පුවත්

2065 වන විට ජපානයේ ජනගහනය මිලියන 88 දක්වා පහතට

ජපානයේ ජනගහනය 2010 සිට හැකිලෙමින් පවතින අතර මෑත වසරවල පහත වැටීම වේගවත් විය.

2065 වන විට ජපානයේ ජනගහනය මිලියන 88 දක්වා පහත වැටේන බවට පුරෝකතනයන් ඉදිරිපත්ව ඇති අතර එය වසර 45කින් 30% ක අඩුවීමකි. 1970 ගණන්වල මැද භාගයේ සිට ජපානයේ සාඵල්‍යතා අනුපාතය සීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතින අතර එයට හේතුව වී ඇත්තේ තරුණ කාන්තාවන් විවාහ නොවී සිටීමයි.


ජපානයේ කාන්තාවන්ට ආර්ථික අවස්ථා සීඝ්‍රයෙන් දියුණු වීම, අධ්‍යාපන අවස්ථා ලබා ගැනීම, දරුවන් ලැබීමටත් වැඩි කැමැත්තක් නොදැක්වීම 2020 දී 51%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 25-29 අතර කාන්තාවන්ගේ ශ්‍රම සහභාගීත්ව අනුපාතය 2020 වන විට 87%කි. 1975 වයස අවුරුදු 25-29 අතර තනි කාන්තාවන්ගේ අනුපාතය 21% සිට 2020 වන විට එය 66% දක්වා ඉහළ ගොස් ඇත. 30-34 අතර කාන්තාවන් 8% සිට 39% දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස ජපානයේ විවාහ අනුපාතය පහත වැටීමට ද හේතුවී ඇත්තේ ගෘහස්ථය තුළ ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවයයි. එනම් ගෘහස්ථ කාර්යයන් සඳහා ජපන් පිරිමින්ගේ දායකත්වය ඉතා අඩු මට්ටමක පැවතීම හේතුවෙන් ගෘහ සේවය සහ ළමා රැකවරණය කළමනාකරණය කිරීම සඳහා කාන්තාවන්ට විශාල බරක් පටවා තිබේ. කාන්තාවන් සඳහා පුළුල් වන ආර්ථික අවස්ථා හේතුවෙන් හා නිවසේ අසමාන ස්ත්‍රී පුරුෂ භූමිකාවන් පැවතීම විවාහක කාන්තාවන්ට රැකියාව සහ පවුල් ජීවිතය තුලනය කිරීම ඉතා දුෂ්කර කර වීම විවාහය වෙනුවෙන් පවතින ආකර්ෂණය අඩු කර ඇත.


නමුත් මේ වන විට ජපන් රජය වේගවත්ව ජනගහන වයස්ගත වීම හා සම්බන්ධ සමාජ හා ආර්ථික ප්‍රතිවිපාක ගැන සැලකිලිමත්ව ඇති අතර ඒ වෙනුවෙන් වැඩසටහන් මාලාවක් දියත් කර තිබේ. මෙහි මූලික අවධානය යොමුව ඇත්තේ ළමා සුරැකුම් සේවා සැපයීම වැඩි දියුණු කරමින් මා පිය සහය සැපයීම වෙනුවෙනි.

සශිකලා මධුෂාණී_

Share

Recent Posts

සීක් බෙදුම්වාදී නායකගේ මරණය සම්බන්ධයෙන් කැනඩාව ඉන්දීය රජයට එරෙහිව කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැත – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය

රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…

17 hours ago

ඇමරිකාව චීන සමාගම් රැසකට වෙළඳ සිමා පනවයි

මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

18 hours ago

Bieber පවුලට එන්නට සැරසෙන අලුත් සාමාජිකයා ගැන හෙළිදරවුවක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…

20 hours ago

Met Gala 2024හි තරු පිරිවරගේ විලාසිතා!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…

21 hours ago

බයිඩන්ගේ උදවු නොමැතිවුවත් රෆා මෙහෙයුම ස්ථිරයි- නෙතන්යාහු

ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…

1 day ago

දකුණු කොරියාවේ උපත් අනුපාතය සිඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් නව අමාත්‍යංශයක් ස්ථාපිත කෙරේ

රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…

1 day ago

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

2 days ago

රෆා වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊශ්‍රයලය වෙත කරන ආයුධ සැපයුම නතර කරන බවට බයිඩන් අනතුරු අඟවයි

එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

2 days ago

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

3 days ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

3 days ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

4 days ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

4 days ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

4 days ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

4 days ago