එසැණ පුවත්

“රුසියා- යුක්‍රේන ගැටුම ලෝකයට නරක අතට බලපාමින් ඇත,” එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්

එහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ මෙම යුද්ධය හේතුවෙන් බිලියන 1.6ක ජනතාවක් පීඩනයට පත්වන බවයි.

යුධ ගැටුමේ ප්‍රතිවිපාක පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් කරන ලද ප්‍රකාශයේ සඳහන් වුයේ ” ආහාර සුරක්‍ෂිතතාව, බලශක්තිය සහ මුදල් පද්ධතිය කෙරේ යුද්ධයේ බලපෑම දරුණු සහ වේගවත් ය. මෙම යුද්ධය හේතුවෙන් ලෝකය පුරා සිටින මිනිසුන් පෙර නොවූ විරූ සාගින්නකට සහ අගහිඟකම් රැල්ලකට ලක් විය හැකියි. , එය සමාජ හා ආර්ථික ව්‍යාකූලත්වය ඉතිරි කරයි. මේ වසරේ ආහාර අර්බුදය “ප්‍රවේශය නොමැතිකම” නිසා ඇති වූවක් වන අතර , එය ලබන වසරේ “ආහාර හිඟය” දක්වා යා හැකියි. මෙම කුණාටුව නැවැත්වීමට ඇත්තේ එක් මාර්ගයක් පමණි: ඒ යුක්රේනය රුසියානු ආක්‍රමණය අවසන් කළ යුතුය,” ලෙසයි.

කළු මුහුද හරහා යුක්‍රේනයෙන් නිෂ්පාදනය කරන ලද ආහාර , සුරක්ෂිතව සහ ආරක්ෂිතව අපනයනයකිරීමටත් , රුසියානු ආහාර සහ පොහොර සඳහා ගෝලීය වෙළඳපොලවලට බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ඉඩ සලසා දීමටත් ඔහු තවදුරටත් සිය මිත්‍ර පාර්ශවීය සගයන්ගෙන් උදව් ඉල්ලා ඇත. මෙම ගනුදෙනුව අප්‍රිකාව ඇතුළුව සංවර්ධනය වෙමින් පවතින රටවල මිලියන සිය ගණනක් ජනතාවට අත්‍යවශ්‍ය වේ, ” ලෙස මහලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කර තිබිණ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රකාශයට පත් වාර්තාවකට අනුව , ඇස්තමේන්තුගත රටවල් 94කට අයත් අවම බිලියන 1.6 පමණ ජනතාව මෙම අර්බුදයේ එක් මානයකට හෝ දැඩි ලෙස නිරාවරණය ඇත. ඒනමුත් , එයට මුහුණ දීමට ඔවුන් අපොහොසත්ය. බිලියන 1.6 න් බිලියන 1.2 ක් හෝ හතරෙන් තුනක් ජීවත් වන්නේ ‘පරිපූර්ණ-කුණාටු’ සහිත ආහාර හා බලශක්ති යන අවධානම්වලට ලක්විය හැකි රටවලය. එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව මෙම යුද්ධය හේතුවෙන් ආහාර අනාරක්ෂිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 47 කින් වැඩි වූ අතර එය වසර අවසන් වන විට මිලියන 323 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වසර තුළ තවත් අප්‍රිකානුවන් මිලියන 58ක් දරිද්‍රතාවයට ඇද වැටෙනු ඇතැයි ගණන් බලා ඇති බව කියැවේ. මීට අමතරව මේ වසර අවසාන වන විට මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ පවුල් මිලියන 2.8 කින් අන්ත දරිද්‍රතාවය පත් විය හැක් අතර දකුණු ආසියානු කලාපයේද මිලියන 500 පමණ ජනතාව අවධානමේ අගාධයේ වේ. ආහාර සහ බලශක්තියේ තීරනාත්මක සැපයුම් වඩාත් අවදානමට ලක්විය හැකි අය වෙත ළඟා වීම වෙනුවෙන් උත්සහයන් දැරිය යුතු බව මෙම ලේඛණය තවදුරටත් සඳහන් වේ.

සශිකලා මධුෂාණී

Share

Recent Posts

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

3 mins ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

54 mins ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

1 hour ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

6 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

18 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

21 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

23 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

24 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

1 day ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

1 day ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

1 day ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

1 day ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago