ගොසිප්

රන්වීර්- දීපිකා ආදර අන්දරය අපට කියාදෙන පාඩම

පහුගිය අවුරුදු ගණනක් තිස්සේ හොලිවුඩයේ වැඩිපුරම ඕපාදූපවලට ලක්වුණු පෙම් යුවළ වුණේත් ඔවුන් දෙදෙනායි. ඔවුන් දෙදෙනා එකතු වී රඟපෑ චිත්‍රපටය දොරට වැඩි දිනයට හරියටම අවුරුදු 5කට පසුව නොවැම්බර් 15 වැනිදා අතිනත ගත්තා. ඔවුන් දෙදෙනාගේ ආදර අන්දරය, ඉතාම කලාතුරකින් පමණක් සැබෑ ලෝකයේ දැකගත හැකි ආදර කතාවක්. මේ ඒ ගැන කෙටි සටහනක්.

Smartphone Ipad

දීපිකා පදුකෝන්ට රන්වීර් සිං හමුවන විට ඔහු ක්ෂේත්‍රෙය් සුපිරි නළුවෙක් වුණේ නැහැ. නමුත් ඇගේ හමුවීමත් සමග ඉක්මනින්ම එය එසේ වුණා. මේ, BBC Asian Network ඒ ගැන විමසා බැලූ ආකාරයයි.

මේ පෙම් කතාව පටන් ගත්තේ ‘ගෝලියන් කී රාසලීලා රාම්ලීලා‘ 2013 චිත්‍රපටයෙන්. එය පසමිතුරු නගර දෙකක බලවත් පවුල් දෙකක දියණිය සහ පුත්‍රයා තහනම් ප්‍රේමයෙන් බැඳීමේ ප්‍රතිඵලය වන්නේ සංහාරයක්. අවසානයේ එකිනෙකා ගැන කොතරම් ප්‍රේමයෙන් හිටියත්, ඔවුන් එකිනෙකා අතින් මැරුම් කනවා.

‘‘මම මොනව කියන්නද? මට ආදරයක් දැනෙනවා“ යැයි මේ රංගනයෙන් පසු රන්වීර් සිං ඉතාම හැඟුම්බරව මාධ්‍යයට කිව්වා.

Bollywood

නමුත් බොලිවුඩයේ සිහින කුමාරයා වුණු රන්බීර් කපූර්ගෙන් වින්ද විරහ වේදනාව නිසා දීපිකා ඒ ආදරය පිළිනොගන්නා බව පෙනුණා. කිසිම අවස්ථාවක ඇය තමන්ගේ හැඟීම් විවෘතව ලෝකයට කිව්වේ නැහැ. ඒ විතරක් නෙවෙයි, හැම වෙලාවකම ඇය ප්‍රසිද්ධියේ, තමන් පෙම්වතියක් නොවන බව එක හඬින් කියා සිටියා.

රාම්ලීලා චිත්‍රපටය 2013 වසරේ සාර්ථකම චිත්‍රපටය බවට පත්වුණා. එකරැයකින් ඔවුන් දෙදෙනා බොලිවුඩයේ සරාගීම පෙම් යුවළ වශයෙන් කිරුළු දරා සිටියා. නමුත් ඒ තිරය මත පමණද? කිසිවෙක් ඒ ගැන දැන සිටියේ නැහැ.

මේ චිත්‍රපටය තිරගත වන විටත් දීපිකා A ලැයිස්තුවේ සිටි නිළියක්. නමුත් රන්වීර් එසේ නැහැ. ඒත් මේ චිත්‍රපයට ඔහුවත් තරුවක් කළා.

2014 ජූලි මාසයේ චිත්‍රපටය නිෂ්පාදනය කළ සංජේ ලීලා බන්සාලි, කිව්වේ, තමන්ගේ අලුත්ම චිත්‍රපටය වන ‘බජිරාවෝ මස්තානි‘ සඳහා පෙම් යුවළ වශයෙන් මේ දෙදෙනාවම තෝරාගෙන ඇති බවයි.

Youth Ki Awaaz

මේ අතරවාරයේ රන්වීර් දිගින් දිගටම තමන් තුළ දීපිකා ගැන තිබෙන ආදරය ප්‍රකාශ කරමින් සිටියා.

දීපිකා දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කරමින් සිටියා.

The Indian Express

‘‘ඔබ රන්වීර් සිං සමග ප්‍රේම කරමින් සිටිනවා. නමුත් ඔබ එය සඟවනවා. එහෙම නේද?“ වරක් කරන් ජොහාර් ‘කොෆී විත් කරන්‘ වැඩසටහනේදී දීපිකාගෙන් කෙළින්ම ඇහුවා..

‘‘මේ මම..?“ එ්ක තමයි, දීපිකා සිනාසෙමින් දුන් උත්තරය…

බජිරාවෝ මස්තානි චිත්‍රපටය 2015 දෙසැම්බරයේ සිනමාහල් කරා ආවා. සිනමා හල් රසිකයන්ගෙන් පිරී ඉතිරී ගියා. ඒ වගේම එය රාම්ලීලා චිත්‍රපටයත් වඩා දැවැන්ත hit එකක් බවට පත්වුණා.

2016 හින්දි සිනමා සම්මාන උළෙල මුළුමනින්ම පාහේ අයිති වුණේ දීපිකා-රන්වීර් දෙපළටයි.

නමුත් තමන් පෙම් යුවළක් බව දෙදෙනාම ලෝකයට හැංගුවා.

ඔය අතරේ දීපිකා පදුකෝන්ට හොලිවුඩයෙන් ඇරයුම් ලැබුණා. ඇය ලෝකයේ අංක එකේ නිළියක් බවට පත් වෙමින් සිටියා.

2017 ජනවාරි මාසයේ වින් ඩීසල් සමග අලුත්ම චිත්‍රපටයට පණපොවමින් සිටියදී දීපිකා හමුවීමට රන්වීර් පැමිණි බව වින් ඩීසල් කීවේ, ‘‘දීපිකා, ඇගේ පෙම්වතාත් සමග ආවා..“ කියලයි.

දෙදනො ප්‍රසිද්ධියේ අත් අල්ලාගෙන සිටින බව ඔවුන්ගේ රසිකයන් නිතර දුටුවා. දෙදෙනා එකට රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවලටත් සහභාගි වුණා.

‘‘ඔහු මාව සතුටින් තියනවා‘‘ ඒ වගේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී දීපිකා වරක් කිව්වා. ‘‘මාව ප්‍රීතිමත් තැනැත්තියක් නෙවෙයි, ඊට වඩා කෙනෙක් බවට පත් කරනවා.. ඒක මට කියාගන්න බෑ..“ ඇය කිව්වා. රන්වීර් මහත් ඉවසීමෙන් ඇය දෙස බලා සිටින බවත් එවිට පෙනුණා.

ඔය අතරේ 2018 ජනවාරි මාසයේ ‘පද්මාවත්‘ චිත්‍රපටය දොරට වැඩියා. එය ඔවුන් දෙදෙනා එක්ව රූගත කළ 3 වැනි චිත්‍රපටයයි.

ඔවුන් දෙදෙනා මේ චිත්‍රපටයේ කිසිම දර්ශනයක යුවළක් වශයෙන් එකවිට පෙනී සිටින්නේ නැහැ. නමුත් වසරේ ආදායම් වාර්තා තබමින් තිරගත වූ පද්මාවත් චිත්‍රපටයේ අනිවාර්ය ආකර්ෂණය වුණේ මේ දෙදෙනා මිස වෙනත් දෙයක් නෙවෙයි.

‘‘මේ පද්මාවත් චිත්‍රපටයේ සාර්ථකත්වයට පස්සෙ, දීපිකා පදුකෝන් සමග ඔබේ සම්බන්ධතාවයට මොකද වෙන්නෙ? ඔබලා දෙදෙනා විවාහ වෙනවාද? කවදද විවාහ වෙන්නෙ?“ රූපවාහිනී වැඩසටහනකදී එක් නිවේදකයෙක් රන්වීර්ගෙන් අසනවා.

රන්වීර් කලබලයෙන් වටපිට බලනවා. ‘‘ඔයා හදන්නෙ නැති දේවල් අවුස්සල ගන්නද?“ ඔහු සිනාසෙමින් අහනවා.

2018 පෙබරවාරි වන විට දෙදෙනාගේ විවාහය ගැන කටකතා පැතිරෙන්න පටන් අරන්. ‘‘කවදද ඔබලාගේ මංගල්‍යය?“ ඒ ප්‍රශ්නය නැවත ඔවුන් වෙත යොමු කෙරෙනවා. එවිට රන්වීර් මෙහෙම කියනවා.

‘‘මාධ්‍යයට අනුව නම් අපි මේ වෙද්දි කිහිප වරක් විවාහ වෙලා. ඒ ක්‍රියෙටිව් රයිටින්වලට මම හරිම කැමතියි.. ඇත්තටම හොඳ ස්ක්‍රිප්ට් එකක්“

දීපිකා සිනාසෙමින් ඔහු දිහා බලාගෙන හිටියා.

2018 ඔක්තෝබර් මාසයෙදි අවසානයේ මේ දෙදෙනා තමන්ගේ විවාහය ගැන නිවේදනය කළේ සමාජ ජාල හරහායි. විවාහයට පෙර මේ පවුල් දෙකේම ඥාතීන් ඉන්දියාවෙන් පිටවලො ඉතාලියට ගිහින් මද කාලයක් විවේක සුවයෙන් ගත කළා.

සැනසිල්ලේ විවාහ වුණා.

ඒ දක්වාම ඔවුන් මාධ්‍ය ඉදිරියේ තමන් පෙම්වතුන් බව හෝ විවාහ වන්නට සිටින බව එක එල්ලේ කීවේත් නැහැ. නොකීවේත් නැහැ.

The Indian Express

ප්‍රේම සබඳතා, විවාහය… මේ දේවල් අතිශය පෞද්ගලික තෝරාගැනීම්.. ඒවා ලෝකයටම අඬබෙර ගසා කියමින් තමන්ගේ පෞද්ගලිකත්වය අනතුරේ දමානොගන්නට තරම් ඔවුන් හැමවිටම බුද්ධිමත් වුණා. සුන්දර විවාහයකින් කෙළවර වූ දීපිකා-රන්වීර් ආදර අන්දරය අපට කියා දෙන කතාන්දරය ඒකයි.

[embedyt] https://www.youtube.com/watch?v=szVW_w-W8cQ[/embedyt]

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

12 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

17 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

20 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

22 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

22 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago