කාලීන

මෝදි ට්විටර් හරහා කොරෝනා පාලනය කර පෙන්වයි!

ඒ අමුතු කොරෝනා පාලනය සිදුකෙරෙන්නේ 2000 වසරේ සිට බලාත්මක කර තිබෙන තාක්ෂණික පනත (Technology Act 2000) හරහා ට්විටර් සමාගම යොදවාගෙන අලුත්ම තත්වයේ භයානක කම ගැනත්, මෝදිගේ රෝග පාලනයේ අසාර්ථකත්වත් ගැන කියන ට්විටර් පෝස්ට්, ගළවා දැමීමට අණ කිරීම මගිනි.

ඊයේ දිනය තුළ ඉන්දියානුවන් 2800 කට වැඩි පිරිසක් කෝවිඩ් හේතුවෙන් මරණයට පත් ව තිබේ. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 352,991 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එනිසා දැන් මෝදි ට ඕනෑ නම් මෙසේ කියන්නටද පුළුවන.

‘‘මගේ හැකියාව තමයි දෙදාස්පන්සීයක්වත් දිනපතා මෝක්ෂයට යැවීම..!‘‘

දැන්, ට්විටර් සමාජ මාධ්‍යය තුළ ඉන්දියාවේ කෝවිඩ් තත්වයේ භයානක කම ගැන පෝස්ට් පළ වන්නේ ඉතා අඩුවෙනි. එයට හේතුව ඇතැම් පෝස්ට් ගළවා දමා ඇතිනිසා ය. එනම් බ්ලොක් කිරීම හෙවත් අවහිර කිරීම කර ඇති නිසා ය.

එක් ඉන්දියානු ට්විටර් පරිශීලකයෙක් මෙසේ කියයි.

‘‘ඔක්සිජන් රෝහල්වලට ලබාදෙනවට වඩා ට්විටර් පෝස්ට් ගළවන එක ලේසියි..‘‘

ගවමූත්‍රා පානයෙන් කෝවිඩ් සුව කළ හැකි බව කියන සෞඛ්‍ය ඇමති

ඉන්දියාවේ වසර 7 ක මෝදි පාලනය ජනතාව තුළ අවසානයේ මේ සිදුව ඇත්තේ කුමක්ද? මෝදිගේ ජව සම්පන්න සුන්දර කතා සියල්ල අබිබවා කෝවිඩ් විසින් ඔහුගේ නිරුවත පෙන්වමින් සිටියි. ලෝකයේ දුප්පත් රටවලට බෙදන්නට ඇස්ට්‍රා සෙනිකා කෝවිඩ්-19 එන්නත පූනේ පර්යේෂණාගාරයක සාදන (Covishield) භාරත මාතාවට අවසානයේ තමන්ගේ දරුවන් චීනයේ මෙන්ම මහපාරවල් ගානේ මැරී වැටෙන සැටි බලාගෙන සිටින්නට සිදුවී තිබේ. මේ කෝවිඩ්-19 දෙවැනි රැල්ල විසින් ඉන්දියාව තුළ නිර්මාණය කර තිබෙන්නේ ලෝකයේ වැඩිම වේගයකින් පුපුරා යමින් තිබෙන වෛරස් බෝම්බයකි. ඔක්සිජන් සැපයුම් අඩාල වී තිබෙන්නේ මන්දැයි තීරණය කිරීම දැන් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අතට ගෙන තිබේ. එය විසින් මේ සතියේ බ්‍රහස්පතින්දා වන විට සියලුම ප්‍රාන්තවලට සෞඛ්‍ය යටිතල පහසුකම් පිළිබඳ වාර්තා සපයන ලෙසට නියම කර තිබේ. කෙසේ නමුත් සෞඛ්‍ය ඇමති හර්ෂ් වර්දාන් කියන්නේ ගවමූත්‍රා පානයෙන් කෝවිඩ් සුව කළ හැකි බව ය!

නවතම වාර්තාවලට අනුව ට්විටර් සමාජ ජාලය ඉන්දියානුවන්ගේ පෝස්ට් ගළවන්නට පටන් ගන්නේ, බටහිර බෙංගාලයේ දේශපාලකයෙක්, ඉන්දියාවේ සිදුවන කෝවිඩ් මරණවල වගකීම මෝදි විසින් ගත යුතු බව පැවසූ වේලේ සිට ය. මේ අතර, මෝදි ජනමතය තමන්ගෙන් ගිලිහේ යැයි බියෙන් තවමත් දහස් ගණන් දෙනා සහභාගි වන ප්‍රචාරක රැළි පවත්වමින් යයි. #ResignModi #SuperSpreaderModi වැනි අලුත් හෑෂ්ටැග් ද සමග ඒවා ගැන ද විවේචන පළ වන්නට පටන් ගන්නා විටදී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ද වළලා දමන්නට මෝදි තීරණය කර තිබේ. එක දවසක් ඇතුළත මතභේදාත්මක ට්විටර් පෝස්ට් 52 ක් අතුරුදන් වන්නේ මේ තත්වය තුළ ය.

භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ආදාහනය කිරීම

නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ දෙවරක්ම අගමැති වුණේය. ඔහු ඔහුගේ අති මහත් ජනප්‍රියත්වයට ප්‍රධානතම හේතුවක් වූයේ ඔහු විසින් වැපිරූ ජාතිවාදයයි. වඩාත් නිශ්චිතව කියන්නේ නම් ‘මුස්ලිම් විරෝධය‘යි. හින්දුත්වාවාදය අදහන්නන් හට මෝදි දෙවියෙක් නොව දේවාලයකි. නමුත් දැන් ඒ සියලු දෙනා හින්දු-මුස්ලිම් භේදයකින් තොරව මෝදිගේ ඉන්දියාවේ ඉස්පිරිතාල අබියස පාරවල් ගානේ, හුස්ම ගන්නට ඔක්සිජන් නැති කම නිසා මැරී වැටෙමින් සිටිති.

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

11 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

14 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

14 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

15 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

16 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

16 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

16 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

19 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

21 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

3 days ago