එසැණ පුවත්

රුසියාව හත්වැනි ජෙනරාල්වරයාත් අහිමි කර ගනී – පුටින් කොටි වලිගය අල්ලා ගත්තාද ?

පුටින් යුක්රේනය ආක්‍රමණය කළේ ඉතා ඉක්මනින් යුක්රේනය තමන් හමුවේ දණ නමනු ඇතැයි දැඩි විස්වාසයෙනි. අවම වශයෙන් සති දෙකක් තුළදී යුක්රේනය යටත් කර ගැනීමට හැකි වෙතැයි රුසියානු හමුදා බලාපොරොත්තු විය.

කෙසේ නමුත් ආක්‍රමණයෙන් මසක් ඉක්ම යද්දී අවම වශයෙන් කිව් අගනුවර හෝ සම්පූර්ණයෙන් යටත් කර ගැනීමට පුටින් අසමත් වී තිබේ.

රුසියානු හමුදාව මේ වනවිට සිය 07 වැනි ජෙනරාල්වරයාත් අහිමි කරගෙන ඇති අතර අවි ආයුධ විශාල ප්‍රමාණයක් අහිමි කරගෙන තිබෙනවා. මීට අමතරව රුසියානු හමුදාවට අයත් යුද ටැංකි, ප්‍රහාරක ගුවන් යානා විශාල ප්‍රමාණයක් විනාශ කිරීමටද යුක්රේන හමුදා සමත් වී තිබේ.

මෙම තත්වය හමුවේ දැනටමත් රුසියාවට දැඩි පරාජයක් අත්පත් කරගෙන සිටී. යුක්රේනය තුළ යුදමය වශයෙන් පුටින් පරාජය වෙද්දී, රුසියානු ආර්ථිකයටද දැඩි හානි සිදුව ඇත.

රුසියානු රූබලය බරපතල ලෙස කඩාවැටී ඇති අතර ලොවපුරා රටවල් හා බහුජාතික සමාගම් විසින් පනවා ඇති සම්බාධක හමුවේ අපනයන හා ආනයන කටයුතුවලටද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

මේ අතර මතුව ඇති අර්බුදකාරී තත්වය හමුවේ මහජන නැගිටීමකින් හෝ කුමන්ත්‍රණයකින් හෝ පුටින් බලයෙන් පහ කරනු ඇතැයි යන්න පිළිබඳවද මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය තුළ කතාබහට ලක් වේ.

කෙසේ නමුත් එවැනි උත්සාහයක් හරහා පුටින් බලයෙන් පහ කිරීමට නොහැකි වනු ඇති බවද දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

රුසියානු පාර්ලමේන්තුව වන ඩූමාවේ සාතිශය බහුතරයක සහාය පුටින්ට හිමිවන අතර රුසියානු ආක්‍රමණය සඳහාද ඩූමාවේ සාමාජිකයන් 450 දෙනාගෙන් 351 දෙනෙකුම අනුමැතිය ලබා දී තිබිණි.

රුසියානු හමුදා සාමාජිකයන් අතර මෙන්ම රජයේ ඉහළ නිළධාරීන් අතරද පුටින්ට පක්ෂපාතී පුද්ගලයන් බහුතර ප්‍රමාණයක් සිටින බවයි එම විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් සම්බාධක හා රුසියානු නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීම හමුවේ රුසියානු ආර්ථිකය තවදුරටත් පරිහාණියට පත් වුවහොත් එහි ප්‍රතිඵලයක් ලෙස පුටින්ට බලය අහිමිවීමට වුවද ඉඩ තිබෙනවා.

කුමන අතින් බැලුවද යුක්රේන ආක්‍රමණය පුටින්ට කොටි වලිගය අල්ලා ගැනීමක් වී තිබේ. යුක්රේනය යටත් කර ගැනීමටද නොහැකිය, ආක්‍රමණය අතරමග නතර කර සිය හමුදා ආපසු කැඳවීමටත් නොහැකිය.

UN for LNW

Share

Recent Posts

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

22 mins ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

2 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

2 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

23 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

24 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

3 days ago