The Name of the Rose වැනි චිත්‍රපට ඔහුට බොන්ඩ් චරිතයෙන් මිදීමට උදව් කළේය.

එයින් වසරකට පසුව නියත ස්කොටිෂ් උච්චාරණයකින් යුතු වුවද අයර්ලන්ත පොලිස් භටයෙකු සේ The Untouchables හි ඔහු කළ රංගනය, හොඳම සහාය නළුවා ලෙස ඔස්කාර් සම්මානයක් හිමි කර දුන්නේය.

Indiana Jones සහ Last Crusade චිත්‍රපටවලදී හැරිසන් ෆෝඩ් ට වඩා ඔහු වියපත් වූයේ වසර 12 කින් පමණක් වුවත් ඔහු හැරිසන් ෆෝඩ්ගේ පියාගේ චරිතයට පණ දුන්නේය.

The Hunt for Red October, The Russia House සහ Entrapment යන චිත්‍රපට බොක්ස් ඔෆිස් සාර්ථකත්වය ළඟා කර ගත්තේය. කෙසේ වෙතත් First Knight සහThe League of Extraordinary Gentlemen චිත්‍රපට යම් තරමකින් අසාර්ථක ඒවා විය.

2006 වසරේදී ඔහු ලෝ්ඩ් ඔෆ් ද රිංග්ස් හි ගැන්ඩොල්ෆ්ගේ චරිතය ප්‍රතික්ෂේප කළේ තමන් රංගනයෙන් වෙහෙසට පත් ව ඇති බව සහ, ‘‘මෝඩයන් දැන් හොලිවුඩයේ චිත්‍රපට හැදීම‘‘ නිසා තමන් සිතින් ආතුර වී ඇති බව කියමිනි.

 

විප්‍රවාසය

 

2012 වසරේ නිර්මාණය වූ බොන්ඩ් චිත්‍රපටය වූ ‘Skyfall‘ හි චරිතයක් සඳහා ඔහු ව සලකා බැලුණද, එහි අධ්‍යක්ෂ සෑම් මෙන්ඩෙස් නැණවත් ලෙස කල්පනා කළේ මීට පෙර 007 චරිතය රඟපෑ අයෙක් ඩැනියෙල් ක්‍රෙයිග් සමග එකට පසුතලයේ තැබීම, අවධානය වෙනතකට යොමු කරවන්නක් බවයි.

හොලිවුඩ් ජීවන විලාසය හැමවිටම අප්‍රිය කළ කොනරි ස්පාඤ්ඤයේ, පෘතුගාලයේ සහ කැරිබියන් දූපත්වල පිහිටා තිබූ සිය නිවෙස්වල දෙවන බිරිය වූ මිෂෙලීන් රොකුබෘන් සමග ජීවත් වීමටත් ගොල්ෆ් ක්‍රීඩා කිරීමටත් ප්‍රිය කළේය. ඇය, මොරොක්කෝවේදී ඔහුට හමුවූ කලාකාරියකි.

ඔස්ට්‍රේලියානු නිළියක වූ ඩියෑන් සිලෙන්ටෝ සමග ඔහුගේ පළමු විවාහය, 1975 වසරේදී සමාප්ත වූයේ ඔහු විසින් ඇයට ප්‍රචණ්ඩකාරී ලෙසට සලකන බවටත්, ඔහු සබඳතා ගණනාවක් පවත්වන බවටත් එල්ල වූ චෝදනා සමග ය. ඔවුන් දෙදෙනාට පුතෙකු සිටියි. ඒ, නළු ජේසන් කොනරි ය.

PA
විදේශයක ජීවත් වුවත් සිය ස්කොටිෂ් මූලයන්ට සත්‍යවාදී වන බව කොනරි කියා සිටියේය.

විප්‍රවාසී ජීවිතයක් ගත කළ ද ඔහු ස්කොට්ලන්ත විලාසිතා මුළු හදින්ම අනුගමනය කළේය. ඔහු සිය ජීවිතයේ වඩාත්ම දුක් වූ එක් සිද්ධියක් තිබේ. ඒ වරක් ඔහු ජපානයට ගිය විට ජපන් විස්කි සමාගමක් විසින් ඔහු ලවා ජපන් විස්කි සන්නාමයක් අනර්ඝ බවට උපක්‍රමිකව කියවාගෙන තිබීමයි. ස්කොෂ් විස්කිවල පරම රසිකයෙකු වූ ඔහු, එය ජපන් විස්කි බව නොදැන කළ දේ ගැන මහත් සේ දුක් වූ බව කියැවේ.

ඉක්මනින් තරහ යන බව සහ ‘රළු මනෝභාවය‘ ගැන වගකීම ඔහු පැවරුවේ කෙල්ටික් (ස්කොට්ලන්ත ස්වදේශික) ජානවලට ය. ‘‘මගෙ මතය නම්, ජීවිතයේ කොතැනකට යන්නත් ඔබ සමාජ විරෝධියෙකු විය යුතු බවයි‘‘ යැයි වරක් ඔහු පැවසුවේය. ‘‘එහෙම නැතිනම් ඔබව ගිලිලා නතර වේවි..‘‘

බොහෝ කලකට පෙර ලැබෙන්නට තිබූ නයිට් පදවිය ඔහුට අවසානයේ 2000 වසරේදී පිරිනමනු ලැබිණි. එය ප්‍රමාද වීමට හේතුව සේ සැලකෙන්නේ ඔහු ස්කොට්ලන්තයේ ස්වාධීනත්වයට එක හෙළා සහයෝගය දක්වන්නෙකු වීම ලේබර් ආණ්ඩුව විසින් සැලකිල්ලට ගැනීම බව කියැවේ.

සත්‍යය නම්, ඔහුගේ ජේම්ස් බොන්ඩ්, දැන් කෞතුකාගාරගත වස්තුවකි. කාන්තාවන් එම චිත්‍රපටවල දැක්වෙන ආකාරය සැබවින්ම යල්පැන ගොස් ඇත. සටන් ජවනිකා තවමත් සන්ත්‍රාසය ඇති කළත්, ලිංගික දර්ශන ද කාංසාව ඇති කරන්නේ ඒවා බොහෝ විට කැමැත්තට පටහැණිව සිදුකරන නිසා ය.

007 විසින් කාන්තාවකගේ පසුපස පෙදෙසට පහර දී ඇයව බලෙන් සිපගන්නා දසුන් දැන් අයිති අතීතයට ය. නමුත් ඒ කාලයේ කොනරිගේ රංගනයන් මිලියන ගණන් වූ ස්ත්‍රී පුරුෂ දෙපිරිසම විසින් රස වින්දනය කළ අතර, එම රංගනය රිදී තිරයට 20 වන සියවසේ අයිකනයක් කැඳවාගෙන ආවේය.

ඕනෑම නළුවෙකුට සාඩම්බර විය හැකි ආකාරයේ වැඩ කන්දක් ඔහු නිම කර ගොස් තිබේ. අවම වශයෙන්, ‘ජීවත්ව සිටින ශ්‍රේෂ්ඨතම ස්කොට් ජාතිකයා‘‘ යන පදවිය සඳහා පුරප්පාඩුවක් ඔහු විසින් ඉතිරි කර ගොස් තිබේ.

මූලාශ්‍රය –

Obituary: Sir Sean Connery (BBC)

Share

Recent Posts

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

10 hours ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

18 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

1 day ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

1 day ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

1 day ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

2 days ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

2 days ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

2 days ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

3 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

3 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

3 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

3 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

4 days ago