ලෝකයට බලාපොරොත්තුවේ, සාමයේ හා සමාව දීමේ පණිවිඩය කියාදුන් ආදරණීය ‘කළු තාත්තා’

“ලෝකය වෙනස් කළ හැකි මහා බලයක් ක්‍රීඩාව සතුව ඇත. එමෙන්ම මිනිසා එයට පෙළඹවීමේ බලයක්ද ක්‍රීඩාවට ඇත. කිසියම් අංශු මාත්‍ර ගුණයකින් හෝ මිනිසුන් එකමුතු කිරීමේ හැකියාවක් එයට ඇත. තරුණයින්ට තේරුම් ගත හැකි භාෂාවක් ක්‍රීඩාව සතුව ඇත. බලාපොරොත්තු රහිත ඕනෑම අවස්ථාවක මිනිසුන්ට බලාපොරොත්තු ඇති කිරීමේ හැකියාවක් ක්‍රීඩාව සතුව ඇත. වර්ග බේදවාදය බිඳදැමීමට උත්සාහ කරන රජයකටත් වඩා එය බලවත්ය”. – නෙල්සන් මැන්ඩෙලා, දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති.

කිසියම් ජාතියක පාට නිසා හෝ අදහන ආගම නිසා හෝ වෙනස්වන්නේ ඔවුන්ගේ මනුෂ්‍යත්වය නොව එකිනෙකාට ආවේණික යම් යම් සංස්කෘතික චර්යාවන් බව තේරුම්ගැනීමට නම් වර්ග බේදවාදයට එරෙහිව හඬ නැගූ ලෝකයේ කළු ජාතික තාත්තා නෙල්සන් මැන්ඩෙලාව කියවිය යුතුය. ඔහු තම ප්‍රජාවගේ නිදහස වෙනුවෙන් පළමුව අවි ආයුධත්, පසුව සාමයේ දෑතත් යන දෙකම දිගු කළ නායකයෙක් විය.

දකුණු අප්‍රිකාවේ ඉතා දරුණු ලෙස පැවති සුදු හා කළු වර්ග බේදවාදයත්, රට පාලනය කළ සුදු ජාතිකයින් විසින් කළු ජනතාව වෙත ඇති කරන ලද පීඩනයත් සියල්ල මැදින් ගමන් කර දකුණු අප්‍රිකාවට දේදුණු විප්ලවයක් ඇති කළ නායකයා නෙල්සන් මැන්ඩෙලා නම් විය. සුළුතරයක් වූ සුදු ජාතිකයින් විසින් පාලනය කරන ලද දකුණූ අප්‍රිකාව තුළ පැවති කළු ජාතික විරෝධයට එරෙහිව මැන්ඩෙලා සන්නද්ධ ආයුධ අතට ගත් නායකයෙකු වූ අතර, ඒ නිසාම වසර 27 ක් පුරා දකුණු අප්‍රිකාවේ රොබෙන් දූපතෙහි අඩි හයක් දිග හා අඩි හතක් පළල කාමරයක සිරගත කරන ලදී. ජීවිතාන්තය දක්වා සිරගත කිරීමේ දඬුවමට ලක් වූවද ඔහු මනසින් රෝගියෙකු වූයේ නැත.

දේශපාලන සිරකරුවන් වූ තමාගේම සගයින් සිරමැදිරිවලත් බන්ධනාගාරයෙහි එළිමහනේත් පා පන්දු ක්‍රීඩා කරනු ඔහු නිසසල දෑසින් බලා සිටියේය. වසරකට වරක් කෙනෙකු මුණ ගැසීමට ලැබෙන දුලබ වරමත්, මාස හයකට වතාවක් ලිපියක් ලැබීමේ හා ලිපියක් ලිවීමේ දුලබ වරමත් මගින් තව තවත් ශක්තිමත් නායකයෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය කායික මානසික පන්නරය ඔහු තුළ ගොඩනැගුවා විනා සාධාරණ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ඔහු තුළ පැවති තිර අදිටන කිසිසේත් වෙනස් කළේ නැත. සිරමැදිරිය තුළ සිටියදී බරපතල වැඩ සහිත සිරකරුවෙකු ලෙස, කළු ජාතික සිරකරුවෙකු වීම නිසා ලැබෙන අමතර වධ හිංසා සහිත සිරකරුවෙකු ලෙස ඔහු ලැබූ පන්නරය පසු දිනෙක දකුණු අප්‍රිකානු දේශපාලනයේ වඩාත්ම ඉවසිලිවන්ත නායකයා බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිය නොඅඩුව සැපයීය. සිරමැදිරියක් තුළ සිරගත කළ නොහැකි තම මනස පසුකාලයකදී ඔහු අවදි කළේ “නිදහස වෙනුවෙන් දිගු ගමනක්” (Long Walk to Freedom) යන කෘතිය රචනා කිරීමෙනි.

මාධ්‍යයන් හා ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම මත ඇරඹි සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජීවිතාන්තය දක්වා සිරගත කර සිටි නෙල්සන් මැන්ඩෙලාට නිදහස ලැබෙන අතර ඒ වන විට ඔහු ලෝකයේ ආර්ථික, දේශපාලනික, සමාජයීය මෙන්ම නව දැනුමේ හා තාක්ෂණයේ දියුණුව යනාදිය මනාව තේරුම් ගෙන තිබුණි. මෙම සවිඥානය ඔහු තුළ තව දුරටත් සන්නද්ධ අරගල කළ යුතු විප්ලවවාදී නායකයෙකු ලෙස ගොඩනැගීමට වඩා තමාගේ අරමුණ දේශපාලනික හා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දිනා ගැනීමේ අවශ්‍යතාවය දක්වා වර්ධනය කර තිබුණි. නීතියෙන් තහනම් කර තිබුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසය නීත්‍යනුකූල පක්ෂයක් බවට පත්කරන තෙක් තමාගේ නිදහස අර්ථවත් වන්නේ නැතැයි හඬ නැගූ ඔහු තමාගේ නිදහසට වඩා ගරු කළේ කළු ජාතික මිනිසුන්ගේ හදවත් නියෝජනය කළ පක්ෂයේ ස්වාධීනත්වයයි. නීත්‍යනුකූලභාවයයි. 1994 දී පැවති සර්ව ජන ඡන්දයේදී දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති ලෙස 62% ක ඡන්ද ප්‍රතිශතයකින් පත්වූ ඔහු මුළු මහත් ලෝක ජනතාවට ආදරයේ හා මනුෂ්‍යත්වයේ පාඩම කියා දෙන්නට පටන්ගත්තේය.

“සමේ පැහැය නිසා හෝ පසුබිම නිසා හෝ ඇදහිල්ල අනුව හෝ අනෙකා කෙරෙහි වූ වෛරයකින් කිසිවෙකු උපදින්නේ නැත. මිනිසුන් වෛරකිරීමට උගත යුතුය. එසේ වෛර කරන්නට ඉගෙන ගන්නාක් මෙන්ම ආදරය කිරීමට ද ඉගැන්විය යුතුය. මක් නිසාද යත්, ආදරය කිරීම එහි ප්‍රතිවාදී හැඟීමට වඩා මිනිස් හදවත්හි ස්වභාවික උත්පාදනය වන නිසාය” ඒ ඔහුගේ දර්ශනයයි. ඉතා විශාල ජන ප්‍රතිශතයක් වූ කළු ජාතීන් විසින් නෙල්සන් මැන්ඩෙලා ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වූයේ සුදු ජාතීන් සමූල ඝාතනය කිරීම හෝ කළු ජාතිකයින්ට එරෙහිව සුද්දන් විසින් ඉතිහාසය පුරා අමානුෂික ලෙස මෙන්ම මිලේච්ඡ ලෙස සිදුකළ මර්දනයට එරෙහිව පළිගැනීමයි. එහෙත් සුදු ජාතීන්ට එරෙහි සංහාරයක් වෙනුවට මිත්‍රත්වයේ දෑත් දිගු කළ මේ යුගයේ අසාහය නායකයා 1995 දී පැවති රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාව සත්කාරක රට කිරීමට පමණක් නොව එක් කළු ක්‍රීඩකයෙක් පමණක් සිටි දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම රටේ සිහින රග්බි කණ්ඩායම ලෙස ජන හදවත්හි පැළ කිරීමට පියවර ගත්තේය. ප්‍රජාතන්ත්‍රවාදය, සාකච්ඡා, ප්ලේටෝගේ හෝ ඇරිස්ටෝටල්ගේ දේශපාලනික න්‍යයායන් යනාදී කිසිවක් ඔහුට අවශ්‍ය වූයේ නැත. ඔහු විසින් සුදු ජාතිකයින් පමණක් ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු සුදු ජාතික රග්බි කණ්ඩායම එකම රටක් – එකම පැතුමක් වෙනුවෙන් මෙහෙයවාලූය. ගම් දනවු සිසාරා සුදු ජාතික සිහිනයක් වෙනුවට මිලියන පනස් තුනක ජනතාවකගේ සිහිනයක් රෝපණය කරවූ මැන්ඩෙලා ජනාධිපතිතුමා ක්‍රීඩාව වර්ගබේදය, ජාති බේදය හා පාට බේදය තුරන් කිරීම වෙනුවෙන් යොදාගත්තේය. ඔහු මහා විශාල දේශපාලන න්‍යයායන් දැන සිටියේ නැත. ඔහු දැනසිටියේ මනුෂ්‍යයාට ආදරය කිරීම පමණි.

තමාගේ එක වචනයකින්, එක් හැසිරීමකින් ජාතියක් කණ පිට හැරවීමට හැකියාව තිබියදීත්, සුදු ජනතාව තම රටේ ජනතාව ලෙස පිළිගත් මැන්ඩෙලා ජනාධිපතිවරයා මිත්‍රත්වයේ දෑත ලෝක ප්‍රජාව වෙනුවෙන්ම දිගු කළේය. “මනුෂ්‍යයන්ට තේරෙන භාෂාවෙන් කතා කරන විට ඔවුන් එය ඔළුවට ගන්නවා විය හැකිය. එහෙත් මනුෂ්‍යයින්ට ඔවුන්ගේ භාෂාවෙන් කතාකරන විට ඔවුන් එය හදවතින්ම තේරුම් ගනී. හදවතින්ම වැළඳ ගනී”. නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති වූයේ 1994 දීය. වසර පහකට පසුව ඔහු 1999 දී දේශපාලනයෙන් විශ්‍රාම ගියේය. ඔහු බලයට කෑදර වූයේ නැත. බලය යනු තමා ළග තබාගත යුතු සුක්කානමක් නොවන බව ඔහු මැනවින් තේරුම්ගෙන තිබුණි. ජීවිතය විසින් ඔහුට ඒ පාඩම කියා දී තිබුණි.

Share

Recent Posts

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

12 hours ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

20 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

2 days ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

2 days ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

2 days ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

2 days ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

2 days ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

2 days ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

3 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

3 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

3 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

3 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

4 days ago