එක් වරක් පමණක් භාවිතා කර විසි කර දැමිය යුතු ප්ලාස්ටික්/පොලිතීන් බෑග් (Single-use plastic bags) සම්බන්ධයෙන් අප්‍රිකානු රටවල් 37 ක් මේ වන විට ඉතා හොඳ ක්‍රියාමාර්ග ගෙන ඇත.
මේ අතරින් දැඩිම දඬුවම් සමග පොලිතීන් බෑග් තහනම් කර ඇත්තේ කෙන්යාවයි.
කෙන්යාවේ නව නීතිය බිඳදමන්නෙකුට ඇමරිකානු ඩොලර් 38,000 දක්වා දඩයක් ගෙවීමට සිදුවනු ඇත.
එසේත් නැතිනම් වසර 4 ක සිර දඬුවමක් විඳීමට සිදුවනු ඇත.
ඔවුන් මෙයට මුල පුරා සිටින්නේ 2017 වසරේ පටන් ය.
බයෝ ඩීග්රේඩබල්, එසේත් නැතිනම් පරිසරයේදී දිරාපත් නොවන ප්ලාස්ටික්/පොලිතීන් බෑග් රුවන්ඩාවේ තහනම් ය.
මෙය 2019 වසරේදී ඔවුන් ගත් තීරණයකි.
ප්ලාස්ටික් වලින් තොර ලෝකයේ පළමු රට බවට පත්වීමට රුවන්ඩාවට අවශ්‍ය වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වන විටත් රුවන්ඩාවේ කිගාලි අගනුවර නම් කර තිබෙන්නේ ‘අප්‍රිකානු මහද්වීපයේ පිරිසිදුම නගරය‘ ලෙස ය.
ටැන්සානියාව පොලිතීන් බෑග් භාවිතය මැයි මාසයේ සිට මුළුමනින්ම තහනම් කර ඇත. එපමණක් නොව, ඔවුන් සංචාරකයන් හට පවා කියන්නේ ඔවුන්ගේ ප්ලාස්ටික්/පොලිතීන් බෑග් ගෙදර තබා එන ලෙස ය.!
ඒ වෙනුවට භාවිතා කළ හැකි විකල්ප පිළිබඳ ඔවුහු මේ වන විට සොයා බලමින් සිටිති.
රොයිටර්ස් පුවත්සේවයට අනුව මෙම ප්ලාස්ටික්/පොලිතීන් බෑග් තහනම හේතුවෙන් පරිසර දූෂණය සෑහෙන ප්‍රමාණයකින් අඩු කර ගැනීමට හැකියාව ලැබී ඇත.
අප්‍රිකානු මහද්වීපයේ දරුණු සෞඛ්‍ය ප්‍රශ්නයක් වන මැලේරියාව සැලකිය යුතු පරිදි අඩුවීමට ද මෙය හේතුවක් වනු ඇත.
කසල සිරවීම නිසා අවහිර වන ජලාපවාහන පද්ධති තුළ මැලේරියා මදුරුවන් බෝ වීමේ ඉහළ අවදානමක් අප්‍රිකාවේ තිබෙන නිසා, මෙය එයට ද විසඳුමක් වනු ඇත.
ආහාර වලට විෂ එකතු වීම අඩුවීම එහි තවත් වාසියකි.
මේ වන විට අප්‍රිකානු රටවල් ගණනාවක් ප්ලාස්ටික් කසළ පරිසරයෙන් ඉවත් කිරීමේ කාර්යයට මුල පුරා සිටියි.
වසරකට ලෝකය විසින් ප්ලාස්ටික්/බෑග් පොලිතීන් බෑග් ට්‍රිලියන 5 ක් නිෂ්පාදනය කරයි. (මූලාශ්‍රය- ලෝක සම්පත් ආයතනය (World Resources Institute)
මේවා පරිසරයෙන් සම්පූර්ණයෙන්ම දිරාපත් වී ඉවත් වීමට වසර 1000 ක කාලයක් ගත වනු ඇත.
අප්‍රිකාවට සාපේක්ෂව ලංකාවේ අපි කොතැනද?
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…