මෙම රොබෝව පැකින් සහ ඩිලිවරින් අංශයේ සේවයේ යොදවා ඇති රොබෝ යන්ත්‍රයකි.
සිද්ධිය හේතුවෙන් සේවකයන් 50 දෙනෙක් පමණ රෝගාතුර වී ඇති අතර, එයින් 24 දෙනෙක් රෝහල්ගත කිරීමට සිදුවිය. හුස්ම ගැනීමේ අපහසුතා, ඇස්වල හා උගුරේ දැවිල්ලෙන් මෙම සේවකයන් පීඩා විඳ තිබේ.
ඇමසන් සමාගම පවසන්නේ සිය සේවකයන්ගේ ආරක්ෂාව ප්රමුඛ ස්ථානයේ ලා සලකන හෙයින් සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් පවත්වන බවයි.
කෝටිපති ජෙෆ් බෙසොෆ්ට අයත් ඇමසන් සමාගම ලෝකයේ වැඩිම ලාභයක් උපයන සමාගම් කිහිපයෙන් එකකි. එසේ වුවත් එහි සේවකයන්ගේ ආරක්ෂාව සහ සේවා පරිසරයේ තත්වයන් පිළිබඳ පසුගිය සමයේ දැඩි විවේචන එල්ල වී තිබේ. සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් පවා මේ පිළිබඳ වරක් විවේචනය කර තිබේ.
මේ අතර ඇමසන් සමාගමේ සේවයේ යොදවා තිබෙන ස්වයංක්‍රීය රොබෝවන් විසින් එහි සේවකයන්ගේ ජීවිත අනතුරරේ හෙළා ඇති බව එම සමාගමේ Retail, Wholesale and Department Store Union වෘත්තීය සමිතිය කියා සිටියි.
Bear spray වර්ගයේ ඉසින දියර, 1980 දශකයේ පටන් ඇමරිකාවේ භාවිතා වන්නකි. එය සමන්විත වන්නේ මිරිස්වල අඩංගු කැප්සසින් රසායනිකයන්ගෙනි. රොබෝව විසින් මෙසේ මුදා හැර තිබෙන්නේ 9oz වෙළඳ නාමය සහිත බෙයා ස්ප්‍රේ වර්ගයකි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.