පුවත්

සීයලා ආච්චිලා විනාශ කරන අපේ දරුවන්ගේ අනාගතය.

එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි එක්සත් ජනපදය හා  චීනය හොඳ හිත පළුදු කර ආසියානු වෙළඳපොළවල් කළඹවා සිය සංචාරය නිමාකර තායිවානය හැර ගොස් තිබේ. ඊට ප්‍රතිචාර වශයෙන් චීනය සිය සරඹ සන්දර්ශන ආරම්භ කර ඇත. එනම්, තායිවාන් දූපත අවට ජලයේ කලාප හයක් හරහා සජීවී-ගිනි හමුදා අභ්‍යාසයක් නිවේදනය කර ඇත. එය අදින් (04) ඇරඹී ඉරිදා දක්වා පවතිනු ඇත.

දේශගුණික විපර්යාසයන් වලින් ලෝකයම බැට කමින් සිටින මෙහොතක පෙලෝසිගේ පැමිණීම ආසියානු කලාපයම බරපතල ගැටලුවකට ඇද දැමීමකි. එහි තර්ජනය එක් ජාතියකට පමණක් සීමා නොවන අතර අලුත් යුද්ධයකට ලෝකය තල්ලු කිරීමකි. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසන පරිදි යුක්රේන යුද්ධයට විශාල සහයෝගයක් මෙන්ම යුධ ආධාර බයිඩන්ගෙන් ලැබෙන බව පැවසේ. ඒ අනුව සීයලා ආච්චිලා ලෝකයේ පැවැත්මට මේ කරන උදව්ව සුළුපටු නැත.

අදින් ඇරඹෙන චීනයේ යුධ අභ්‍යාස මාලාව ලොව කාර්යබහුලම ජල මාර්ග කිහිපයක සිදුවන අතර මෙහි දිගු දුර සජීවී පතොරම් වෙඩි තැබීමි ආදියද ඇතුලත් වන බව පැවසේ. ඒ අනුව චීනය තායිවානය අභ්‍යාසවලින් වැළකී විකල්ප මාර්ග සොයා ගන්නා ලෙස නැව්වලින් ඉල්ලා ඇති අතර විකල්ප ගුවන් මාර්ග සොයා ගැනීමට අසල්වැසි ජපානය සහ පිලිපීනය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. තායිවාන ආරක්ෂක අමාත්‍යංශ්‍ය පැවසුවේ චීන ප්‍රහාරක ගුවන් යානා 27ක් දැනටමත් තම ගුවන් ආරක්ෂක කලාපයට ඇතුළු වී ඇති බවයි.

තත්වය සමනය කිරීමේ උත්සාහයක් ලෙස, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයේ G7 රටවල විදේශ අමාත්‍යවරු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළේ චීනයේ උත්සන්න වීම කලාපය අස්ථාවර කිරීමේ අවදානමක් ඇති බවයි. තායිවාන් සමුද්‍ර සන්ධියේ ආක්‍රමණශීලී මිලිටරි ක්‍රියාකාරකම් සාධාරණීකරණය කළ නොහැකි බව ප්‍රකාශ කරන ඔවුන් අපගේ රටවල නීති සම්පාදකයින් ජාත්‍යන්තරව සංචාරය කිරීම සාමාන්‍ය දෙයක් වශයෙන් එම ප්‍රකාශයේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී එක්සත් ජනපදයට චෝදනාකර ඇති අතර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් චීනයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම හේතුවෙන් ගින්න සමඟ සෙල්ලම් කරන්නන් හොඳ අවසානයකට නොඑන අතර චීනයට රිදවන අයට දඬුවම් ලැබෙනු ඇත. යනුවෙන් ප්‍රකාශ කර ඇත.

සංචාරයෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් පෙලෝසි මහත්මිය පවසා තිබුණේ ලෝක නායකයින් හෝ කිසිවෙකු තායිවානයට එහි සමෘද්ධිමත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීමට, එහි බොහෝ සාර්ථකත්වයන් ඉස්මතු කිරීමට සහ අඛණ්ඩ සහයෝගීතාවය සඳහා අපගේ කැපවීම නැවත තහවුරු කිරීමට සංචාරය කිරීම වැළැක්විය නොහැකි බවයි.

අවුරුදු හතළිස් තුනකට පෙර, ඇමරිකාව සැමවිටම තායිවානය සමඟ සිටින බවට ලබා දුන් පොරොන්දුවට අනුව නියෝජිතයන් තායිවානයට පැමිණියේ තායිවානය සඳහා වූ අපගේ කැපවීම අපි අත් නොහරින බව පැහැදිලිවම පැහැදිලි කිරීමටයි, කෙසේ නමුත් අනවශ්‍ය මොහොතක සිදු වූ නැන්සිගේ හිතුවක්කාර සංචාරය ජෝ බයිඩන් අනුමත නොකර ඇති බව වාර්තා කෙරේ.

එක්සත් ජනපදය චීනය හා තායිවානය සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනු ලැබේ. එක් අතකින්, ඔවුන් “එක් චීනයක්” ප්‍රතිපත්තියට අවනතවන අතර අනෙක් අතට, තායිවානය සමඟ “ශක්තිමත් නිල නොවන” සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි, එය ආරක්ෂා කර ගැනීම සඳහා තායිවානයට ආයුධ විකුණනු ලැබේ.

මේ වන විට පෙලෝසි තායිවානයට පැමිණීමට ප්‍රතිචාර වශයෙන්, චීනය තායිවානයේ ආහාර ආනයනය තහනම් කිරීම සහ ස්වයං පාලන දිවයිනට වැලි අපනයනය කිරීම නවතා දමමින් ආර්ථික වාරණයක් ක්‍රියාත්මක කරයි. මෙහිදී  වාර්තාකරුවන් පෙලෝසිගෙන් විමසා සිටියේ තායිවානයට දිය හැකි ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ මොනවාද යන්නයි. එවිට පෙලෝසි පසුගිය මාසයේ එක්සත් ජනපද කොන්ග්‍රසය සම්මත කළ CHIPS පනත පෙන්වා දෙනු ලැබීය. එක්සත් ජනපදය පදනම් කරගත් චිප් නිෂ්පාදකයින් සඳහා ඩොලර් බිලියන 52 ක ආයෝජන සහනාධාර ලබා දෙන පනත තායිවානය සමඟ “වඩා හොඳ ආර්ථික හුවමාරුවකට දොර විවර කරන” අතර තීරනාත්මක අංශයේ තවදුරටත් ද්විපාර්ශ්වික පර්යේෂණ සහ ආයෝජන සඳහා පහසුකම් සපයනු ඇතැයි පෙලෝසි පැවසීය.

නමුදු තායිවානය මෙම සංචාරය මඟින් බලාපොරොත්තු වන්නේ අනුකම්පාවක් නොවන අතර රට ස්වෛරීව ගෙන යාමට ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවයයි. තායිවානයට ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුව (IPEF), ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය සඳහා වූ විස්තීරණ සහ ප්‍රගතිශීලී ගිවිසුම (CPTPP) සහ අනෙකුත් කලාපීය ආයතනවලට සම්බන්ධ වීමට අවශ්‍ය වේ. IPEF යනු කලාපය සඳහා බයිඩන්ගේ පාලනයේ ප්‍රමුඛතම ආර්ථික වේදිකාවයි. නමුත් මේ වන විටත් තායිවානයට මේ හා සම්බන්ධ වීමට ආරාධනා ලැබී නැත.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

13 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

16 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

16 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

17 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

18 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

18 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

18 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

21 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

23 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

3 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

3 days ago