චරිත

පුහුදුන් දේශපාලනයේ මහාප්‍රාණ මිනිසා – ආචාර්ය අබ්දුල් කලාම්

ආචාර්ය අබ්දුල් කලාම් හට විදෙස් සංචාරවලදී නොයෙක් තෑගි බෝග ලැබුණේය. විදේශ සංචාරයකදී රාජ්‍ය නායකයෙකු හට පිරිනැමෙන ත්‍යාගයක් ප්‍රතික්ෂේප කිරීම මාතෘභූමිය ලැජ්ජාවට පත්කිරීමකි. එනිසා ඔහු සියලු තෑගි පිළිගත්තේය. අනතුරුව නැවත ඉන්දියාව බලා ආ විට අබ්දුල් කලාම් කළේ ඒ සියල්ල එකින් එක ඡායාරූපගත කිරීමට සහ ඉන්වෙන්ට්‍රිගත කිරීමට උපදෙස් දීමයි. ඉන් පසු ඒවා ගබඩාවලට යැවිණි. කලාම් එයින් මතු කිසිවිටෙක ඒ ත්‍යාග දෙස බලන්නේ පවා නැත. මේ නායකයා රාෂ්ට්‍රපති භවන් හෙවත් ඉන්දීය ජනපති නිල නිවසින් සමුගෙන යන විට එසේ තෑගි වශයෙන් ලැබුණු එකදු පැන්සලක් පවා ගෙන ගියේ නැත!

ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාවේ ජනපති පදවියට පත් 2002 වසරේදී රාමසාන් මාසය යෙදී තිබුණේ ජූලි-අගෝස්තු අතර ය. ජනාධිපතිවරයා විසින් ඉෆ්තාර් හෙවත් රාමසාන් භෝජන සංග්‍රහයක් පැවැත්වීම සිරිතකි. මේ සම්බන්ධයෙන් කතා බහ සිදුවන විට කලාම්, සිය ලේකම්වරයා වූ පී.එම්. නායිර් ව කැඳවා ඔහුගෙන් විමසුවේ, හොඳින් කා බී සිටින මිනිසුන් හට භෝජන සංග්‍රහ පැවැත්වීමේ අවශ්‍යතාවය කුමක්ද යන්නයි. එසේම ඉෆ්තාර් භෝජනයක් සඳහා වැය වන මුදල ගණන් බලන ලෙස ද ඔහු සිය ලේකම්ට කීවේය.

ඒ සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 22 ක් පමණ වැය වන්නේ යැයි ලේකම් නායිර් ආපසු පැමිණ දැනුම් දුන්නේය.

එවිට ආචාර්ය කලාම් සිය ලේකම්වරයාට දැනුම් දුන්නේ එම මුදල අනාථ නිවාස කිහිපයක් සඳහා වෙන් කරන ලෙස ය. එම අනාථ නිවාස තෝරාදීම රාෂ්ට්‍රපති භවනේ කාර්ය මණ්ඩලයට පැවරිණි. ඒ සඳහා ජනාධිපති කලාම් කිසිම මැදහත් වීමක් කළේ නැත. එම අනාථ නිවාසවලට ඇඳුම්, ඇඳ ඇතිරිලි සහ ආහාර මිලදී ගෙන ඒවා ගෙන යාමේ වගකීම පැවරුණේද පෙර කී ජනාධිපති ලේකම්වරයාට ය.

සියල්ල සංවිධානය කර අවසන් වූ පසු ආචාර්ය කලාම් ඔහු ව කැඳවා සිය පුද්ගලික බැංකු ගිණුමෙන් ලියූ රුපියල් ලක්ෂයක චෙක් පතක් දුන්නේය. දැන් ලක්ෂ 23 ක් අනාථ නිවාස වෙනුවෙන් වැය කළ හැක. නායිර් මහත් වික්ෂිප්ත භාවයට පත්විය. ‘‘සර්, මම මේක හැමෝටම කියනවා. මිනිස්සු දැනගන්න ඕනෙ, තමන්ට වියදම් කරන්න නියම වෙලා තියෙන මුදල්වලින් විතරක් නෙවෙයි, තමන්ගෙ පුද්ගලික ධනයත් ජනතාවට දෙන නායකයො ඉන්නව කියලා..“ යැයි නායර් කීය.

‘‘කිසිම කෙනෙකුට කියන්න අවශ්‍ය නැහැ“ යන්න ආචාර්ය අබ්දුල් කලාම්ගේ පිළිතුර විය.

බැතිමත් මුස්ලිම් භක්තිකයෙකු වුවද ආචාර්ය අබ්දුල් කලාම්, සිය නිල කාලය තුළ කිසිම ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් රාෂ්ට්‍රපති භවන් හි පැවැත්වූයේ නැත. එවැනි දේ ඔහු දුටුවේ මහජන මුදල් නාස්තියක් ලෙස ය.

DR APJ Abdul Kalam | 2mrwtrendz.com

‘යස් සර්‘ කියන ජාතියේ අයට අබ්දුල් කලාම් කිසිවිටෙක කැමති වූයේ නැත. වරක් ඉන්දියාවේ අගවිනිසුරුවරයා කලාම් මුණ ගැසී යම් ප්‍රශ්නයක් සාකච්ඡා කළේය. ඒ පිළිබඳ සිය අදහස දැක්වූ ජනාධිපතිවරයා, නායිර් දෙසට හැරී ‘‘ඔබ මේකට එකඟදැයි‘ ඇසුවේය.

‘‘නැහැ, සර්. මම එකඟ නැහැ“ යැයි නායිර් පැවසුවේය. අගවිනිසුරුවරයා සිය දෙසවන් අදහාගත නොහැකිව බලා සිටි අන්දම පැහැදිලිව පෙනුණි.

රටේ සිවිල් සේවකයෙකුට සිය විසම්මුතිය ජනාධිපතිවරයාගේ මුහුණටම කියා දැමීමට තරම් ධෛර්යයක් සහ නිදහසක් ආචාර්ය අබ්දුල් කලාම් ලබාදී තිබුණේ එසේ ය.

ඉන්පසු අබ්දුල් කලාම්, නායිර්ගෙන් අසා තිබුණේ ඔහු එයට එකඟ නොවන්නේ මන්ද කියා ය. මෙවැනි අවස්ථාවලදී සාධාරණ සහේතුක හේතුවක් දක්වන්නේ නම් අබ්දුල් කලාම් ඉතාම නිහතමානී ලෙස සිය මතය වෙනස් කර ගත්තේය.

වරක් ආචාර්ය කලාම් සිය ඥාතීන් 50 දෙනෙකුට රාෂ්ට්‍රපති භවන් වෙත ඇරයුම් කළේය. ඔවුන් සියලුම දෙනා නවාතැන් ගත්තේ ද එහි ය. කලාම් ඔවුන්ට නගරයේ සිරි නැරඹීමට යාම සඳහා බස් රියක් ඇණවුම් කළේය. කිසිදු අවස්ථාවක නිල මෝටර් රථ යනාදිය භාවිතා කළේ නැත. අවසානයේ ඔවුන්ගේ සියලු වියදම් ගණනය කළ විට එය රුපියල් ලක්ෂ 2කට අධික බව පෙනුණි. කලාම් වහාම සිය පුද්ගලික වත්කම්වලින් එම මුදල ගෙවා දැමුවේය. ඉන්දියාවේ පමණක් නොව ලංකාව ද ඇතුළුව බොහෝ රටවල මෙසේ වන්නේ නැත!

ක්‍රමයෙන් අබ්දුල් කලාම්ගේ නිල කාලය අවසන් වී ඔහු රාෂ්ට්‍රපති භවන හැර යන දිනයට පෙර දිනය එළඹුණේය. එහි කාර්ය මණ්ඩලය සිය පවුල් පිටින් පැමිණ නායකයාගේ දෙපා නමැද කඳුළු සළමින් ඔහුට සමු දුන්හ. මේ අතර ලේකම් නායිර් තනිව ගියේ හදිසි අනතුරක් හේතුවෙන් ඇති වූ අස්ථි බිඳීමක් නිසා ඔහුගේ බිරිඳ ලෙඩ ඇඳේ සිටි හෙයිනි. තනිව ආවේ මන්දැයි අබ්දුල් කලාම් ඇසූ විට නායිර් ඇය ගිලන්ව පසුවන බව කීවේය. පසුදින උදා විය. නායිර්ගේ නිවස වට කරමින් පොලිස් නිලධාරීන් රාශියක් සිටින බව පෙනිණි. ඔහු පුදුමයට පත් විය. ඒ පිළිබඳ සොයා බලන විට පොලිස් භටයන් කීවේ, ‘‘ඉන්දියාවේ ජනාධිපතිතුමා මේ ගෙදරට එනවා“ කියා ය. මද වේලාවකට පසු අති සරල අබ්දුල් කලාම්, නායිර්ගේ නිවසට පැමිණ බිරිඳගේ සුවදුක් විමසමින් මද වේලාවක් ඇය සමග කතා බස් කර නික්ම ගියේය.

වරක් ආචාර්ය කලාම් සිය සහෝදරයා ජනාධිපති මන්දිරය වෙත ගෙන්වා ගත්තේය. කලාම්ගේ ඉල්ලීම අනුව ඔහු පුරා සතියක් කලාම්ගේ කාමරයේ නවාතැන් ගෙන සිටියේය. ඔහු ආපසු ගිය විට ආචාර්ය කලාම්ට උවමනා වුණේ කාමර කුලිය ගෙවා දමන්නට ය! සිතන්න! තමන් ද ජීවත් වන කාමරය තවත් කෙනෙක් සමග බෙදාගත් පසු, අනෙකාගේ අමතර වියදම වෙනුවෙන් කාමරයේ කුලිය ගෙවන්නට සිතන ජනාධිපතිවරයෙක්..!

ආචාර්ය අබ්දුල් කලාම් වැනි ශ්‍රේෂ්ඨයන් සහ සරල මිනිසුන් ලොව බිහිවන්නේ කලාතුරකිනි. එවැනි චරිත ලොව ‘නැවත නැවත‘ බිහිවන්නේ ඊටත් වඩා කලාතුරනිකි. එය ආසියාවේ අපි, දිනපතා අත්දකින සත්‍යයකි. 

පසු සටහන : ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාවේ ජනාධිපතිව සිටියදී ජනාධිපති ලේකම්වරයා වූයේ පී.එම්. නායිර් ය. ඔහු ‘කලාම් ඉෆෙක්ට්‘ නමින් සිය නායකයා පිළිබඳ පොතක් ද ලීවේය. මේ ලිපිය සැකසුණේ පී.එම්. නායිර්, ආචාර්ය අබ්දුල් කලාම් පිළිබඳ දැක්වූ අදහස්වලිනි.

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

51 mins ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

5 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

8 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

10 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

10 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago