පරිසර

දූෂිත වායුගෝලය නිසා මිනිසාගේ ආයු කාලය වසර 2 කින් අඩු වෙලා!

දූෂිත වාතය හුස්ම ගැනීම, දිනකට සිගරට් 20 ක් දීර්ඝ කාලයක් මුළුල්ලේ ආඝ්‍රාණය කිරීම තරමටම මාරාන්තික ප්‍රතිඵල ඇති කරන බව වෛද්‍ය විද්‍යාව සනාථ කරයි.

ඇමරිකා එක්සත් ජනපදය තුළ වායු දූෂණය හේතුවෙන් මේ වන විටත් දරුණු ගණයේ ශ්වසාබාධ රැසක් හිස ඔසවමින් තිබේ.

(Deccan Herald)

නිදන්ගත එම්ෆිසිමා රෝගය සාමාන්‍යෙයන් ඇති වන්නේ දීර්ඝ කාලයක් දුම්වැටි පානය කිරීම නිසා ය. නමුත්, මෙම රෝගය ඇමරිකාව තුළ මේ වන විට බහුලව ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ අන් කිසිවක් නිසා නොව, දූෂිත වායුගෝලයක් තුළ ජීවත් වීම නිසා ය.

එම්ෆිසිමා රෝගයේදී ශ්වසන අපහසුතා, පෙණහළු පටක බිඳ වැටීම පමණක් නොව, හෘද වස්තුව අකර්මණ්‍ය වීම පවා සිදුවිය හැකි බව මයෝ ක්ලිනික් මෙඩිකල් ජර්නල පෙන්වා දෙයි.

ඕසෝන් වායුව ද මෙම වායු දූෂණයේ ප්‍රබල කාරකයකි. ඕසෝන් ස්ථරය, පෘථිවි ගෝලය අහිතකර හිරු රැසින් බේරාගන්නා බව ප්‍රකට කරුණකි. නමුත් ඕසෝන් වායුව ඒ අතරතුරම හරිතාගාර වායුවක් ද වේ. ඇසට නොපෙනෙන ඕසෝන් වායු අංශු හිරු එළිය සමග ප්‍රතික්‍රියා කර පෙණහළුවල බාහිර දාරයන් බිඳ දමන බව මේ වන විට හෙළිදරව් වී ඇත. එය එම්ෆිසිමා වැනි ශ්වසන රෝගවල ආරම්භයයි.

වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යන විට ඕසෝන් වායු අංශුවල මෙම දායකත්වය ඉහළ යයි. ඒ අනුව පෘථිවි ගෝලය තුළ තාප තරංග අධික ලෙස ඇති වීම ද ඕසෝන් වායු දූෂණය ඉහළ යාමට හේතුවකි.

දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකය රත් වෙමින් තිබෙන බව රහසක් නොවේ. මේ අන්දමින් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යන විට පෙර කී වායු දූෂණ කාරක ද වැඩි වැඩියෙන් වායු ගෝලය තුළ නිෂ්පාදනය වේ.

ඇමරිකාවේ ප්‍රධාන නගර 6ක ජනතාවගේ දත්ත,පුරා වසර 18 ක කාලයක් මුළුල්ලේ අධ්‍යයනය කිරීමෙන් මේ බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මේ වන විට ගෝලීය මට්ටමේදී සාමාන්‍ය මිනිසෙකුගේ ආයු කාලය වායුදූෂණය නිසා වසර 2 කින් පමණ අඩුවෙමින් තිබේ. (Source: Air Quality Life Index)

චීනය සහ ඉන්දියාව තුළ මේ තත්වය වඩාත් දරුණු ය. ඒ අනුව මේ වන විට චීන වැසියෙකුගේ ආයු කාලය වසර 2.9 කින්ද, ඉන්දියානුවෙකුගේ ආයු කාලය වසර 4.3 කින්ද වායු දූෂණය හේතුවෙන් අඩු වී ඇත.

ඉතින් ඒ සඳහා අප කළ යුත්තේ කුමක්ද?

පැරිසිය වැනි නගර මේ සඳහා දැනටමත් පරිසරහිතකාමී විසඳුම් හඳුන්වා දී ඇත.

එයින් ප්‍රධානතම විසඳුමක් වන්නේ පාපැදි භාවිතයට හුරු වෙමින් පොසිල ඉන්ධන දහනයෙන් ඈත් වීමයි.

පැරිසියේ සුලබ දසුනක් (The Local France)

මේ අතර ඉතාලියේ මිලාන් නගරය, වහාම ක්‍රියාත්මක වන පරිදි, ගස් මිලියන 3 ක් සිටුවීමේ මහා ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර ඇත.

ඉතාලියේ මිලාන් නගරයේ හරිත ව්‍යාපෘතිය. ඔවුහු දැන් මහල් නිවාසවල පවා තුරු වවති. (Good Net)

අසල්වැසි ඉන්දියාවත් වායු දූෂණයෙන් පීඩා විඳිද්දී ශ්‍රී ලංකාව වැනි, දේශගුණික විපර්යාස හා වායු දූෂණයෙන් පීඩා විඳීමට වැඩි ඉඩක් ඇති ලංකාව වැනි දූපත් රාජ්‍යයන් මෙවැනි පරිසරහිතකාමී, තිරසාර විසඳුම් ගැන සිතන්නේ කවදාද?

Share

Recent Posts

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

6 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

10 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

13 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

15 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

15 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

3 days ago