එසැණ පුවත්

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයත් තහනම්!

ඇෆ්ගනිස්ථානයේ වත්මන් තලිබාන් පාලනයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ ලිපියක දැක්වෙන පරිදි, නැවත දැනුම් දෙන තුරු කාන්තාවන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවසර හිමි නොවනු ඇත.

එමෙන්ම මෙම තීරණය වහා ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාවට නංවන බව ද එම ලිපියේ සඳහන්.

මෙම තීරණයට එළඹෙන්නේ, මීට මාස තුනකට ඉහත දී ඇෆ්ගනිස්ථානය පුරා ගැහැණු දරුවන් සහ කාන්තාවන් දහස් ගණනක් විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගවලට පෙනී සිට ඇති පසුබිමක වීම ද විශේෂත්වයකි.

ඒ අනුව, කාන්තාවන්ට ද්විතීයික අධ්‍යාපනය තහනම් වීමෙන් අනතුරුව අධ්‍යාපනය සඳහා ඇති අයිතිය සීමා කිරීමේ තලිබාන් පාලනයේ නවතම ස්ත්‍රී-විරෝධී ක්‍රියාමාර්ගය මෙයයි.

ඉකුත් වර්ෂයේ ඇෆ්ගනිස්ථානයේ තලිබාන් පාලනය ස්ථාපිත වීමෙන් අනතුරුව විශ්ව විද්‍යාලවල සමාජභාවය මත පදනම් වූ පන්ති කාමර සහ ප්‍රවේශයන් ස්ථාපිත විය. එමෙන්ම, කාන්තාවන්ට හැදෑරිය හැකි විෂයයන් බරපතල අන්දමින් සීමා කළ අතර, ඒ අතර, පශු වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ කෘෂිකර්මාන්තය අධ්‍යයනය කිරීම තහනම් විය; පුවත්පත් කලාව හැදැරීම දැඩි ලෙස සීමා කළේය. තව ද, ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය ලබා දිය හැක්කේ කාන්තා මහාචාර්යවරුන් සහ වයස්ගත පිරිමි පුද්ගලයන් ට පමණක් බව ද නිවේදනය කළේය.

තලිබාන්වරුන්ගේ පාලනයට යටත් වීමෙන් අනතුරුව ඇෆ්ගනිස්ථානය තුළ ස්ථාපිත වූ අන්ත ස්ත්‍රී විරෝධී සහ සුළුතර ප්‍රජා විරෝධී සමාජ ක්‍රමය බරපතල ආන්දෝලනයකට තුඩු දී ඇති අතර, මෙකී පසුබිම තුළ කාන්තාවන් සවිබල ගැන්වීම කෙරෙහි තලිබාන්වරුන්ගේ තිබෙන බිය පිළිඹිමු වන බව සමාජ ක්‍රියාකාරීහු විදෙස් මාධ්‍ය වෙත පැවසූහ.

තලිබාන් පාලනයට නතුවීමෙන් අනතුරුව ඇෆ්ගනිස්ථානයේ සමාජභාවී සමානාත්මතාවය සුනුවිසුනු වී ගොස් ඇති බව පෙනෙන්නට තිබේ.

ඡායාරූප: GETTY IMAGES

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

9 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

12 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

13 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

14 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

14 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

14 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

14 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

17 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

19 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

3 days ago