Movies

වෙනත් අර්ථයක ‘නිල්’ චිත්‍රපටයක්… AVATAR

ඔව් ඇමරිකන් ඩොලර් බිලියන් දෙකක්. හිස්ටොරිකල් බොක්ස් ඔෆීස් මූමන්ට් එකක්. අද දෙදාස් විසිතුනේ ජනවාරි විසිහතර. ‘ඇවටාර් 2’ කියන්නෙ නෙගෙටිව් කතා ගොඩක් අහගෙන බෑඩ් රිවීව්ස් මැද්දෙ තිරගත වෙච්ච මූවි එකක්. ජේම්ස් කැමරන් රිස්ක් එකක් අරගෙන එළියට දැම්ම තමන්ගෙ එකම මූවි එක කිව්වොත් හරි. කට කහනවට බලි ඇරිය ඔක්කොගෙම උගුරු දඬු වේලිලා යන නිව්ස් එකක් කැමරන් දීලා තියෙනවා. 

‘කොවිඩ්වලින් පස්සෙ මෙච්චර ආදයම් වාර්තාවක් තියපු පළවෙනි මූවි එකේ අයිතිකාරයා මම යකෝ’ කියලා කැමරන්ගෙ පපුව කෑගහනවා ඇති. කැමරන් පුදුමාකාර ඩිරෙක්ටර් කෙනෙක්. මිනිහගෙ ඔලුව ඇතුළෙ ට්‍රිප් එකක් යන්න හිතෙන තරමට මිනිහා මාවල් යුනිට් එකක්. ‘ඇවටර් 1’ එන්නෙ මීට අවුරුදු දොළහකට කලින්. ඒ අමුතු පහේ නිල් ජීවින් ටික අපි දැකලා දැනට අවුරුදු දොළහක් ගිහින්. ඒ කැමරන්ගෙ පළවෙනි දරුවා. දෙවනි දරුවා වදන්න කැමරන් අවුරුදු දොළහක් තිස්සෙ  ඔට්ටු අල්ලලා. යකෝ මැමල්ස්ලගෙන් දරුවෙක් බඩේ තියාගෙන වැඩිම කාලයක් ඉන්නෙ අලියා. ඒ අවුරුදු එකහාමාරක් වගේ කාලයක්. ඒත් කැමරන්! 

ඒ සෙල්ෆ් කොන්ෆිඩන්ට් එක තමා , මේ රිස්ක් එක ගත්තෙ. මේ වගේ වෙලාවක මූවි එක රිලීස් වෙන්නෙ ඒ කොන්ෆිඩන්ට් එක නිසයි. අපි හිතනකොට කැමරන් කරලා ඉවරයි. ඇවටර් 3, 4 පවා මේ වෙද්දි රිලීස් කරන්න ශෙඩියුල් කරලා ඉවරයි. ඇවටර් 1 බලද්දි තිබුණ ලල් එක නොතිබුණත් ඇවටර් 2 කියන්නෙ ඒ ලල් එකම අපිට දෙන එකක් නෙවේ. එහෙම වෙන්නම ඕනෙ කියල එකකුත් නෑනේ. ඒත්…. ඔව් ඒත් මුහුද, මුහුදු පතුල පුදුම තරම් රටාවලින් මවන එකම කෙනා කැමරන්ද ? ඒ තරම් ඒ මුහුදු චාරිකාව කලර්ෆුල්. 

James Cameron attends the 7th Annual Young Hollywood Awards at the Henry Fonda Theatre. Los Angeles, May 1, 2005. (Pictured: James Cameron). Photo by Lionel Hahn/Abaca. [Photo via Newscom] krtabacaphotoslive012742_ABACA_A18941_065.JPG (Newscom TagID: krtabacaphotoslive012742) [Photo via Newscom]

‘ඇවටර් 2’ ස්ටාර්ටින් ශොට් එකෙම්ම අපිව මුහුදු හීනෙකට එක්කගෙන යනවා. ඒ මූමන්ට් එක මේක ලියන කොටත් baltimoraට ෆීල් වෙනවා. වතුර, රැල්ල , හිරිකඩ ඇඟේ වදින ගානට දුවලා ගිහින් වතුරට පනින්න හිතෙන ගානට ඒ මුහුදු ගමන ලයිව්. ‘ද වේ ඔෆ් වෝටර්’ ඉතිං එකෙම්ම ‘වේ ඔෆ් වෝටර්’ම තමයි. මොකද්ද මේ වතුරෙ බලේ? ඇත්තටම ඒ සොබාදහමේ බලේ.

ස්ටෝරි එක පුරාම දෙගොල්ලො තුන්ගොල්ලො යුද්ධ කරන්නෙ මුහුදෙ. අදාළ තැනට අදාළ කෙනා ළගට අරයව මෙයාව අරගෙන යන්නෙ මුහුදු රැල්ලයි. මුහුදු සත්තුයි. මේක, වතුර එක්ක වගේම වතුර නිසා ( සොබාදහම ) කරන සටනක්.  මෙතනදි ස්කයි පීපල් ඒ කියන්නෙ අහස් මිනිස්සු. ( උන් පොළවෙ පය ගහපු අය නෙවේ. අහසෙ ඉන්න උන්. අපේ බාසාවෙන් පොළවට අඩි කීපයක් උඩින් යන උන්ට කැමරන්ලා කියන්නෙ අහස් මිනිස්සු කියල වෙන්නැති.) 

අහස් මිනිස්සුන්ගෙන් පොළව බේරගන්න සොබාදහම වලි කනවා. එතනදි සොබාදහමට බැරි වෙනවා ගස් ගල්වලින් විතරක් සටන් කරන්න. උන්ටත් වෙනවා අවියක් අතට ගන්න. හැබැයි යුද්ධ ඉවරෙලා උන් ඒ අවිය බිම තියෙනවද? ඒ අවියෙන්ම යැපෙනවද? තමන්ගෙ අතේ පයේ සටන්කාමී හයිය විතරක් ප්‍රගුණ කරනවද? කියන එක තාමත් ඔලුවෙ කැරකෙනවා.

 කැමරන්ට හිතන්න විතරයි ඕනෙ , තාක්ෂණේ  එයා ළග ඉන්නවා. අපිට කොච්චර දේවල් හිතුණත් තාක්ෂණේ තාම අපි ළඟට එන්න හිතනවා. ඒක හිතුනම දුකත් හිතෙනවා. එනි වේ ඒ බ්ලූ ෆිල්ම් එක කට්ටිය බලන්නම ඕන එකක් කියලා baltimora කියනවා.

BALTIMORA

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

13 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

14 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

15 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

16 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago