වත්මන් ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සහ හිටපු නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා අතර ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ පැවැති දෙවන ඡන්ද විමසීමේදී මිලියන 215ක ජනගහනයක ප්‍රකාශිත නිල ඡන්ද 90%ක් අතරින් 50.9% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් නව ජනාධිපති ලෙස තේරී පත් වන්නට කම්කරු පක්ෂයෙන් තරඟ කළ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සමත්ව ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති බොල්සොනාරෝට ලබාගත හැකිව ඇත්තේ 49.7%ක් බව මැතිවරණ කොමිසම එහි වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
67 හැවිරිදි බොල්සොනාරෝ රියෝ ද ජැනයිරෝ හි හමුදා සංකීර්ණයක දී සිය ඡන්දය භාවිතා කළ අතර වාර්තාකරුවන් ඇමතූ ඔහු ප්‍රකාශ කර තිබුණේ බ්‍රසීලයේ යහපත වෙනුවෙන් මම අපේ ජයග්‍රහණය බලාපොරොත්තු වන බවත් දෙවියන්ගේ කැමැත්ත ඇත්නම් අද බ්‍රසීලය ජයග්‍රහණය කරනු ඇති බවත්ය.
77 හැවිරිදි ලූලා වෘත්තීය සමිති නායකයෙකු ලෙස සිය ආරම්භය සනිටුහන් කළ අග්නිදිග නගරය වන Sao Bernardo do Campo හි ඡන්දය ප්‍රකාශ කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් තමා අපේක්ෂා කරන බව ප්‍රකාශ කරමින් බිඳුණු ජාතියතුළ සාමය යථා තත්වයට පත් කිරීමත්, කුසගින්න තුරන් කිරීමටත් , ජාතිවාදය මැඩලමින් , සුදු, කළු සහ ආදිවාසීන්ට සමාන අයිතිවාසිකම් සහ එකම අවස්ථා සඳහා ප්‍රවේශය සහතික කිරීමට තමා අපේක්ෂා කරන බව මාධ්‍ය වෙත වාර්තා කර තිබිණි.
ලූලාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ පාර්සරික ප්‍රතිපත්තිය බලපෑ අතර බොල්සනාරෝ ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් ඇමසන් විවෘත කර යුතු බවට ප්‍රකාශ කරන විට ලූලා වැසි වනාන්තරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නට විය. සිය මැතිවරණ පොරොන්දු අතර ඇමසන්හි වන විනාශය බින්දුවට අඩු කරන බවට ඔහු ප්‍රතිඥා දෙනු ලැබීය. මේත් සමඟ පරිසර හිතකාමීන්, දේශගුණ ක්‍රියාකාරී ඔහු හා පෙළ ගැසිණි. බ්‍රසීලයට මෙන්ම ලෝකයට ජීවමානව හා හුස්ම ගැනීමට ඇමසන් වනාන්තරයක් අවශ්‍යයි. එය රැක ගැනීමට ලූලාට හැකි වේවා යැයි පතමු !
ලූලාට ජය !
සශිකලා මධුෂාණී_
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…