ලොව යන අත

AI – කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ලෝකයේ පළමු විශ්ව විද්‍යාලය අබුඩාබියේ – සියලු සිසුන්ට මාසික දීමනා සමග පූර්ණ ශිෂ්‍යත්ව!

MBZUAI යන කෙටි නමින් හඳුන්වන මෙම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මොහොමඩ් බින් සයිද් සරසවිය (Mohamed bin Zayed University of Artificial Intelligence) මෙම විෂය සම්බන්ධයෙන් උපාධියක් පිරිනමන සහ පර්යේෂණ සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදෙන ලොව පළමු විශ්ව විද්‍යාලයයි.

මෙහි පළමු සිසුන් පිරිස 2020 සැප්තැම්බර් මාසයේදී බඳවා ගැනීමට නියමිත ය.

මෙම සියලුම සිසුන් සඳහා පූර්ණ ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිත අතර, එයට අමතරව මාසික දීමනාවක්, සෞඛ්‍ය ආරක්ෂණයක් සහ ඉඳුම් හිටුම් පහසුකම් ද ඔවුන්ට සපයනු ලැබේ. විදෙස් සිසුන්ට ද මේ සඳහා අයදුම් කළ හැකිය. තවද මෙම උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා සහයෝගය ලබාදෙන ක්‍රමයක් ද මෙම සරසවිය තුළ අන්තර්ගත ය.

කෘත්‍රිම බුද්ධියේ ප්‍රධාන අංග වන Machine Learning, Computer Vision සහ Natural Language Processing යන විෂයන් සඳහා Master of Science (MSc) සහ PhD උපාධි මට්ටම් දක්වා මෙම සරසවිය මගින් අධ්‍යාපනය ලබාගත හැක.

AI හෙවත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් – කෘත්‍රිම බුද්ධිය අනාගත ලෝකය පාලනය කරන තාක්ෂණයක් ලෙස මේ වන විට සැලකේ. ස්වයංක්‍රීයව, දත්ත සහ පර්යේෂණ මත පදනම් වෙමින් අතිශය නිවැරදි තීරණ ගැනීමට ඇති හැකියාව සහ අතිශය නිවැරදි පුරෝකථන මෙම ශිල්පයේ ප්‍රධානතම වාසි අතර වේ. MBZUAI සරසවිය විසින් ලෝකයේ දැනට භාවිතා වන ඉහළම ගණයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා සැපයීමට නියමිත අතර, ලෝකයේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය වෙනුවෙන් එය යොදාගැනීමට අපේක්ෂා කරයි.

‘‘AI විසින් දැනටමත් ලෝකය වෙනස් කර තිබෙනවා. නමුත් එය පූර්ණ වශයෙන් ගවේෂණය කිරීම මගින් මිනිස් මනසේ අසීමාන්තික පරිකල්පනයෙන් ප්‍රතිලාභ ලබාගත හැකියි“ යනුවෙන් මෙම සරසවියේ සභාපති ධුරයට පත් කර තිබෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අමාත්‍යවරයෙක් වන ආචාර්ය සුල්තාන් අහ්මද් අල් ජබර් පවසයි.

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ Oncological Imaging පිිළිබඳ මහාචාර්යවරයෙක්, මිචිගන් ප්‍රාන්ත සරසවියේ මහාචාර්යවරයෙක්, චීනයේ ෂිංහුවා සරසවියේ Institute for Interdisciplinary Information Sciences හි පීඨාධිපතිවරයා, මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ පරිගණක විද්‍යාව හා කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණාගාරයේ අධ්‍යක්ෂවරයෙක් සහ Group 42 හි ප්‍රධානියා මෙම සරසවියේ භාරකාර මණ්ඩලයට තෝරා පත් කරගෙන ඇත.

MBZUAI සරසවියට මෙම නම තබා තිබෙන්නේ අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමද් බින් සයිද් සිහිවීම පිණිස ය. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදාවේ ‘නියෝජ්‍ය උත්තරීතර කොමදෝරු‘ (Deputy Supreme Commander) ලෙස ද හැඳින්වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මේ වන විට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයෙකු ද සිටියි. එම අමාත්‍ය ඕමාර් අල් ඔලාමා, මෙම සරසවියේ උපදේශක මණ්ඩලයේ ප්‍රධානත්වය උසුළයි.

රටේ දළ දේශීය නිෂ්පාදිතය AI යොදාගැනීම මගින් වසර 2010 වන විට 14%කින් ඉහළ නංවා මැදපෙරදිග රටක ඉහළම දළ දේශීය නිෂ්පාදිතය සහිත රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත් කිරීමේ සැලසුමක් ඇත.

ලොව පුරා රටවල් විසින් ගෝලීය ආර්ථික වර්ධනය සඳහා AI යොදාගන්නේ නම්, වසර 2030 වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 16 ක ආර්ථික වර්ධනයක් එමගින් අත්පත් කර ගත හැකි බවට ගණන් බලා තිබේ.

Share

Recent Posts

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

8 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

11 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

13 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

14 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

14 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

18 hours ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

18 hours ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

19 hours ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

1 day ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

1 day ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.

2 days ago

චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…

2 days ago

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නේපාලයෙන් ලැබුණු සංචාරක සත්කාරය පිළිබඳ නැඟුණු කතාව!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…

2 days ago