පුවත්

14 වැනි බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙල බෙයිජිං නුවරදී!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):චීන ජාතික චිත්‍රපට පරිපාලනයේ මෙහෙයවීම යටතේ චීන මාධ්‍ය සමූහය සහ බෙයිජිං නාගරික රජය ඒකාබද්ධව සංවිධාන කරන ලද 14 වැනි බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙල බෙයිජිං නුවර යංචි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ වෙයි.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයිශොං මහතා එම උළෙලට සහභාගි විය.

සංස්කෘතියට අධ්‍යාත්මය සම්බන්ධ කළ හැකි බවත්, කලාවට ලෝකය සම්බන්ධ කළ හැකි බවත් චීන ජනාධිපති ‍ෂී ජින් පිං මහතා පෙන්වා දී ඇතැයි ඔහු එහිදී කියාසිටියේය. ගෙවී ගිය වසර 14 ක කාලය තුළ මෙම සිනමා උළෙලේ ජාත්‍යන්තර බලපෑම වඩාත් වර්ධනය වෙමින් පවතින බව ද හෙතෙම පැවසීය.

දෙස් විදෙස් සිනමාකරුවන් රැස්ව චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සහ සංස්කෘතික හුවමාරු තර කිරීම මෙවරත් බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ අරමුණයි. මෙවර උළෙල සඳහා ලියාපදිංචි වී ඇති චිත්‍රපට සංඛ්‍යාව 4,273 කි. ඒ අතර ප්‍රධාන තරග අංශය වන “ටියැන්ටන් සම්මානය” සඳහා චිත්‍රපට 1509 ක් ලියාපදිංචි වී තිබීම කැපීපෙනෙන අතර, මෙහි සමාප්ති උළෙල ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.මෙහිදී “ටියැන්ටන්” සම්මානලාභියා එහිදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවද පැවසේ.

Share

Recent Posts

tortilla chip අභියෝගයකට මුහුණ දුන් 14 හැවිරිදි දරුවකු හෘදයාබාධයකින් මරුට

වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.

1 hour ago

ප්‍රංශයේ නව කැලිඩෝනියාහි කෝලහාල තත්වයක්; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…

1 hour ago

කිසිවක් නොකර සිටීමට හොඳම කවුදැයි බැලීමට දකුණු කොරියානුවන් අතර තරඟයක්

මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…

4 hours ago

එක්සත් රාජධානිය ඉන්දිය කුළුබඩු දැඩි පරික්ෂාවකට ලක් කරයි

ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.

22 hours ago

චීන ජනාධිපතිවරයා පුටින්ව හරසරින් පිළිගනියි

මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.

22 hours ago

ROBERT FICO ගේ තත්ත්වය නරක අතට!

එරට  ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද  ඔහුගේ  තත්වය බරපතල…

1 day ago

ට්‍රම්ප් හා බයිඩන් ප්‍රසිද්ධ විවාදයකට සුදානමින්

එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.

1 day ago

ස්ලෝවැක් අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වේ

වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2 days ago

බයිඩන් චීනයේ විදුලි වාහන සඳහා 100%ක තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…

2 days ago

රුසියානු ජනාධිපතිවරයා බීජිංහිදී , ෂී ජින්පින් හමුවීමට නියමිතයි

චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.

3 days ago

කාශ්මීරයේ පිටි සහ විදුලි මිල ඉහළ යාමට එරෙහිව විරෝධතා; තිදෙනෙකු මාරුට

මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…

3 days ago

මුම්බායි හි දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 14දෙනෙකු මරුට

ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…

3 days ago

ලෝක මාධ්‍ය නිදහසේ අංක එකේ රට නෝර්වේ!

ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…

3 days ago

පියාඹන ටැක්සි!

මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…

3 days ago