කළු මුහුදේ යුක්‍රේන වරායවලින් ආරක්ෂිත ධාන්‍ය අපනයන සංවිධානය කිරීමට රුසියාව එක්සත් ජාතීන්ගේ ප්‍රයත්නයන්ට බාධා නොකරන බව ප්‍රදර්ශනය කරමින් තමන් සර්ප දූපතින් ඉවත් වන බවට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විස්තර කරන ලදි. ඉන් දිනකට පසු ක්‍රිමියානු අර්ධද්වීපයේ සිට රුසියාව Su-30 ප්‍රහාරක ජෙට් යානා දෙකකින් ගිනි අවුලුවන ෆොස්පරස් උණ්ඩ යොදා ගනිමින් රුසියාව ප්‍රහාර එල්ල කළ බවට යුක්රේන හමුදාව චෝදනා කර තිබේ.
මෙම සර්ප දූපත ඩැනියුබ් ඩෙල්ටාවේ සිට කිලෝමීටර් 35ක් (සැතපුම් 22) පමණ දුරින් යුක්‍රේන වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති අතර යුද්ධය ආරම්භ වීමට පෙර යුක්‍රේන දේශසීමා මුරපොලක් ලෙස ක්‍රියාත්මක විය. යුක්‍රේන හමුදාවේ ප්‍රධානී Valeriy Zaluzhnyi සිකුරාදා Telegramහි සඳහන් කර තිබුණේ ”අද 18:00 ට පමණ රුසියානු ගුවන් හමුදාවේ Su-30 ගුවන් යානා Zmiinyi දූපතට දෙවරක් පොස්පරස් බෝම්බ සමඟ ප්‍රහාර එල්ල කළ බවයි.” යුක්‍රේන ප්‍රකාශය සමඟින් ඇති වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේ ගුවන් යානයක් අවම වශයෙන් දෙවරක් දිවයිනට බෝම්බ හෙළන අයුරුයි.
ෆොස්රපස් අවි සිවිල් වැසියන්ට එරෙහිව භාවිතා කිරීම ජාත්‍යන්තර සම්මුතියක් යටතේ තහනම් කර ඇති නමුත් මිලිටරි ඉලක්ක සඳහා අවසර දී ඇත. යුක්රේනය ආක්‍රමණය කළ දා සිට අවස්ථා කිහිපයකදී මෙම ෆොස්පරස් බෝම්බ සිවිල් වැසියන් වෙත ඉලක්ක වූ බව යුක්රේනය චෝදනා කරන අතර රුසියාව එය ප්‍රතික්ෂප කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.
සශිකලා මධුෂාණී_
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…