සියලුම කාන්තාවන්ට ආරක්ෂිත, නීත්‍යානුකූල ගබ්සා කිරීමට ඇති අයිතිය ඉන්දියාවේ ඉහළ අධිකරණය විසින් ඊයේ (29)දින නීත්‍යානුකූලව පිළිගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය පවසන්නේ අවිවාහක කාන්තාවන්ට ගැබ් ගෙන සති 24ක් ඇතුළත ගබ්සා කිරීමේ තේරීම ප්‍රතික්ෂප කළ නොහැකි බවයි.
ඉන්දියාවේ ඉහළ අධිකරණය විසින්නු මෙම තීරණය ලැබුවේ 25 හැවිරිදි කාන්තාවක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමකට ප්‍රතිචාරයක් වශයෙනි. ඇයගේ ගැබ් ගැනීම සම්මුති සම්බන්ධතාවයකින් සිදු වූ නමුත් එය අසාර්ථක වූ විට ඇය ගබ්සා කිරීමට උත්සාහ කර ඇත. ඒ අනුව ඇයට නීත්‍යානුකූලව ගබ්සා කිරීමට සෞඛ්‍ය ආරක්ෂිත අයිතියක් ඇති බව අධිකරණය විසින් තරවුරු කරන ලදි.
ප්‍රජනන යුක්තිය පිළිබඳ උනන්දුවක් දක්වන බෙංගාලෝර්හි ජාතික නීති විද්‍යාලයේ ශාස්ත්‍රාලිකයෙකු වන අපර්ණා චන්ද්‍රා පැවසුවේ ඉන්දීය ව්‍යවස්ථාව යටතේ කාන්තා අයිතිවාසිකම් ගැන අප සිතන ආකාරය කෙරෙහි මෙම තීන්දුව දුරදිග යන බලපෑමක් ඇති කරන බවයි.
පසුගිය ජුනි මාසයේදී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 50ක් පුරාවට ගබ්සා කිරීමට කාන්තාවට තිබූ අයිතිය Roe v Wade මඟින් අවලංගු කිරීමෙන් පසු ගෝලීය වශයෙන් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පුළුල් මතවාදයක් ඇති විය. මෙය ඉතා වැදගත් තීන්දුවක් වන්නේ අධිකරණය ඉදිරියේ ඇති නිශ්චිත ප්‍රශ්නයට නොව පුළුල් ලෙස කාන්තා අයිතිවාසිකම් සඳහා ය. ලොව පුරා සිටින කාන්තාවන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන යුගයක ඉන්දියාවේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන ඉහළ අධිකරණයේ ෙමම තීරණය ඉන්දීය කාන්තාව ලැබූ විශාල ජයග්‍රහණයක් වශයෙන් දක්වා ඇත.
සශිකලා මධුෂාණී_
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…