කාලීන

මෝදි මහත්තයෝ, කරුණාකරල පැත්තකට වෙලා ඉන්න – අරුන්දතී රෝයි

අපිට රජයක් ඕනෙ. දරුණු විදියට ඔව් සහතික වශයෙන්ම ! අපිට රජයක් කියල එකක් නැහැ. හුස්ම ගන්න තියෙන වායුව අපිට නැතිවීගෙන යනවා. අපි පණ අදිමින්. ඕනෑ කරන සම්පත් අතට ලැබිලත්, ඒවා අදාළ තැන්වලට යොමු කරලා කළමනාකරණය කරන යාන්ත්‍රණයක් අපි සතුව නැහැ. මොනවාද ඔබට කරන්න පුලුවන් මේ දැන් මෙතනදි, මේ කියන මොහොතෙදි ?

අපිට 2024 උදාවෙනකං ඔහේ උඩබලාගෙන ඉන්න බැහැ. මොනම හේතුවක් නිසාවත්, මම වගේ මනුස්සයෙකුටත් අගමැති නරේන්ද්‍ර සිං මෝදිගෙන් ඉල්ලීම් කරමින් බැගෑපත් වෙන්න දවසක් ඒවි කියලා කිසිදවසක මං හිතුවෙ නැහැ. පෞද්ගලිකවම එහෙම දෙයක් කරනවට වඩා මම බොහොම කැමතියි හිරේ විලංගුවේ වැටෙන්න. ඒත් අද වෙනකොට අපේ මිනිස්සු ගෙවල්දොරවල්වල, පාරවල් වීදි දිගේ, රෝහල්වල කාර් පාක්වල, විශාල නරගවල, පුංචි නගරවල, වනන්තරවල, ලැහැබ්වල මියයමින් ඉන්නකොට, බොහොම සාමාන්‍ය තනි සිවිල් පුරවැසියෙක් වුණු මම, මගේ උඩඟුබව අමාරුවෙන් ගිලගෙන, මිතුරු පුරවැසියො මිලියන ගණනක් එක්ක එකතුවෙලා ඉන්නවා, මෙන්න මේ දේ අගමැතිට පැහැදිලිව කියන්න.

‘කරුණාකරල මහත්තයෝ කරුණාකරලා, වදයක් නොවී පැත්තකට වෙලා ඉන්න. අඩුම ගානේ මේ මොහොතෙදිවත්. මම බැගෑපත්ව ඉල්ලනවා ඔබෙන්, මෙතනින් ඉවත්වෙන්න’

ඔබ මේ නිර්මාණය කරමින් ඉන්නේ බරපතල අවදානම් තත්වයක්. ඒක විසඳන්න ඔබට හැකියාවක් නැහැ. ඔබට පුලුවන් මේක තවත් ඔඩුදුවන මට්ටමට නරක් කරන්න විතරයි. මේ වෛරසය දිගටම වර්ධනය වෙන්නේ, භීතිය ගෙනෙන, වෛරක්කාරී, නූගත්කමක් ඇතිකරන පසුබිමක් බිහිකරමින්. එය වර්ධනය වෙන්නේ, ඒ ගැන කට ඇරලා ඇත්ත කතා කරන්න එන මිනිසුන්ව බැඳලා හිරේ දාද්දි. එය වර්ධනය වෙන්නේ, කිරිගහට ඇන්න වගේ ඇත්ත වාර්තා කරන්නේ මේ වෙද්දි ජාත්‍යන්තර මාධ්‍ය විතරයි කියලා හිතෙන තත්වයක් වෙනකල්ම ඔබ ඉන්දියාවේ මාධ්‍ය පාලනය කරද්දි. වෛරසය වර්ධනය වෙන්නේ, මේ ගෙවුණු කාලේ ඇතුළත කිසිම අවුරුද්දක එකම දවසකදිවත් තමන්ගේ නිල කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් නොතියපු, ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න තරමේවත් හැකියාවක් ප්‍රගුණ කරලා නැති, මිනිස්සුන්ව හිරිවට්ටන භීතියක් දැනෙන හැඟෙන මේ මොහොතෙදිවත් එහෙම කරන්න හිතෙන්නෙ නැති අගමැති කෙනෙක් අපිට ඉද්දි.

ඔබ මේ මොහොතෙ ගියෙ නැත්නම්, සිය ගණනින් දහස් ගණනින් අපි ඔහේ මැරිලා යාවි, අහේතුකවම. ඒනිසා දැන්ම යන්න, ඔබේ උදාරම් බවයි, ගෞරවයයිත් එක්කම. ඔබට පුලුවන්, භාවනාවයි විවේක සුවයකුයි එක්ක විශිෂ්ට සැඳෑ සමයක් ඉදිරියෙදි ගතකරන්න. ඔබට වුවමනාත් ඒ දේ කියලා නේද ඔබ ඔබටම කියාගත්තේ ? හැබැයි ඒ දේ ඔබට ලබාගන්න වෙන එකක් නැහැ, මේ විදියට සමූහ මරණ දිගින් දිගටම වෙන්න ඔබ ඉඩඇරියොත්.

ඔබේ ස්ථානය ගන්න පුලුවන් බොහෝ දෙනෙක් ඔබේ පක්ෂයේ ඉන්නවා. මිනිස්සු දන්නවා ඔවුන්ට මේ වෙලාවේ තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා එක්ක වැඩ කරන්න වෙන විත්තිය. ඔබේ පක්ෂයෙන් ඊළඟට එන පුද්ගලයා කවුරු වුණත්, ඔහුට සිද්ධ වේවි අදාළ සංවිධානවල අනුමැතිය එක්ක, මේ අර්බුදය පාලනය කරන්න පත්කරපු කාරක මණ්ඩලය සහ ආණ්ඩුව මෙහෙයවන නායකයා වෙන්න.

ප්‍රාන්තවල අමාත්‍යවරුන්ට පුලුවන් නියෝජිතවරුන් කිහිපදෙනෙකු පත්කර ගන්න, මොකද එතකොට හැම පක්ෂයක්ම නියෝජනය වෙන බව ඔවුන්ට දැනෙයි. කොංග්‍රසය ජාතික පක්ෂයක් වීම නිසාම, ඒ කමිටුවේ රැඳී සිටින්න ඔවුන්ට හැකිවෙනවා. ඉන්පස්සේ විද්‍යාඥයො, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, වෛද්‍යවරු, පළපුරුදු රාජ්‍ය නිලධාරීන් කියන මේ සියල්ලොමත්.

මේ කියන දේ පැහැදිලිව ඔබේ ඔලු ගෙඩියට යන එකක් නැහැ. ඒත් මෙන්න මේකටයි ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්නෙ. ඔබට බැහැ ප්‍රතිවාදී පිලක් නැති ප්‍රජාතන්ත්‍රවාදයක් පවත්වගෙන යන්න. රටවැසියො තලාපෙළන දුෂ්ට පාලනයක් කියලා කියන්නෙ ඒවගේ පාලනයකටයි. මේ කොරෝනා වෛරසයත් හරි ආසයි දුෂ්ට ආණ්ඩුවලට.

ඔබ ඒ දේ මේ මොහොතේ කළේ නැත්නම්, පේන විදියට මේ වසංගතය ජාත්‍යන්තර අර්බුදයක් දක්වා දිගට හරහට වර්ධනය වෙනවා. එය මුළු ලෝකයටම තර්ජනයක්. ඔබේ වැඩබැරියාව නිසා අනෙක් රටවල්වලට නීත්‍යනුකූල අවස්ථාව උදාවෙනවා අපේ රටේ කටයුතුවලට අත පොවන්න උත්සාහ කරන්න, අපිව මෙහෙයවන අයිතිය ලබාගන්න. රටේ ස්වාධිපත්‍ය වෙනුවෙන් අපි කරන මේ දැඩි සටනට එය අගතියක්. එයින් සිද්ධ වෙන්නේ ඔවුන්ගේ සූදානමට එකඟවීමක්. ඔවුන් කැමතිකර ගැනීමක්. මෙහෙම ගිහින් අපි ආයෙමත් යටත් විජිතයක් වේවි. ඒකයි වෙන්න පුලුවන් දේ. ඒනිසා මේ දේ සුළුවෙන් තකන්න එපා.

ඒනිසා, කරුණාකරලා යන්න. ඔබට මේ වෙලාවේ කරන්න පුලුවන් හොඳම, වගකීම් සහගතම දේ එයයි.

මහත්තයෝ, ඔබට ‘අගමැති’ කියල කියන්න තිබුණු අයිතිය ඔබ නැතිකරගත්තා !

පරිවර්තනය – ඩිල්ෂානි චතුරිකා දාබරේ
ලිපිය – ස්ක්‍රොල්.ඉන් වෙබ් අඩවියෙනි

 https://scroll.in/article/994022/arundhati-roy-we-need-a-government ඇසුරිනි.

Share

Recent Posts

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

9 hours ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

12 hours ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

21 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

21 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

1 day ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

2 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

2 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

3 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

3 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago