ඒ, හෙපටයිටිස් C වෛරසය සොයාගැනීම සහ, එතුළින් එම රෝගය මැඩපැවැත්වීමට සිදුකළ දායකත්වය වෙනුවෙන්.
ඒ අනුව හෙපටයිටිස් C වෛරසය සොයාගත් හාවි ජේ. ඇල්ටර්, මයිකල් හෝටන් සහ චාල්ස් එම්. රයිස් යන වෛද්‍ය පර්යේෂකයන් තිදෙනා අතර නොබෙල් ත්‍යාගය සමසේ බෙදී යනවා.
HCV යන කෙටි නාමයෙන් මෙම හෙපටයිටිස් සී වෛරසය හැඳින්වෙනවා.
නොබෙල් කමිටුව විසින් සිදුකළ ට්විටර් ප්‍රකාශයේ මෙසේ ද දැක්වෙනවා.
‘‘ඉතිහාසයේ පළමු වතාවට හෙපටයිටිස් C වෛරසය දැන් සුව කළ හැකියි. 2020 නොබෙල් ත්‍යාගලාභීන් විසින් නිදන්ගත සහ සුවනොවන හෙපටයිටිස් රෝගයට හේතුව හෙළි කළා සහ, රුධිර පරීක්ෂා සොයාගැනීමට ඉවහල් වුණා. දැන්, මිලියන ගණන් ජීවිත සුරැකෙන නව ඖෂධ ඒ සඳහා තිබෙනවා..‘‘
ගෝලීය වශයෙන් මිලියන 71 ක ජනතාවක් නිදන්ගත හෙපටයිටිස් C වෛරසයට ගොදුරු වී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙයින් සැලකිය යුතු ප්‍රමාණයකගේ නිදන්ගත රෝගී තත්වය අක්මාවේ සිරෝසිස් හෝ අක්මා පිළිකා දක්වා වර්ධනය වෙනවා. මෙය මැඬලීමට මාර්ග සොයාගැනීම මගින් ඉහත කී විද්‍යාඥයන් දෙදෙනා කළ මෙහෙය මිල කළ නොහැකියි.
ඔවුන් තිදෙනා අතරින් ඇමරිකානු ජාතිකයෙක් වන ඇල්ටර්, මෙම වෛරසය සොයාගන්නට පාරවිලයනයේ ක්‍රමවේද අධ්‍යයනයන් යොදාගත්තා. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන හෝටන් නව වෛරසයේ ජෙනෝමය එතෙක් පරීක්ෂා කර නොතිබුණු ක්‍රමයක් මගින් වෙන් කර ගන්නට සමත් වුණා. ඒ වගේම, එයට Hepatitis C නාමය ලබාදුන්නේත් ඔහු විසින්.
මේ අතර ඇමරිකානු ජාතික විද්‍යාඥයෙකු වන රයිස්, Hepatitis C වෛරසය මගින් පමණක් වුණත් හෙපටයිටිස් රෝගය බෝවෙන බව සනාථ කරන අවසාන සාක්ෂි සැපයීමට සමත් වුණා.
සාමාන්‍ය ව්‍යවහාරයේ ‘කහ උණ‘ ලෙස හඳුන්වන හෙපටයිටිස් රෝගය අතරින් Hepatitis C විශේෂ වන්නේ එය ඉතාම මෑතක් වන තුරුම ‘සුව කළ නොහැකි‘ රෝගයක් ලෙස සැලකුණු නිසයි.ඒ වගේම අක්මාවට නිත්‍ය වශයෙන්ම බලපාන තෙක්ම, ඒ කියන්නේ අක්මාව තුවාළ වන තෙක්ම බොහෝ අයට මෙම රෝගය වැළදී ඇති බව දැනෙන්නේවත් නැහැ. එය මේ රෝගයේ තිබෙන ලොකුම බරපතළ කමයි. මෙය ආසාදිත රුධිරය මගින් හෝ ලේ විෂවීම නිසා හටගන්නා රෝගයක් ලෙස සැලකුණා. ඒ වගේම අක්මාවක් බද්ධ කිරීමෙන්වත් මේ රෝගය නිට්ටාවට සුව කළ නොහැකි තත්වයකයි පැවතුණේ.
නමුත් දැන්, මේ විද්‍යාඥයන් ත්‍රිත්වයේ සොයාගැනීමත් සමග ලොව පුරා රෝගය සමග ජීවත් වන මිලියන ගණනකට බලාපොරොත්තුවේ නව ජීවනය ලැබී තිබෙනවා.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…